මෙහි පහත සඳහන් සිද්ධිය සිදුවන්නේ වෙනත් සමාන්තර විශ්වයක් තුල බව කරුණාවෙන් සලකන්න.
Meanwhile in a parallel universe............
ස්ථානය : පාර්ලිමේන්තුව ආසන්නයේ ඇති මාර්ගයක්
පරිසර ස්වභාවය :
මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතී.... එම වාහන තදබදය අතරේ ආධාර එකතු කරමින් ගමන්කරන කණ්ඩායමකි..... මේ අතර, වාහනයක රියදුරෙක් එම කණ්ඩායමේ තරුණයෙකු සමග සංවාදයක යෙදෙයි....
රියදුරා : මල්ලි... මොකද මේ වෙන්නේ...?
තරුණයා : පාර්ලිමේන්තුවට ත්‍රස්තවාදී කණ්ඩායමක් ඇතුල්වෙලා.... එයාලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඇමතිවරු හැම කෙනෙක්ම ප්‍රාණඇපයට අරගෙන
රියදුරා : අයියෝ... ඉතින්...?
තරුණයා : එයාලා ඩොලර් මිලියන 100ක වන්දියක් ඉල්ලනවා... දුන්නේ නැතිනම් ප්‍රාණඇපකරුවන්ට පෙට්‍රල් දාලා ගිනි තියනවලු...
රියදුරා : ඉතින්... දැන් ඔයාලා මොකද මේ කරන්නේ?
තරුණයා : අපි ආධාර එකතු කරනවා....
රියදුරා : එක්කෙනෙක්ගෙන් කොච්චර විතර ගන්නවද?
තරුණයා : එහෙම විශේෂත්වයක් නෑ... තමන්ට පුළුවන් විදියට කැමති ප්‍රමාණයකින් ආධාර කරන්න පුළුවන්.....
රියදුරා : එහෙම නෙමේ මල්ලි... දැන් එකතුවෙලා තියන ප්‍රමාණය අනුව එක්කෙනෙක් කොච්චර විතර දීලා තියනවද?
තරුණයා : දැන් එකතුවෙලා තියන ප්‍රමාණය අනුව නම්...... එක්කෙනෙක් පෙට්‍රල් ගැලුමක් විතර වෙන්න දීලා තියනවා...
ප.ලි.
අද උදේ ඉඳන් නැතිවෙන්න වහිනවා.... අපේ එවුන්ටත් මේ වගේ කතා මතක් වෙන්නේ වැස්සට මොළේ තෙමුනහම වෙන්න ඇති....
කොහොම හරි චන්දරේ අයියාගේ මේ කතාව අහලා කට්ටිය තවම හිනා වෙනවා..... මටත් මේ කතාව මීට කලින් කොහේදි හරි ඇහුවා වගේ මතක තිබුනට කොහේදිද කියලා හරියටම මතක නෑ....
කොහොම වුනත් මේ කතාවේ ඔරිජිනල් අයිතිකාරයෙන් ඉන්නවනම් සමාවෙන්න හොඳේ.......!
The වල
Friday, May 3, 2013
Thursday, April 18, 2013
Android......
අළුත් අවුරුද්දේ මම හිතුවා පුළුවන් විදියට හරි පොඩි පොඩි කතා ටිකක් ලියලා දාන්න. මොකද දිග කතා ලියන්න වෙලාවක් හොයාගන්න අමාරු හින්දා.....
මුලින්ම ලියන්නේ අපේ චූටි මල්ලි මේ අවුරුද්දේ කරපු නවතම සොයාගැනීමක් ගැන. මොකක්ද දන්නවද ....??? අළුතින්ම නිකුත්වෙන්න තියන Android Version එක...
දැන් Android OS ගැන නොදන්න කෙනෙක් හරි Android Phone එකක් පාවිච්චි නොකරපු කෙනෙක් හරි හොයාගන්න නැති වුනත්, මම දැනට තියන Android සංස්කරණ සහ ඒවාගේ කේත නාම (Code Names) ගැන පොඩි හැදින්වීමක් කරන්නම්....
මුල්ම සංස්කරණ දෙක වුනේ Android 1.0 සහ Android 1.1 තමයි.
මේ දෙකටම Code Names නැති වුනත් ඊලඟ Version එකේ ඉඳන් ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට Code Names ලැබුනා.... හැබැයි ඒවා හැම දෙයන්ම පැණිරස කෑමවල නම්....
ඒ වගේම මුල් Version දෙකට A සහ B අකුරු වෙන්කරලා C අකුරේ ඉඳන් තමයි Code Names පටන් ගත්තේ.... ඒ මේ විදියට
Android 1.5 - Cupcake
Android 1.6 - Donut
Android 2.0 - Eclair
Android 2.2 - Froyo.
Android 2.3 - Gingerbread
Android 3.0 - Honeycomb
Android 4.0 - Ice Cream Sandwich
Android 4.1 - Jelly Bean
මේ දෙකටම Code Names නැති වුනත් ඊලඟ Version එකේ ඉඳන් ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට Code Names ලැබුනා.... හැබැයි ඒවා හැම දෙයන්ම පැණිරස කෑමවල නම්....
ඒ වගේම මුල් Version දෙකට A සහ B අකුරු වෙන්කරලා C අකුරේ ඉඳන් තමයි Code Names පටන් ගත්තේ.... ඒ මේ විදියට
Android 1.5 - Cupcake
Android 1.6 - Donut
Android 2.0 - Eclair
Android 2.2 - Froyo.
Android 2.3 - Gingerbread
Android 3.0 - Honeycomb
Android 4.0 - Ice Cream Sandwich
Android 4.1 - Jelly Bean
.
.
.
.
.
.
.
.
.
.
.
මෙන්න දැන් අපේ චූටි මල්ලි සොයාගත් අළුත්ම Android Version එක.....
Android 5.0 - Konda kavum

Location:
Pahala Imbulgoda, Sri Lanka
Sunday, April 14, 2013
සුභ අලුත් අවුරුද්දක් වේවා........!
ඔබ සැමට සාමය සතුට සපිරි, සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා..................................
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Location:
Pahala Imbulgoda, Sri Lanka
Tuesday, April 2, 2013
එන්න ජීවිතය බෝ කරන්න.....
වැඩ ගොඩක් අස්සේ උනත් විනාඩියකට හරි ඇවිත් මේ පෝස්ට් එක දාලා යන්න හිතුනා......
අප අතරින් වියෝවූ අපේ සදාදරණිය ඔබා මාමා සිහිපත් කරලා අන්තිමේ පේලියේ අය සංවිධානය කරන ලේ දන් දීම අප්‍රේල් මාසේ 28 වැනිදා උදේ 9 ඉදන් හවස 3 වෙනකම් වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙදී පවත්වන්න කටයුතු සුදානම් කරනවා.
ඉතින් දන්න හැමෝගෙන්ම ඉල්ලන්නේ ඇවිත් ලේ බිඳක් දන් දෙන්න කියලයි, පුළුවන් නම් තවත් කීපදෙනක් එකතු කරගෙනම.......
මේක සාර්ථක කරගන්න හැමෝගෙම සහයෝගය උපරිමෙන් ලැබෙයි කියලා හිතනවා. ඒ වගේම දන්නා කියන හැමෝම දැනුවත් කරන්න
වැඩි විස්තර මෙතනින්
මෙතනයි තැන.......
Location:
Pahala Imbulgoda, Sri Lanka
Tuesday, January 1, 2013
Subscribe to:
Posts (Atom)

.jpg)






