Thursday, December 29, 2011

නූල්......

ඊයෙ හවස තේ ‍බොන ගමන් අපි කස්ටිය මොනවද කියව කියවා ඉන්නකොට හදිස්සියේම මට නූල්ව මතක්උනා....


නූල් කියන්නේ ඉස්සර අපි එක්ක වැඩකරපු පොරක්. හැබැයි පොරව අදහන්න වටිනවා අර ලොක්කයියා වගේ..... හැබැයි මුගේ චරිත ලක්‍ෂණ ලොක්කයියට වඩා වෙනස්.


නූල් ගේ සම්පූර්ණ කාඩ් එක "හීන් නූල් මල්ලි".... ඒක කටට පහසු විදියට කෙටි කරලා තමයි "නූල්" කියන නම පාවිච්චියට ආවේ. කට්ටිය ඒ දවස්වල කීවේ නූල් පාරේ ඇවිදිනකොට පොලවෙත් අඩි තුන හතරක් යටට පේනවා කියලා...


සමහර විට ඒක ඇත්ත වෙන්න ඇති... මොකද අපි සාමාන්‍යයෙන් හවසක ස්ටෙලා වෙනකොට උපරිම කල්පනා කරන්නේ ඊට පහුවදා ‍ගැන විතරනේ. නූල එහෙම නෑ... ඌ කල්පනා කරනවා "මම අද බීවොත් ඊලඟ අවුරුද්දේ මේවගේ දවස් වෙද්දි මොනවා වෙයිද...." කියලා. එහෙම හිතලා අර සෙට් වෙන්න කතා කරපු එකාගෙන් ප්‍රශ්ණ පත්තරයක් අහනවා... ඇත්තටම ඒවට උත්තර දෙනවට වඩා සියදිවි නසාගන්න එක ලේසියි.


නූල් කා අතරෙත් ප්‍රසිද්ධ උනේ රුපියල් සීය බෙදපු කතාවෙන් පස්සේ...




ඔන්න දවසක් අපේ තව යාලුවෙක් (අපි කියමුකෝ මැණික්රාල මාමා නොහොත් මැණික් කියලා) පොඩි පෞද්ගලික වැඩ වගයක් කරගන්න කියලා Office එකෙන් එලියට ගියා.... ගියේ තනියට නූල්වත් එක්කරගෙන...


දැන් මැණික් වැඩ ටිකත් කරගෙන ආපහු එනවලු.... එද්දි තමන් එක්ක තනියට ගිය නූල්ට බොන්න මොනවහරි අරන් දෙන්න ඕනේ කියල හිතපු මැණික් පොරවත් එක්කරගෙන ලඟම තිබුන Highland කඩේකට ගියාලු...


දැන් දෙන්නා කිරි දෙකක් එහෙම බීලා ඉවරඋනහම මැණික් ගිහින් බිල ගෙවල ආවලු. දැන් දෙන්නම පාරට බැහැල Office එක පැත්තට එනව... ඒ අතරෙ මැණික් කඩෙන් ගත්ත ඉතුරු සල්ලි ගනන් කරලා කීවලු..  


"මචං නූල්.., මුදලාලිට ඉතුරු සල්ලි දෙනකොට වැරදිලා වැඩිපුර රුපියල් සීයක් දීලා..... දැන් මේක ආපහු දෙන්න ඕනෙ නෑනෙ... මේ සීය අද දවසේ ලාබෙ කියලා හිතාගෙන ඉම්මු..."


නූලත් ඉතින් ආ.. ඇත්තද මචං කියලා යනවලු... ටික දුරක් ගිහින් නූල් කියනවලු...


"මචං මැණික්.., හරිනම් අර රුපියල් සීයෙන්  භාගයක් මටත් අයිතියි........... "


  

3 comments:

  1. ඉතිං හරිනෙ . . . ලාබෙ ලැබුනෙ දෙන්නම කඩේට ගිය හින්ද නෙ . . .

    ReplyDelete
  2. මචං උඹත් නූල්ගේ නෑයෙක්ද??

    ReplyDelete
  3. The King Casino - Atlantic City, NJ | Jancasino
    Come on in the King Casino https://vannienailor4166blog.blogspot.com/ for septcasino fun, no https://jancasino.com/review/merit-casino/ wagering requirements, delicious dining, and herzamanindir.com/ enjoyable casino gaming all at https://octcasino.com/ the heart of Atlantic City.

    ReplyDelete