Friday, May 22, 2015

පිස්සු කතා.....

සෑහෙන කාලෙකින් මොනවත් ලියුවේ නැති හින්දමත්, 
පහුගිය කාලේ වැඩ නැතිවට වගේ අවුරුද්දට නෑයොන්ට දන්සල් දීලා වෙසක් එකට පන්සල් යන ඈයොන්ට දන්සල් දීලා... වැඩ වවාගෙන අනාගෙන පිස්සු හැදිලා ඉන්න හින්දමත්, 
මම හිතුවා පිස්සන් කොටුවේ කතා දෙකක් ලියලා දාන්න.....
මේ කතා දෙකම මට කීවේ පිස්සන් කොටුවේ ලොකු පිස්සා දොස්තර මහත්තයා තනතුරට මේ වතාවේ චන්දේ ඉල්ලන්න හිතාගෙන ඉන්න අපේ ලොක්කයියා


දවසක් පිස්සන් කොටුවේ ලොකු දොස්තර මහත්තයා හිතුවලු ප්‍රායෝගික ක්‍රියාකාරකමකින් එක එකාගේ පිස්සුවේ තත්වය හොයලා බලන්න. ඒ නිසා පොර ඔක්කෝටම කථා කරලා කීවලු
"ඔයාලා දැන් හොඳවෙලා ගෙදර ගිය දවසට කරන්න හිතාගෙන ඉන්න රස්සා‍ව කරලා පෙන්නන්න" කියලා...

දැන් මුන් එක එක දේවල් කරනවලු.... වාහන එලවනවලු, බඩු විකුණනවලු, එක විකාරයයි... ඒ අතරේ එකෙක් විතරක් ආතල් එකේ බංකුවක ඉඳගෙන පත්තරයක් බල බලා ඉන්වලු....

මේක දැක්ක දොස්තර මහත්තයා, මේ පොරගේ නම් ලෙඩ සෑහෙන්න අඩුවෙලා වගෙයි පේන්නේ ඒ නිසා ටිකක් කථා කරලා බලන්න ‍ඕනේ කියලා හිතලා, පොර ලඟට ගිහින් කතා කරාලු.....

එතකොටම පොර පත්තරේ පැත්තකින් තියලා "ආ.. නගින්න මහත්තයා.." කියලා කටින් ත්‍රීවීල් එක ස්ටාට් කරාලු... බලනකොට ඌ  ත්‍රීවීල් පිස්සෙක්.....

මේක කියන ගමන් අපේ ලොක්කයියා නම් කීවේ එයා ලෙ‍ඩේ හොඳ උනහම  අනාගතයේදී හිතාන ඉන්නේ කොහොම හරි කරලා ස.තො‍.ස. එකේ රස්සාවක් හොයා ගන්නලු... 
මොකද අර ගුත්තිල කාව්‍යයේ තියනවලුනෙ 
"සරා සළෙළු දන සතොසේ සුරා පාන කරන ලෙසේ" කියලා...



හරි දැන් දෙවනි කථාව...

පිස්සන් කොටුවේ ලොකු දොස්තර මහත්තයාට ටික දවසකට ලංකාවෙන් පිටට යන්න උනාලු... ඉතින් එයා ඔක්කොම පිස්සන්ට කතා කරලා කීවලු 
"මම ටික දවසකට රට යනවා. මම එනකන් අනිත් දොස්තර මහත්තුරුයි, නර්ස්ලයි කියන දේ අහලා දඟ නොකර හොඳින් ඉන්න ඕනේ. එහෙම ඉන්නවනම් මම එනකොට හැමෝටම තෑගි ගෙනත් දෙනවා" කියලා...

දැන් ඉතින් පිස්සෝ ඔක්ක‍ොම දොස්තර මහත්තයාව වට කරගෙන එයාලට ඕනෙ කරන තෑගි ගැන කියනවා... හැබැයි එකෙක් විතරක් සද්ද නැතිව පැත්තකට වෙලා කල්පනා කරනවා. 
අන්තිමේදි අනිත් එවුන් ඔක්ක‍ොම තෑගි ගැන කියලා ඉවර උනත් මූ මොනවත් නොකියපු නිසා දුක හිතුන දොස්තර මහත්තයා පොරගෙන් ඇහුවා මොනවද ඕනෙ තෑග්ග කියලා. පොර කීවේ 
"මට තවම හොඳ තෑග්ගක් ගැන මතක්වුනේ නෑ ඩොක්ට. මතක් වුන ගමන්ම ඇවිත් කියන්නම්" කියලා...

දැන් දොස්තර මහත්තයා රට යන දවසත් ආව. අරූට තවම තෑග්ගක් මතක්වෙලා කීවේ නෑ... අන්තිමේ දොස්තර මහත්තයා එලියට බැහැලා වාහනේට නගිනකොට මෙන්න මූ දුවගෙන එනවා...
"‍ඩොක්ට... ඩොක්ට... තෑග්ගක් මතක් වුනා.... පොඩ්ඩක් ඉන්නෝ...." කියාගෙන

දොස්තර මහත්තයාත් ඉතින් පව්නේ කියලා පොඩ්ඩක් නතරවෙලා ඇහුවා මොකක්ද ඕනෙ තෑග්ග කියලා.... එකකොට මූ කියනවා
"අනේ ඩොක්ට ඔයා එනකොට එහෙන් මට හොඳ පුකක් ගේන්න" කියලා (මෙය කුණුහරුපයක් නොවන බව බොහෝ දෙනෙක් පවසා ඇත)
දොස්තර මහත්තයාත් ටිකක් හිනාවෙලා ඇහුවලු 
"ඇයි දැන් තියන එක හොඳ නැතිද ?" කියලා

එතකොට පොර කියනවලු 
"අනේ ඒකෙ හිලක් තියනවා ඩොක්ට. ඉනිත් ඔයා මට හොඳ අළුත් එකක් ගෙනත් දෙන්න" කියලා....