Wednesday, August 8, 2012

කාලීන, දැවෙන ප්‍රශ්ණ...

අම්මෝ මාස දෙකකට විතර පස්සේ මේ පැත්තට ආවේ... පහුගිය ටිකේ ඔලුව උස්සන්න බැරි තරමට ප්‍රොජෙක්ට් වැඩ වල හිරවෙලා හිටියේ, යන්තං ඒක ඉවරයි. ඒත් අනේ ඉවරයි කියල කීවට ඉවරම නෑ.... තව ටිකක් විතර තියනවා....  

‍කොහොම හරි මේ දවස්වල තියෙන ප්‍රශ්ණ දෙකකට අදාලව උන සිද්ධි දෙකක් තියනවා කියන්න කියලා. 

මෙන්න පලවෙනි ප්‍රශ්ණය හෙවත් කාලීන ප්‍රශ්ණය.....



මේ දවස් වල හැමෝටම ඔලිම්පික් උණ නේ... අමහර අය ඒකට මරාගත්තේ නැති ටික විතරයි... නඩුත් යනවා. අනේ මන්දා, මට තේරෙන්නේ නැත්තේ ක්‍රීඩාවක් පෙන්නන අයිතියකට නඩු කියන එකේ තේරුම මොකක්ද කියලා.... මේ අය අපිට ක්‍රීඩා පෙන්නන්න මේ තරම් කැපවෙනවද... නැතිනම් ක්‍රීඩාවට හෙන ගැහුවත් කමක් නෑ කියලා, ලැබෙන සල්ලි වලට ආසාවෙන්ද.... දන්නෑ නේ.....

කොහොම උනත් කමක් නෑ... අපිටත් තියෙන්නේ මොකා මොකා මරාගත්තත් කමක් නෑ කියලා හොඳට පෙනෙන වැනල් එකක හිතේ හැටියට ඔලිම්පික් බලන එකයි... මොකද අතින් සල්ලි වියදම් වෙනවා කියලයැ....

මම ඊයෙ පෙරේදා දවසක අපේ ප්‍රෙන්තෙක්ගේ ගෙදර ගියා. යනකොට එහෙත් ඔලිම්පික් බලනවා. මමත් ඉතින් කතාකරන ගමන් ඔහෙ බලාගෙන හිටියා... හැබැයි ටීවී එකේ ඩොට් ගොඩයි... බලනකොට මුන්ගේ ඇන්ටෙනාව කඩා වැටිලා... 

බලාන ඉඳලා බැරිම තැන මම කීවා...

"මොකක්ද බං මේක... මෙහෙම ටීවී බලන්න පුළුවන්ද? ඔය කඩා වැටිලා තියෙන ඇන්ටෙනාව හොඳට හදාගනින්කෝ "

එතකොට අරූ කියනවා...

"ෂ්..... කෑගහන්න එපා යකෝ.. ඇන්ටෙනාව කඩාවැටුනේ ගිය සතියේ..." 
"ඒත් ටීවී එක දන්නේ නෑ ඇන්ටෙනාව කඩාවැටුනා කියලා... ඒකයි මේ තවම පේන්නේ... " 
"දැන් උඹ මෙතන කෑගහලා ටීවී එක දැනගත්තොත් එහෙම මේ ටිකවත් බලන්න වෙන්නෑ...."


ඒ කතාව එතනින් ඉවරයි... මෙන්න එහෙනම් දෙවෙනි ප්‍රශ්ණය හෙවත් දැවෙන ප්‍රශ්ණය.....



අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ මේ ගැන... කවුරුත් දන්නවනේ... දන්නෙ නැතිම නම් මේ දවස්වල ගරාජ් එකක හදන ඩීසල් වාහනේක අයිතිකාරයෙන්ගෙන් අහන්කෝ "මේ දවස් වල කොහොමද ඩීසල් එහෙම...?" කියලා... එතකොට අහගන්න පුලුවන්... 

මමත් එහෙම අහලා තමයි මේ පැහැදිලි කිරීම අහගත්තේ... කොටින්ම කීවොත් මේ පැහැදිලි කිරීම ඔය උඩ  තියන ලාංඡනේ ගැන...

මේ ලාංඡනේ කියවෙන විදියට වටේට සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් "ලංකා" කියලා ගහලා තියනවා. ඉන්න මිනිහගේ අතේ තියෙන්නේ පන්දමක්. අනිත් එක තමයි ඒකා ඉන්නේ හෙළුවෙන්... ඒ කියන්නේ ඌට ලැජ්ජා නෑ.....

එහෙම ගත්තහම ඒ ලාංඡනෙන් කියවෙන්නේ...

ලංකාවේ මොන ජාතියේ උනත් පන්දම් අල්ලන එකාට ලැජ්ජා නෑ කියන එකලු...