Thursday, November 1, 2012

අළුත්ම මාර්ග නීති අත්පොත...

මම අන්තිමටම මේ පැත්තට ඇවිල්ලා මාසෙකටත් වැඩියි මගෙහිතේ... කොහෙද මේ වැඩ හින්දා ඇහෙන/දකින දෙයක්වත් කොටාගන්න වෙලාවක් නැති උනානේ. Blogger වල මකුලුවෝ, කැරපොත්තෝ, හූනෝ, ඩෙංගු මදුරුවෝ, නයි, මුගටි, ‍පොළොංගු, පිඹුරෝ, හාවෝ, මුවෝ. ගෝන්නු, අලි, කොටි, වලස්සු, Etc.... නැති හින්දා හොදයි... නැත්තං මට මෙතන ඉන්න ඉඩක් නැතිවෙනවා...

කොහොම හරි මෙන්න කතාව..... මේ අළුත්ම මාර්ග නීති සංග්‍රහය මට එව්වේ අපේ දිලා. "දිලා" කියන්නේ මාත් එක්ක පොඩිකාලෙ ඉඳන්ම එකට පන්තියේ හිටපු එකා... සිංහලෙන්ම කියනවනම් "කලාස් මේට්". උගෙයි මගෙයිත් හොඳ කතන්දර වගයක් තියනවා... ඒවා පස්සෙ දවසක කියන්නම්. දැන් මාර්ග නීති සංග්‍රහය....


.....ත්‍රීවීල් රථ රියදුරන් සඳහා විශේෂ මාර්ග නීති අත්පොත.....
(මෙය සෑමවිටම ඔබේ ෂර්ට් සාක්කුවේ තබාගන්න)

මතක තබාගන්න...

මේ පාර ඔබේය... එය ඔබේමය... ඔබේ විතරමය...

  1. ත්‍රීවීල් රථයක් පැදගෙන යාම සදහා රියදුරු බලපත්‍රයක් අත්‍යාවශය නොවේ.
  2. පාරේ සෑම විටම වමෙන් යා යුතු නැත.
  3. අත්‍යාවශයම කාරණයක් හැරුනුකොට අනෙක් සෑම විටම දකුණෙන් යන්න.
  4. මංතීරු 3ක් ඇති මාර්ග වල වඩාත් දකුණෙන් ඇති මන්තීරුවෙන් හෝ මැද මංතීරුවේ ගමන් ගන්න..
  5. මංතීරු 2ක් ඇති මාර්ග වල මංතීරු දෙක මැද්දෙන් (මංතීරු මැද ඇති කඩඉර කැපෙන ලෙස) ගමන් කරන්න.
  6. විනාඩි 3කට අවම වශයෙන් එක් වරක්වත් නලාව නාද කිරීම අනිවාර්ය වේ.
  7. රථවාහන තදබදය ඇති අවස්ථාවල මාර්ගයේ ඉඩ මදි නම් හෝ ඉඩ මදි වගේයැයි ඔබට හැඟෙනවානම් පදිකවේදිකාව උඩින් ගමන් කිරීමට ඔබට සම්පුර්ණ අයිතිය සහ බලතල ඇත. එහිදී යම්හෙයකින් පදිකයෙක්ගේ ඇඟේ වාහනය වැදී වාහනයට අලාබහානි සිදුවුවහොත් එම පදිකයාට බැනීමට ද ඔබට සම්පුර්ණ අයිතිය ඇත.
  8. කහ ඉර යනු හුදෙක් මහාමාර්ගය අලංකාර කරනු පිණිස නිර්මාණය කර ඇති දෙයකි. නමුත් දැන් කාලයේ පදිකයන් එයමතින් පාර මාරු වීමට පුරුදු වී සිටියද, ඔවුන් සඳහා ඔබගේ වාහනය නැවත්වීම අවශ්‍ය නොවේ.
  9. ඔබ හදිස්සියකදීවත් කහ ඉරක් මතින් මිනිසුන් පාර මාරු වෙන අවස්ථාවකට මුහුණදුනහොත් කෙසේ හෝ පදිකයන් අතරින් රිංගා එහා පැත්තට යා යුතුය.
  10. රථවාහන කලර් ලයිට්ස් (Colour lights) වලදී, මාර්ගය හරහා ඇති සුදු පැහැති ඉර පසු කර නවතන්න
  11. දැන් රතු එලිය වැටී තිබුනද, ඔබ දුර එන විට එම පුවරුවේ කොළ එලිය හෝ කහ එලිය වැටී තිබෙනවා දුටුවා නම් ඔබට ඉදිරියට යා හැක, ඔබ කොළ වැටෙනකම් නවතා සිටීමට අවශ්‍ය නැත.
  12. මංතීරු එකකට වඩා ඇති පාරක ඔබ ගමන් කරන , ඔබට වමට හැරවීමට අවශ්‍යම විටකදී අවශ්‍ය නම් ඔබ වඩාත් දකුණෙන් ඇති මංතීරුවෙන් පැමිණ වමට හැරවිය යුතුයි.
  13. එසේම දකුණට හරවනවානම් වඩාත් වමෙන් ඇති මංතීරුවෙන් පැමිණ හැරවිය යුතුයි.
  14. හැරවීමේදී සිග්නල් ලයිට් දැමීම අත්‍යාවශය නොවේ. එම පුරුද්ද ඔබට කැමති නම් පමණක් කුඩා විනෝදාංශයක් ලෙස කරගෙන යාහැක.
  15. ඔබගේ වාහනය පාර මැදදී කැඩුනොත් ඔබට එය අලුත්වැඩියා කිරීම පාර මැදදීම කරගෙන යා හැක. එය පාරෙන් අයිනට කිරීම සිදු නොකළ යුත්තකි.
  16. පාරේ කොතරම් මාර්ග තදබදයක් තිබුනද යම් හෙයකින් ඉන්ධන ඉවර වී හෝ වෙන යම් හේතුවක් මත රථය නතර වුවහොත් පාර මැදම ඔබට ඉන්ධන පිරවීම සිදු කල හැක.
  17. ලතින් භාෂාවෙන් වන් වේ (one way)යන්නෙහි තේරුම දෙපැත්තටම වාහන ගමන් කල හැකි යන්නයි. එම නිසා එයද සාමාන්‍ය පාරක් ලෙස සිතාගෙන කටයුතු කල හැක. යම් හෙයකින් කවුරුන් හෝ පාරේ රෝන්ග් සයිඩ් (wrong side) යනවා යැයි බැන වැදුනහොත් පෙරලා අනෙක් පැත්තට බැන වැදීමට ඔබට සම්පුර්ණ අයිතිය ඇත.
  18. ඔබගේ ත්‍රීවීල් රථය මෝටර්සයිකලයකට වඩා අගල් 5ක් පමණ පළලින් කුඩා වේ. එම නිසා විශේෂයෙන් මාර්ග තදබදයකදී එහෙන් මෙහෙන් සෑම තැනකින්ම අස්සෙන් රිංගා ඉදිරියට යාමට කටයුතු කරන්න.

  • නැවතත් හොදින් මතක තබාගන්න... මේ පාර ඔබේය... ඔබේම නිවස වැනිය... එහි ඔබට කැමති කැමති ලෙස වාහනය හැසිරවිය හැක...


ප.ලි.

මේ අත්පොත ලියපු කෙනා කවුද කියලනම් මට හොයාගන්න බැරි උනා. ඒත් මේකේ අයිතිකාරයා කවුරු උනත් හොඳ වැඩකාරයෙක් කියලනම් හිතාගන්න පුළුවන්.... කොහොම හරි මේකේ ඇත්තම අයිතිකරුට මගේ ප්‍රණාමය...

Monday, September 10, 2012

මරණය....

අද අපේ පොඩි මල්ලි අමුතු කතාවක් Facebook වල Share කරලා තිබුනා... හැබැයි ඒ කතාව අමුතු උනාට මට නම් තේරෙන විදියට 100% ඇත්ත... කොටින්ම කීවොත් අපේ හැසිරීමත් මේකම තමයි..... 

හරි දැන් අපි ඉස්සල්ලාම ඒ කතාව බලමු.... ඒක කොපි කරේ මෙතනින්



කොහොම උනත් මට මේක කියවනකොට තවත් එකක් මතක් උනා. ඒ ඉරිදා දිවයින පත්තරයට ඉන්ද්‍රජිත් සුබසිංහ මහත්මයා ඉදිරිපත් කරන ‘මහ රහතුන් වැඩි මග ඔස්සේ‘ කියන ලිපිපෙල. 

මම මෙතනදි ‘ඉදිරිපත් කරන‘ කියන වචනය පාවිච්චි කලේ ‍හේතුවක් ඇතිව... මේ ලිපි එකක් හරි කියවලා තියන කෙනෙක් නම් ඒ හේතුව දන්නවා. නොදන්න අය කියවලම බලන්නකෝ....


මේ ලිපි පෙලේ කොටසක් දැනටමත් පොතක් විදියට දිවයින මගින්ම නිකුත්කරලා තියනවා. ඉතිරි කොටසුත් ලඟදීම නිකුත් කරනවා කියලයි එයාලා කියලා තිබුනේ... පොඩ්ඩක් ලඟ තියන පොත් කඩයකින් අහලා බලන්න. ඇත්තටම කියවලා බලන්න නෙමේ කියවලා පිළිපදින්න වටින පොතක්.

මට අර මරණය ගැන තියන කතාව කියවනකොට ඇත්තටම මතක් උනේ ඒ ලිපි පෙලේ පළවුන මෙන්න මේ ලිපිය... වෙලාව තියනවනම් කියවලා බලන්න නැතිනම් මේ ලින්ක් එකෙන් ගිහින් පස්සේ වෙලාවක කියවන්න....

උපුටා ගැනීම - 2012 ජුනි 03 ඉරිදා දිවයින

ලිපිය - මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.....("අතහැරීම 2" අවසාන කොටස)

---------------------------------------------------------------------------------
මියගිය ඥාතියාට ඔබ සැබැවින්ම හිතවත්ද?
එහෙමනම් කියවන්න...



පවුලේ සාමාජිකයෙක්‌ මිය ගියාහම සත්දවසේ, තුන්මාසේ, අවුරුද්දේ මේ ආදී වශයෙන් ධර්ම දේශනා සාංඝික දානමය පිංකම් සිදුකිරීම සමාජයේ පවතින චාරිත්‍රයක්‌. වර්තමානයේ මෙම චාරිත්‍රයේ ගුණාත්මක බව පිරිහීම මෙලොව පරලොව සැමදෙනාගේම අවාසනාවක්‌. අප හිතමු ගෙදර ස්‌වාමි පුරුෂයා මැරිල ගිහින් ප්‍රේතයෙක්‌ වෙලා ඉපදුනාය කියලා. ඇයි ඔහු ප්‍රේතයෙක්‌ වෙලා ඉපදුනේ. මැරෙන මොහොතේ ඔහුගේ බිරිඳ දරුවන් ගේදොර ඉඩකඩම් කෙරෙහි තණ්‌හාව ඇතිවුණ නිසයි ඊට ආශාවෙන් කැමැත්තෙන් ගෙදරට ප්‍රේතයෙක්‌ ලෙස උපාදානය ලැබුවා. හැබයි ඔහු ජීවත්ව සිටියදී කුසල් දහම්ද වැඩූ අයෙක්‌. ඒත් මියයන මොහොතේ එම පිංකමක්‌ සිහිකළා නම්, සිහිවුණා නම් නියත වශයෙන්ම ඔහුට සුගතිගාමී ජීවිතයක්‌ ලබන්න තිබුණා. ඔහුට බිරිඳ, දරුවන්, ගේදොර කෙරෙහි ඇති වූ උපාදානය නිසා බැඳීම් නිසා කුසල් සිත් යටපත්ව තණ්‌හාවෙන් තෙත්වුණ සිතක්‌ සකස්‌ වුණ නිසා තමා කැමති වූ, ආශා කළ පරිදිම බිරිඳ දරුවන් සිටින නිවසේම ප්‍රේතයෙක්‌ ලෙස ප්‍රතිසංධිය ලැබුවා. ඔහු කැමති වූ ස්‌වභාවය ඔහුට ලැබුණා. ඔබ හිතනවා ද මේ ප්‍රේත ජීවිතය ඔහුට දුකක්‌ කියලා. නැහැ. ඔහුට දුකක්‌ නැහැ. ඔහු සැපයක්‌ කියලාමයි මේ ප්‍රේත ජීවිතය විඳින්නේ. ඔහු කැමති වූ ප්‍රාර්ථනා කළ දෙයයි ඔහුට ලැබුණේ. ඔහුට අවශ්‍ය නම් ඔහු පුහුණුකොට තිබුණා නම් ඔහු කළ කුසල කර්මයක්‌ සිහියට නගාගෙන මෙනෙහි කොට සුගතියක්‌ ලබන්න අවස්‌ථාව තිබුණා. නමුත් ඔහු කැමති තැන ඔහුට ලැබුණා.

දැන් ගෙදර ප්‍රේතයෙක්‌ වෙලා ඉන්න ස්‌වාමි පුරුෂයාට පිං දෙන්න සත්දවසේ හෝ තුන්මාසේ පිංකම කරනවා. නමුත් ඥාතීන් කිසිවෙක්‌ දන්නෙ නැහැ මළගිය තැනැත්තා කොහේ ඉපදුනාද කියලා. නමුත් ඔහු ඉපදිලා ඉන්නෙ ගෙදරමයි. දැන් ගෙදර ධර්ම දේශනා පිංකමට සූදානම්. පිංකමට මහා පිරිසකට ආරාධනා කරලා. ගෙදර ඇතුලෙ, වත්තෙ පිටියෙ හැම තැනම ඥාතීන්, හිතවතුන්. මේ අයට සංග්‍රහ කරන්න මුළුතැන්ගෙයි කෑම බීම හැදෙනවා, කට්‌ලට්‌ බදිනවා, මාළු මස්‌ උයනවා. කෑම මේසය පිළිවෙල වෙනවා. සමහරු කාඩ් සෙල්ලමේ, තවත් සමහරු ආගිය තොරතුරු කථා කරනවා. තව සමහරුන්ගේ දුරකථන නාද වෙනවා. පුංචි දරුවො හඬනවා. දැන් ස්‌වාමින් වහන්සේ වැඩම කරල ධර්ම දේශනය පවත්වනවා. ගෙදර මුළුතැන්ගෙයි, කාමරවල, වත්තෙ පිටියේ කලබල. දැන් ඔබ හොඳින් හිතන්න. පිංදෙන්න බලාපොරොත්තු වෙන ප්‍රේතයා ගෙදරම සිටිනවා. ඉහත ස්‌වභාවයෙන් ඔබ පිංකම් කළොත් මේ ප්‍රේතයා බණ දවසෙ සවස පටන්ම දැඩිලෙස කලබලවෙලයි, ගැටෙන සිතෙනුයි සිටින්නෙ. මගේ ගෙදරට මිනිස්‌සු එනවා. මගේ බිරිඳ සමග මිනිස්‌සු කතා කරනවා, හිනහෙනවා. මගේ වත්තේ මිනිස්‌සු. ගෙදර කාමරවල මිනිස්‌සු. මගේ බිරිඳ මට අහිමිවෙයිද? කවුරුහරි උදුරාගනීද? මගේ බිරිඳ මේ මොකද කරන්නේ. මම මහන්සිවෙලා හරිහම්බ කළ මුදල් වියදම් කරනවා, මිනිස්‌සුන්ට කන්න දෙනවා. මෙහෙම සිතමින් තන්හාවෙන් චංචල ස්‌වභාවයෙන් ගේ පුරා දුවනවා. ඇවිත් ඉන්න මිනිස්‌සු සල්ලි, රන්රිදී ගනිවී කියල එයා අල්මාරිය මුරකරනවා. මිනිස්‌සු ගෙනා තෑගි පාර්සල් මුරකරනවා. එයා මහා බියකින් පසුවෙන්නෙ. තමාගේ යෑයි උපාදානය කොට ගත් දෙය අනුන් පරිහරණය කරනකොට එයාට ධර්මදේශනයට සවන්දීල පිංගන්න සිතක්‌, චිත්ත විවේකයක්‌ නැහැ. ප්‍රේතයා තන්හාවෙන් බියෙන් අන්ධවෙලයි මේ මොහොත ගත කරන්නේ. ධර්ම දේශනය ස්‌වාමින්වහන්සේ හමාර කරල පිංදුන්නත් ප්‍රේතයා ඒ වගක්‌වත් දන්නෙ නැහැ. ඔහු ප්‍රේත ස්‌වභාවයෙන් තමා උපාදානය කරගත් දෙය රැකගැනීම උදෙසායි මුළු කාලයම වැය කළේ. ඔහු තුළින් තවතවත් අකුසල් රැස්‌කර ගැනීමක්‌ පමණමයි සිදු වුණේ.

ඔබ මෙහෙම සිතන්න. ඔබේ ගෙදර සාදයක්‌ තිබෙනවා. කෑම මේසය ආහාරවලින් පිරිලා. ඔබේ ගෙදර සිටින කුඩා දරුවා මෙවැනි අවස්‌ථාවක මොකද කරන්නේ. සමවයසේ දරුවන් සමග සෙල්ලම් කරනවා, හැමෝම අතේ සුරතල් වෙනවා. එයා ආහාර ගැන සිතන්නේ නැහැ. මෙහෙම දඟලලා ආහාර නොගෙනෙම නිදාගන්නවා. රසවත් කෑම මේසයක්‌ තිබුණත් දරුවා නිදාගන්නෙ බඩගින්නේ. ඔබ උපායශීලී නොවුනහොත්, ප්‍රේත ආත්මයක්‌ ලැබූ පිං ගන්න පුළුවන් අයෙකුටත් අර දරුවා කෑම නොගෙන බඩගින්නේ නිදාගන්නා පරිද්දෙන්ම පිං ගැනීම අහිමිවෙනවා. මෙහිදී ඔබ දක්‌ෂ වෙන්න ඕනේ ප්‍රේතයාගේ සිත කලබල නොවන නොගැටෙන ස්‌වභාවයක්‌ පරිසරය තුළ නිර්මාණය කරන්න. සාදයක්‌ කියන්නෙ එකක්‌. පිංකමක්‌ කියන්නෙ තව එකක්‌. මේ දෙකේ අරමුණු දෙකක්‌ තිබෙන්නේ. සාදයකින් වැඩෙන්නෙ කාමය. පිංකමකින් වැඩෙන්නෙ කුසලයක්‌. වර්තමානයේ ධර්මදේශනයයි පාටියයි දෙකම එකටයි ගන්නේ. ධර්මශ්‍රවණය කරන පිංවතුන්ට ධර්මය ඇසෙන්නෙත් ආහාරවල සංඥාව සමගමයි. මේ දෙක ඔබ පටලවා ගන්න එපා. පිංකමක්‌ සිදුකිරීමට අවශ්‍යනම් සද්ධර්මයට ගරුකරන අවශ්‍යම පිංවත් ඥාතීන්, හිතවතුන් කිහිපදෙනාට පමණක්‌ ආරාධනා කරන්න. වත්ත පිරෙන්න නොවේ. ගෙදර සාලය පිරෙන්න. ඥාතීන්ට සංග්‍රහ කිරීමට අවශ්‍ය ආහාරපාන සවස හය වෙනකොට සූදානම්කොට අවසන් කරන්න. කුසල් වැඩෙන සංඥාවන් මිස, අනිත්‍ය ධර්මයන් වැඩෙන සංඥාවන් මිස කාම සංඥාවලින් ඔබ මිදෙන්න. නිවස වත්ත හොඳින් පිරිසිදු කොට සම්බුදු පහන දල්වා, මල්, සුවදඳුම් අල්වා නිවස වත්ත පිටිය බුදුමැදුරක්‌ කරගන්න. ස්‌වාමීන් වහන්සේගේ දෙපා දෝවනය කිරීමට ගොක්‌ අත්තක්‌ වියාගන්න. ගොක්‌ අත්තක්‌ භාවිතාකොට පහන් පැලක්‌ සාදා නැවුම් පහනක්‌ දල්වන්න. සුවඳ දුම් අල්ලන්න. මේ පහන් ආලෝකය මේ ඝන අන්දකාරය දුරුවී ආලෝකය පතුරුවන්නාසේ මගේ ඥාතීන් පිං මදව අඳුරේ සිටීනම් මේ පහන් ආලෝකය සේ පිනෙන් ආලෝකමවත් වේවා කියල ප්‍රාර්ථනා කරන්න. මේ ආලෝකය යම් සේ අනිත්‍යභාවයට පත්වේද මෙලෙසින්ම මගේ මිය ගිය ඥාතීන්ට ද අනිත්‍ය සංඥාවක්‌ දැනේවා කියල ඔබ අනිත්‍ය වඩන්න. ඔබ සිතන්න යන්න එපා ගොක්‌ අත්තක්‌ කපනවා කියන්නේ පොල්වල්ලක්‌ විනාශ කිරීමක්‌ කියල. සමහරු එහෙම හිතලා මේ වටිනා සිරිත් සමාජයෙන් අහිමි කරනවා. පොල්වල්ලක්‌ අපිට මිල කරන්න පුළුවන් රුපියල් පන්සියයක්‌ කියලා. එහෙත් සමාජයට එකතුව තිබූ වටිනා සිරිත් මිල කරන්න බැහැ. අපි අදක්‌ෂවෙලා තිබෙනවා වර්තමානයේ රුපියල් පන්සියයකට වටිනා ගුණධර්ම මිල කරන්න. ගොක්‌ අත්තක්‌ තුළ පිවිතුරු බව, නැවුම් බව, සෞභාග්‍යය විතරක්‌ නෙමෙයි විශේෂයෙන්ම අද අපේ ගෙදර පිංකමක්‌ තිබෙනවාය කියන සංඥාව තිබෙනවා. මේවායෙන් අපේ සිත්ද ඥාතියාගේ සිත්ද නිසල වෙනවා. සමාධිමත් වෙනවා. ඔබ ගොක්‌ අත්තක්‌ කෙරෙහි පොල්වල්ලක්‌ය යන සංඥාව ඇති කරගත්තොත්, ලෝභ සිතක්‌ ඇති කරගත්තොත් එවැනි සිතකින් අනුන්ට දෙන්න පිනක්‌ රැස්‌වෙයිද කියලා හිතන්න බෑ. යමෙක්‌ තුළ ගොක්‌ අත්තක්‌, පොල්වල්ලක්‌, පොල් ගසක්‌ පමණක්‌ නොව පොල් වත්තම මගේ කොට ගැනීම නිසා ඒවා තුළ නිත්‍යවූ වටිනාකමක්‌ ඇතැයි දැකීම නිසා පොල්වත්තේම ප්‍රේතයෙක්‌ව ඉපදීම ලෝක ස්‌වභාවයම පවතිනවා.

ඉහත ආකාරයට ඔබේ නිවස වත්ත පිටිය ආගමික පරිසරයක්‌, චිත්ත සමාධිය වැඩෙන පරිසරයක්‌ ලෙස සකස්‌කොට ගෙන ඥාතියාට පිංදීමට ඔබ උපක්‍රමශීලී විය යුතුය. ගෙදර බාහිර ක්‍රියාකාරකම් අවම වන තරමට ඥාති ප්‍රේතයාගේ සිත පිංකම කෙරෙහි රඳවා තබාගත හැකිය. එසේ නොවුනහොත් කෑම මේසයක්‌ ගෙදරක තිබියදී කුසගින්නේ නිදාගත් දරුවා සේ පිංකම සිදුකළද ඥාතියා පිංනොගෙනම පිංකම අහවරවනු ඇත. එහෙයින් ඥාතියාගේ සිත ඇලෙන ගැටෙන ස්‌වභායෙන් තොරව පිං ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කොට ඥාති ප්‍රේතයාට ඔබ පරලොවින් උපකාර කරන්න.

වර්තමාන සමාජයේ අපි උත්සහ ගන්නේ ජීවත්ව සිටින විට සතර අපායෙන් මිදීමට අවශ්‍ය කුසල් දහම් වැඩීම නොව, අනුන්ගේ පිං අවශ්‍ය නොවන සුගතියක ඉපදීමට පුහුණු වීම නොව, මියගිය පසු අනුන්ගේ පිනෙන් යෑපෙන අවාසනාවන්තයෙක්‌ වශයෙන් ජීවත්වීමටය, මිය යැමටය. සමහරු මිය යන්නේ හත්දවසේ තුන්මාසේ පිංකම්වලට මුදල් වෙන්කොට තබාය. මෙසේ පිංවත් ඔබ ජීවත්ව සිටියදීම මගේ ඥාතියා මරණයෙන් මතු මාව අසරණ කරාවී යන සංඥාව ඇති කරගෙන හමාරය. වර්තමානයේ ඔබ තුළ "මිය ගිය පසු මගේ ඥාතියා මට පිංදෙයි, ඥාතීන්ගෙන් පිං ගනිමි" වැනි සංඥා තිබෙනවානම් ඒවායින් වාහාම ඉවත් වන්න, මිදෙන්න. එම සංඥා තුළින් ඉවත් වීම යනු ප්‍රේත ලෝකයෙන් ඔබ යම් ප්‍රමාණයට මිදුනා වන්නේය. සෑම මොහොතකම ඔබ ඔබ කෙරෙහි, ඔබ කරන ලද පිංකම් කෙරෙහි විශ්වාසය තබන්න. තමා රැකි ශීලයන් කෙරෙහි විශ්වාසය තබන්න. මේ උත්තම ධර්ම මාර්ගය ඔබට විවර කළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, ධර්මරත්නය, සංඝරත්නය කෙරෙහි විශ්වාසය තබන්න, සිහිකරන්න, මෙනෙහි කරන්න. ඉනුත් ඔබ්බට ගොස්‌ මේ සියල්ල කෙරෙහි අනිත්‍ය සංඥාව පුරුදු කිරීමට ඔබ උත්සහවන්ත වන්න. අනුන්ගෙන් නොයෑපෙන, සතර අපායෙන් මිදුන, ධර්මයේ ආලෝකයේ හිමිකරුවෙක්‌ ලෙස මේ උතුම් මනුෂ්‍ය ජීවිතයෙන් ඔබ අධිෂ්ඨානය ඇති කරගන්න.
---------------------------------------------------------------------------------

Friday, September 7, 2012

ඇම්ඩා....

අද උදේ ඉඳන්ම කුණුවෙන්න වහිනවා. අපි කට්ටියම ඔෆිස් ආවෙත් හොඳ ගානට නාගෙන. ඒ ආවත් වැඩකෙරිල්ල පැත්තක තියලා තෙමිච්ච ඇදුම් වේලගන්න එක තමයි කරේ. නැතිනම් අර AC අස්සේ තෙත ඇදුම් ඇඳගෙන වැඩකරන්නේ කොහොමද අප්පා....

ඔන්න ඔහොම ඇඳුම් වේලන අතරේ තමයි අපේ චන්දරේ අයියා මේ ඇම්ඩගේ කතාව අපිට කීවේ.....


ඔන්න මේ ඇම්ඩ පොඩි කාලෙලු.... ඒ කියන්නේ අවුරුදු හතරක් පහක් විතර වගේ.... ඒත් ඒ කාලෙත් මුගේ වැඩනම් පොඩි නෑ කියලා කවුරුත් දන්නවනේ....

කොහොම හරි ඇම්ඩා මේ කාලෙ නිදාගන්නේ තාත්තා එක්කලු. ඒත් අම්මයි තාත්තයි ඉන්න කාමරේ ඇම්ඩටත් නිදාගන්න ඉඩ මදි හින්දා කරන්නේ අම්මා විතරක් ඒ කාමරේ නිදාගනිද්දි තාත්තා ඇම්ඩත් එක්ක අනිත් කාමරේ නිදාගන්න එකලු...

දැන් ඉතින් හැමදාම මේක කරන්න පුළුවන් වැඩක්යැ... අනික ඇම්ඩගේ අම්මටයි තාත්තටයි පෞද්ගලික රහසිගත වැඩ නැතුවයැ කරගන්න.... ඒනිසා අම්මයි තාත්තයි පොඩි වැඩපිළිවෙලක් හැදුවා. රෑට අවශ්‍යතාවය ඇතිඋන කෙනා පොඩ්ඩක් උගුර පාදනවා "හ්ම්...." කියලා. අනිත් කෙනත් එකඟනම් එයත් උගුර පාදලා පොඩි සිග්නල් එකක් දෙනවා... ඊට පස්සේ ඉතින් ඒ ඒ දේවල් ඒ ඒ විදියට කෙරෙනවා.

දැන් ඉතින් මේ අද වගේ වැස්සක් වහින සීතල රෑක ඇම්ඩගේ අම්මා  පොඩි සිග්නල් එකක් දුන්නලු "හ්ම්..." කියලා. තාත්තත් ඉතින් ඇම්ඩා නිදිද කියලා එහෙම බලලා, සිග්නල් එකටත් රිප්ලයි කරලා යන්න ලෑස්ති වෙනකොටම ඇම්ඩා ඇහැරලා අඬන්න ගත්තා....

"තාත්තෙ... තාත්තෙ... මාව දාල කොහෙද යන්නෙ..." කියලා ඇම්ඩා අඬනකොට, "ආ පුතේ මම මේ පොඩ්ඩක් එලියට යන්න හැදුවේ..." කියලා තාත්තා ආයෙත් ඇම්ඩා ලඟින් නිදාගත්තා...

ආයෙ ටිකක් ඇම්ඩට නින්ද යනකන් හිටපු තාත්තා හෙමින් සැරේ අනිත් කාමරේට යන්න කියලා දොර ලඟට යනකොටම ඇම්ඩා ඇහැරලා "තාත්තේ..." කියලා කෑගහනවා....  තාත්තා ආයෙත් ඇම්ඩා ලඟට එනවා...

මෙහෙම තුන් හතර පාරක්ම උනා... තාත්තගේ දැන් මල අතේ... 

අන්තිම සැරේ තාත්තා මේ පාරනම් යනවමයි කියලා හිතාන කොහොමහරි ඇම්ඩට හොරෙන් ගිහින් වැඩේට එන්ටර් වෙනකොටම අ‍රහෙන් ඇහෙනවා ඇම්ඩා කෑගහනවා.....

හොඳටම මල පැනලා හිටපු තාත්තත් කෑගහලා කීවා "කෑගහන්නේ නැතිව හිටපිය යකෝ..... මම තොගේ අ$$$$$ හු$$$$$ එනකන්" කියලා....

මේක ඇහිච්ච ඇම්ඩා කියනවා "අයියෝ තාත්තේ.... ඕක මට මුලින්ම කීවනම් හරිනේ.... එහෙනම් වැඩ ඉවර වෙලා මේ වෙනකොට අපි ආයෙ හොඳට නිදිනේ" කියලා.....


Wednesday, August 8, 2012

කාලීන, දැවෙන ප්‍රශ්ණ...

අම්මෝ මාස දෙකකට විතර පස්සේ මේ පැත්තට ආවේ... පහුගිය ටිකේ ඔලුව උස්සන්න බැරි තරමට ප්‍රොජෙක්ට් වැඩ වල හිරවෙලා හිටියේ, යන්තං ඒක ඉවරයි. ඒත් අනේ ඉවරයි කියල කීවට ඉවරම නෑ.... තව ටිකක් විතර තියනවා....  

‍කොහොම හරි මේ දවස්වල තියෙන ප්‍රශ්ණ දෙකකට අදාලව උන සිද්ධි දෙකක් තියනවා කියන්න කියලා. 

මෙන්න පලවෙනි ප්‍රශ්ණය හෙවත් කාලීන ප්‍රශ්ණය.....



මේ දවස් වල හැමෝටම ඔලිම්පික් උණ නේ... අමහර අය ඒකට මරාගත්තේ නැති ටික විතරයි... නඩුත් යනවා. අනේ මන්දා, මට තේරෙන්නේ නැත්තේ ක්‍රීඩාවක් පෙන්නන අයිතියකට නඩු කියන එකේ තේරුම මොකක්ද කියලා.... මේ අය අපිට ක්‍රීඩා පෙන්නන්න මේ තරම් කැපවෙනවද... නැතිනම් ක්‍රීඩාවට හෙන ගැහුවත් කමක් නෑ කියලා, ලැබෙන සල්ලි වලට ආසාවෙන්ද.... දන්නෑ නේ.....

කොහොම උනත් කමක් නෑ... අපිටත් තියෙන්නේ මොකා මොකා මරාගත්තත් කමක් නෑ කියලා හොඳට පෙනෙන වැනල් එකක හිතේ හැටියට ඔලිම්පික් බලන එකයි... මොකද අතින් සල්ලි වියදම් වෙනවා කියලයැ....

මම ඊයෙ පෙරේදා දවසක අපේ ප්‍රෙන්තෙක්ගේ ගෙදර ගියා. යනකොට එහෙත් ඔලිම්පික් බලනවා. මමත් ඉතින් කතාකරන ගමන් ඔහෙ බලාගෙන හිටියා... හැබැයි ටීවී එකේ ඩොට් ගොඩයි... බලනකොට මුන්ගේ ඇන්ටෙනාව කඩා වැටිලා... 

බලාන ඉඳලා බැරිම තැන මම කීවා...

"මොකක්ද බං මේක... මෙහෙම ටීවී බලන්න පුළුවන්ද? ඔය කඩා වැටිලා තියෙන ඇන්ටෙනාව හොඳට හදාගනින්කෝ "

එතකොට අරූ කියනවා...

"ෂ්..... කෑගහන්න එපා යකෝ.. ඇන්ටෙනාව කඩාවැටුනේ ගිය සතියේ..." 
"ඒත් ටීවී එක දන්නේ නෑ ඇන්ටෙනාව කඩාවැටුනා කියලා... ඒකයි මේ තවම පේන්නේ... " 
"දැන් උඹ මෙතන කෑගහලා ටීවී එක දැනගත්තොත් එහෙම මේ ටිකවත් බලන්න වෙන්නෑ...."


ඒ කතාව එතනින් ඉවරයි... මෙන්න එහෙනම් දෙවෙනි ප්‍රශ්ණය හෙවත් දැවෙන ප්‍රශ්ණය.....



අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ මේ ගැන... කවුරුත් දන්නවනේ... දන්නෙ නැතිම නම් මේ දවස්වල ගරාජ් එකක හදන ඩීසල් වාහනේක අයිතිකාරයෙන්ගෙන් අහන්කෝ "මේ දවස් වල කොහොමද ඩීසල් එහෙම...?" කියලා... එතකොට අහගන්න පුලුවන්... 

මමත් එහෙම අහලා තමයි මේ පැහැදිලි කිරීම අහගත්තේ... කොටින්ම කීවොත් මේ පැහැදිලි කිරීම ඔය උඩ  තියන ලාංඡනේ ගැන...

මේ ලාංඡනේ කියවෙන විදියට වටේට සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් "ලංකා" කියලා ගහලා තියනවා. ඉන්න මිනිහගේ අතේ තියෙන්නේ පන්දමක්. අනිත් එක තමයි ඒකා ඉන්නේ හෙළුවෙන්... ඒ කියන්නේ ඌට ලැජ්ජා නෑ.....

එහෙම ගත්තහම ඒ ලාංඡනෙන් කියවෙන්නේ...

ලංකාවේ මොන ජාතියේ උනත් පන්දම් අල්ලන එකාට ලැජ්ජා නෑ කියන එකලු...

Wednesday, June 13, 2012

Bon Appétit...!

අද මහින්දගේ ආගිය කතා ගැන දුමී මතක් කරලා තිබුනහම තමයි මටත් මේ කතාව මතක් උනේ...


උඩ තියන වචනේ ගැන කීවොත් ඒක French වචනයක්... අර අපි බොනකොට (නෙක්ටො හො‍ඳේ...) චියර්ස් කියනවා වගේ ප්‍රංශ කාරයෝ කෑම කන්න පටන් ගන්නකොට එකිනෙකාට විෂ් කරනවා Bon Appétit කියලා...


මේ වචනේ උච්චාරනය කරනකොට එන්නේ "බොන් ඇපටී" වගේ ශබ්දයක්. ඒකේ තේරුම ආහාරය හොඳින් රසවිඳින්න ලැබේවා වගේ දෙයක්. එහෙමත් නැතිනම් ඉංග්‍රීසියෙන් ගත්තොත් "Have a Good Appetite" කියන එක තමයි.


මහින්දගේ ආගිය කතාවල මේ කතාවෙන් මඩ ගහලා තිබුනේ සංඛ අමරජිත් කියලා කෙනෙකුට... 


එහෙනම් මේකයි කතාව...


ටික කාලෙකට කලින් සංඛ ගියාලු ප්‍රංශෙ පැත්තේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට.... මේ මිනිහ ප්‍රංශෙට ගිය පළවෙනි වතාව නිසා එහේ භාෂාව, සිරිත්-විරිත් එහෙම වැඩිය දන්නේ නෑලු.... 


දවසත් අපේ මේ සංඛ තනියම ගියාලු එහේ රෙස්ටුරන්ට් එකක (රෙස්ටුරන්ට් කීවට අර අපේ KFC වගේ එකක්) කෑම කන්න.... දැන් මිනිහ දන්න වචන ඔක්කොම දාලා අමාරුවෙන් කෑම එකකුත් අරගෙන ආවලු. ඉඳගන්න ඉඩ තිබුනේ තවත් ප්‍රංශ කාරයෙක් (අපි භාවිත‍යේ පහසුවට 'සුද්දෙක්' කියලා කියමු) ඉන්න මේසෙකලු... ඉතින් පොරත් දන්න උපරිම විනීතකමෙන් ගිහින් එතන වාඩිඋනාලු.


සංඛ දැන් ඒ සුද්දටත් හිනාවක් එහෙම දාලා - මොකද කථා කරන්න තරම් පොර ප්‍රංශ දන්න එකක්යැ - කන්න පටන් ගත්තලු... එතකොටම සුද්දත් එහේ සිරිත විදියට "Bon Appétit...!" කියලා සුබ පැතුවලු... ජීවිතේට මෙහෙම එකක් වෙලා නැති සංඛ බයඋන පාර හිතුවේ සුද්දා තමන්ගේ නම තමයි කිව්වේ කියලාලු... එහෙම හිතලා පොරත් උත්තර දුන්නලු මෙහෙම "සංඛ අමරජිත්..."


සුද්දත් ටිකක් අමුතු විදියට සංඛ දිහා බලලා හිනාවෙලා උගේ පාඩුවේ කෑම කන්න ගත්තලු. ඒනිසා සංඛත් පාඩුවේ කෑම කාලා ආයේ සුද්දටත් පොඩි හිනාවක් දාලා එහෙම එතනින් ආවලු.


ටික දවසක් මෙහෙම ඉන්නකොටලු සංඛ දැනගත්තේ අර "Bon Appétit...!" කියපු එකේ තේරුම. දැන් පොරට හෙන ලැජ්ජයිලු එදා වෙච්ච වැඩේට... 


කොහොම හරි ඔන්න ඊටත් ටික දවසකට පස්සේ සංඛ ආයෙන් අර රෙස්ටුරන්ට් එකෙන් කන්න ගියාලු. ගිහින් කෑම අරන් එනකොට දැක්කලු සිත ප්‍රීතියෙන් පිනායන දර්ශනයක්....


එදා හිටපු සුද්ද අදත් ඉඳගෙන කෑම කනවා... 
අදනම් ශිල්ප දක්වන්න හොඳම දවස කියල හිතපු සංඛ යකා වගේ ගියාලු සුද්ද ලඟට... ගිහින් හයියෙන්ම කීවලු "Bon Appétit...!" කියලා. 


එතකොටම මූව අදුනගත්තු සුද්දත් හොඳට හිනාවලා එහෙම මූටත් වඩා හයියෙන් කෑගහල මෙහෙම කීවලු...  "සංඛ අමරජිත්...!"

Thursday, June 7, 2012

ඇත්තටම බුදුන් උපන්නේ කොහේද?

මේ දවස්වල අපේ Officeඑකේ ජනප්‍රියම මාතෘකාව තමයි මේ..... කලින් ඉදන්ම බුදුහාමුදුරුවෝ ලංකාවේද ඉන්දියාවේද ඉපදුනේ කියන එක ගැන වාද විවාද තිබුනා උනත් ඒක ඇවිස්සිලා ආවේ අර පහුගිය දවස්වල රේඩියෝ චැනල් එකක මේ ගැන ගිය වැඩසටහනකින් පස්සේ


මම මුලින් මේ බ්ලොග්එක පටන්ගන්නකොට ආගම හා දේශපාලනය සම්බන්ධව කිසිදෙයක් ලියන්නේ නෑ කියලා හිතාගෙන හිටියා උනත් අපේ අයගේ කතා සහ තර්ක අහගෙන ඉඳලම මට ඒ ගැන මගේ අදහසත් නොලියා ඉන්න බැරි තත්වයක් ආවා. ඒ නිසයි වැඩ අස්සෙ උනත් කෙටියෙන් හරි මේ ගැන මම ලියන්නේ... හැබැයි මම මළත් දේශපාලනේ ගැනනම් ලියන්නෑ හො‍ඳේ.


ඇත්තටම මේ තර්ක කරන අයගෙන් මට අහන්න තියෙන්නේ එක දෙයයි .... 


බෞද්ධ අපිට වැඩිපුරම වටින්නේ 
බුදුහාමුදුරුවෝ ඉපදුනේ කොතනද කියන එකද? 
නැතිනම් උන්වහන්සේ දේශනා කරපු ධර්මයද?


අපේ ලොකු අක්කා නම් මේකට දුන්න උත්තරේ තමයි... ධර්මය වැදගත් උනත් බුදුහාමුදුරුවෝ කියලා තියනවා කියලා "බුදු වරයෙක් උපන් තැන, බුදුවූ තැන හා පිරිණිවන් පෑ තැන දැක බලාගෙන පහන් සංවේගය උපදවා ගතයුතු බව"


මට තියන ප්‍රශ්නය තමයි... හැමවිටම ධර්මය මුල් තැන තියලා සලකපු බුදුහාමුදුරුවෝ එහෙම දෙයක් ඇත්තටම කීවද? කියනඑක...


අවුරුදු 2500 ක් ඇතුලත අපේ සංස්කෘතිය, භාෂාව, අක්‍ෂර වගේ දේවල් වෙනස් උනා නම්.... බුද්ධාගමේ සමහර සුළු දේවලුත් වෙනස් වෙලා තියෙන්න බැරිද?


දැන් මම මේක කිව්වා කියලා මට බනින්න එපා මම ධර්මය විකෘති කරනවා කියලා.....


නිකන් හොයලා බලන්න ලංකාවේ හාමුදුරුවරුන්ගේ නිකායවල්ම කීයක් තියනවද කියලා... අවුරුදු 2500කට කලින් ඒවා තිබුනද?? ‍


හැබැයි අපේ බෞද්ධයන් ගැන නම් මට සංතෝස වෙන්න පුළුවන්. මොකද කවුරුත් නිකායවල් ගැන ඒතරම් තැකීමක් කරන්නේ නෑ... පොදුවේ හැම ස්වාමින් වහන්සේ කෙනෙකුටම එකවගේ ගෞරවයෙන් සලකනවා.


ඒත් ඇත්තටම අපි  බුදුබණ පිළිපදිනවද????


අපේ අය තර්ක කරනකොට නම් මට හිතෙන දෙයක් තමයි මේ අය කිසිකෙනෙක් බුදුබණ තියා අඩුමගා‍නේ පන්සිල්වත් පිළිපදිනවද කියන එක .......


මම ගැන නම් කීවොත් මගේ අතින් ඕනෙ තරම් පන්සිල් කැඩෙනවා... ඒ නිසා අනිත් අයත් එච්චරම තමයි.


මට හිතෙන්නේ අපි අවශේෂ දේවල් වලට ප්‍රමුඛත්වය දීම නිසා ඇත්තටම අපි යන්න ඕනෙ කරන මාර්ගය නොපෙනී ගිහින්... එහෙමත් නැතිනම් අපි ප්‍රමුඛත්වය දිය යුතු දේවල් අතහැරිලා.... 


අවංකව හිතලා බැලුවොත් මේදේ අපි හැම කෙනෙකුගේම සාමාන්‍ය ජීවිතයටත් අදාලයි කියලා තේරෙයි....


අන්තිමටම මීට ගොඩ කාලෙකට කලින් මගේ හිතට වැදිච්ච කතාවක් කියන්නම්... හැබැයි මේක කීවේ කවුද කියලා මම දන්නේ නෑ


මිනිසුන් 
තම ආගම වෙනුවෙන් 
බොහෝ දේ කරයි
ඔවුන් ඒ ගැන 
කාව්‍ය රචනා කරයි
පොත් ලියයි
ප්‍රතිමා සාදයි
යුද්ධ ද කරයි
එහෙත් ඔවුන් 
නොකරන එකම දේ 
තම ආගම අනුව ජීවත් වීමයි




මේ හැමදේම සංවාදයට විවෘතයි........



ප.ලි.


අර රේඩියෝ සංවාදය අහන්න ඕනෙනම් පහලින් අහන්න



Monday, May 28, 2012

Men's Rules...

මේ කතාව PowerPoint ප්‍රසන්ටේෂන්  එකක් විදියට 2005දි විතර මේල් වලින් වටේ ගිය එකක්... 


මම මේක සිංහලට හරවලා දාන්න හැදුවත් ඒකෙන් ‍මේ තියන ගතිය දැනෙන්නේ නෑ වගේ කියලා හිතෙන නිසා ඔරිජිනල් විදියටම මව්බසින් දානවා


--------------------------


We always hear "the rules" from the female side. Now here are the rules  from the male side.


These are our rules:



[Please note... these are all numbered "1" ON PURPOSE!]





1.  Breasts are for looking at and that is why we do it. Don't try to change that


1.  Learn to work the toilet seat. You're a big girl. If it's up, put it down. We need it up, you need it down. You don't hear us complaining about you leaving it down.


1.  Saturday = sports. It's like the full moon or the changing of the tides. Let it be


1.  Shopping is NOT a sport. And no, we are never going to think of it that way.


1.  Crying is blackmail.


1.  Ask for what you want. Let us be clear on this one:
            Subtle hints do not work!
            Strong hints do not work!
            Obvious hints do not work!
            JUST SAY IT!


1.  ‘Yes’ and ‘No’ are perfectly acceptable answers to almost every question


1.  Come to us with a problem only if you want help solving it. That's what we do. Sympathy is what your girlfriends are for


1.  A headache that lasts for 17 months is a problem. See a doctor


1.  Anything we said 6 months ago is inadmissible in an argument. In fact, all comments become null and void after 7 days


1.  If you think you're fat, you probably are. Don't ask us


1.  If something we said can be interpreted two ways, and one of the ways makes you sad or angry, we meant the other one


1.  You can either ask us to do something or tell us how you want it done
          Not both
          If you already know best how to do it, just do it yourself


1.  Whenever possible, please say whatever you have to say during commercials


1.  Christopher Columbus did not need directions and neither do we


1.  ALL men see in only 16 colours, like Windows default settings.
          Peach, for example, is a fruit, not a colour. Pumpkin is also a fruit.
          And We have no idea what mauve is.


1.  If it itches, it will be scratched. We do that.


1.  If we ask what is wrong and you say "nothing," we will act like nothing's wrong. We know you are lying, but it is just not worth the hassle


1.  If you ask a question you don't want an answer to, expect an answer you don't want to hear


1.  When we have to go somewhere, absolutely anything you wear is fine, Really


1.  Don't ask us what we're thinking about unless you are prepared to discuss such topics as:
          Sex, Sport, or Cars


1.  You have enough clothes


1.  You have too many shoes


1.  I am in shape. Round is a shape.




Thank you for reading this; Yes, I know, I have to sleep on the couch tonight, but did you know men really don't mind that, it's like camping.


Pass this to as many men as you can - to give them a laugh.
Pass this to as many women as you can - to give them an education


ඔන්න ඔහොමයිලු කතාව.... තවම මටත් මේකෙ නොතේරෙන කෑලි තියෙන නිසා....
නොතේරුන අය මට නොබනිත්වා....  මගෙන් මේකෙ තේරුම් නොඅසත්වා....


ප.ලි.


වැදගත්ම ප්‍රාර්ථනාව අමතක උනා......


මගේ වයිෆ් මේක නොදකිත්වා.....................!!!!!

Sunday, May 20, 2012

පිංතූර...

පහුගිය කාලේ ෆේස්බුක් එකෙයි ඊ මේල් වලයි දාල තිබුන පිංතූර ටිකක් එකතු කරලා දාන්න හිතුනා.....


මේ දවස් වල පට්ට Busy නිසා අකුරු දහයක් ටයිප් කරගන්නවත් වෙලාවක් නෑ....
































ප.ලි. 


ත්‍රී වීල් වැකි සෙට් එකකුත් තිබුනා... ඒ ටික පස්සේ දාන්නම්....

Monday, April 23, 2012

අපේ වීරයෝ.....

අපේ වීරයෝ කීවහම කාවද මතක් වෙන්න්.....???
නෑ මම කියන්නේ ආදි කාලයේ වීරයෝ ගැන නෙමේ 80-90 කාලේ අපේ TV වීරයෝ ගැන.....
මතකද එයාලව.....? අමතක නම් මේ පින්තූර බලන්නකෝ.....











රොබින් හුඩ්(රොබින්, මැරියන්, etc...), නයිට් රයිඩර්(මයිකල් නයිට්) හා පසු කාලීනව එක්ස් ෆයිල්ස් (මෝල්ඩර්, ස්කලී) සමග ස්පයිඩර් මෑන්.......


තව ගොඩක් අය හිටියා උනත් මම මේ කට්ටියවම තෝරගන්තේ පොඩි කතාවක් කියන්න


පහල තියන කතන්දර ටික අහලා බලන්නකෝ අපේ අර අහිංසක වීරයන්ට මුන් කරලා තියන අපරාදේ..... කුජීතයි අප්පා.... 


හොඳ වෙලාවට මුන් එකෙක්ටවත් සිංහල බැරිඋනේ..... 


වැරදිලාවත් මේවා ගැන දැනගත්තොත් එහෙම......


මයිකල් නයිට් උගේ කාර් එකටම බෙල්ල තියලා සියදිවි නසාගනී..... 
ස්පයිඩර් මෑන් මකුළු දැලකින් බෙල්ලේ වැල දාගනී......
මෝල්ඩර්, ස්කලී දෙන්නා මොනවා කරගනීද කියලා මට හිතාගන්න බෑ......


ඒත් ඔය මොනවා නැතත්...


රොබින් හුඩ් අර ඇල්බියන් කඩුවෙන් බඩ කපාගෙන මැරෙන එකනම් මැරෙනවාමයි.....


ඒනිසා පහන් සංවේගය උපදවාගෙන බලන්න - සොරි වැරදුනා - අහන්න .....


මුලින්ම රොබින් හුඩ් 


පඳුරට විදීම...



පර්සනල් ලෝන්...



ගුටිකෑම...



මැරියන් ද්‍රෝහිවීම...





ඊලඟට නයිට් රයිඩර් 

උඩින් යාම...



කථාකරන රොබෝ...



හොරු ඇල්ලීම...






මෙන්න එක්ස් ෆයිල්ස් 


හදිස්සිය...


පිටසක්වල ජීවියා...





අන්තිමටම ස්පයිඩර් මෑන්

මකුළුදැල්...





ප.ලි.
Blogger වලට MP3 ඇඩ් කරන එක අවුල් නිසා google sites හරහා තමයි මේටික දැම්මේ... Playback ප්‍රශ්ණ තිබේනම් කියන්න..... නැතිනම් මීට වඩා ලේසි විදියක් දන්න කෙනෙක් කියල දෙන්න....

Friday, April 13, 2012

සුභ අලුත් අවුරුද්දක් වේවා.....











කොකිස් මෙන් කරකර










පැණි වළලු මෙන් පැණිබර












අතිරස මෙන් රසබර










ආස්මී මෙන් මනහර










කරදර ජරමර නැති

පලබර












සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...................


Wednesday, April 11, 2012

බස් ගාස්තු......

දැන් ටික දවසකට කලින් බස් ගාස්තු එහෙම වැඩි උනානේ.....(ටික දවසක් කිව්වට ඇත්තටම ගත්තොත් දවස් 30-40 කට කලින් විතර) අපේ අය මේ ගැන කතා වෙනකොට කියපු දෙයක් තමයි බස් ගාස්තු සීයට එක්දාස් පන්සීයකින් වැඩි උනත් ඒකෙන් මට කිසිම බලපෑමක් වෙන්නේ නෑ කියනඑක.....


මොකද මම හැමදාම වගේ බස් එකේ යන්නේ හොරාට.... කස්ටිය ගොඩක් දෙනෙක් මේකට කියන්නේ ඉබ්බට යනවා කියලා...... මේකේ තව ඇඩ්වාන්ස් වර්ෂන් එකක් තියනවා කැස්බෑවා කියලා.... ඒ කියන්නේ ඉබ්බට ගිහින් බහිනකොට කොන්දගෙන් ඉතුරු සල්ලිත් ඉල්ලගන්න එක.... හැබැයි මේක ටිකක් කල්පනාවෙන් කරන්න ඕනේ. බස්එකේ තියන වාතාවරණය අනුව රුපියල් 20, 50, 100 වගේ ගනන් වලින් ඉතුරු ගන්න පුළුවන්. මම නම් එක පාරක් 1000ක ඉතුරුත් ගත්තා. නැතුව කොහොමද අප්පා මේ ඉහල යන ජීවන වියදමත් එක්ක ජීවත් වෙන්නේ.......




අපේ කැම්පස් කොල්ලො අතර මම හිතන්නේ ඉබ්බට යාම හරි ජනප්‍රියයි. ඒත් මේ වැඩේ මට පුරුදු කලේ මගේ කලින් ඔෆිස් එකේ හිටපු ගෝලයෙක්. අපි පොරට ආදරේට කියන්නේ රෝයියා කියලා (ගෝලයා උනාට පොරට වයස අවු 50ක් විතර ඇති). මිනිහා මේ වැඩේට උපන් එකෙක්. මම හිතන්නේ ඌ ඉපදුන දා ඉඳලම යන්නේ ඉබ්බට වෙන්න ඇති. මිනිහා කවදාවත් බස් එකකට අවම ගාස්තුවට වඩා සත පහක්වත් දීලා නෑ... අපි අහපුවම තියන්නේ.... මහත්තයෝ මම යාපනේට උනත් බස්එකේ ගිහින් එන්නම්. යන්නයි එන්නයි රු. 3නේ දෙකක් තිබුනොත් හොඳටම ඇති කියලා (මේ කාලේ බස් එකේ අවම ගාස්තුව රු 3යි).


මම හිතන්නේ මම තමයි පොරගේ හොඳම ශිෂ්‍යයා... කොච්චර හොඳද කියනවනම් මට අන්තිමට පුළුවන් උනා අපේ ගෑණිත් එක්ක සීට් ගානටවත් සෙනග පිරිලා නැති තඩි ලේලන්ඩ් බස් වලත් ඉබ්බට යන්න... හැබැයි මේ ඉබ්බට යාම මගෙන් ඉගෙන ගත්ත අපේ අබේඅංකල් එයාටම ආවේනික ක්‍රමයක් නිර්මාණය කරා... 


මිනිහ කරන්නේ මෙහෙමයි... හවසට කට්ටිය එකට ඔෆිස් ඇරිලා යනකොට පොර කට්ටියගෙම බස් එකට දෙන මාරු සල්ලි එකතු කරගන්නවා මගේ ලඟ ලොකු කොලයක් තියෙන්නේ ඒකෙන් දෙන්නම් කියලා... ඊට පස්සේ පොර ඒ සල්ලි ටික සාක්කුවේ දාගෙන ඉබ්බට යනවා. අනිත් එවුන් හිතන්නේ පොර ටිකට් ගත්තා කියලනේ... ඉතින් උනුත් බය නැතිව යනවා. අන්තිමට බලද්දී ඔක්කොම ගිහින් තියෙන්නේ ඉබ්බට..... කොහොමද අංකල්ගේ ටිකිරි මොළේ...??


ඔය අපේ රෝයියා ඉබ්බට යන බස් එකක් තව බස් එකක හැප්පුනොත් එහෙම කොන්දා විනාසයි... මොකද අපේ පොර හැමෝටම කලින් පැනලා කොන්දට පොඩි පාට් එකක් එහෙම දාලා උගෙන් ගාන කපාගන්නවා වැඩට යන්න පරක්කු වෙනවා කියලා වෙන බස් එකක යන්න... කොහොම වෙතත් පොර එතනින් යන්නේ හැප්පුන අනිත් බස්එකේ කොන්දටත් ඒ බස් එකේ ආපු මිනිහෙක් විදියට පාට් එක දාලා උගෙනුත් ගානක් අරන් තමයි.... හැබැයි ඊලඟට පොර වෙන බස් එකක යන්නෙත් ඉබ්බට....


රෝයියා ඉබ්බට යාමේදී මුහුණ දෙන ප්‍රශ්ණ වලට පොර එක එක විදියේ නිර්මාණාත්මක විසඳුම් හදාගන්නවා....


දවසක් පොර ගැන සැක හිතිච්ච කොන්දෙක් ඇහුවලු “මහත්තයා කොහෙන්ද නැංගේ...???“ කියලා.... අපේ රෝයියා වෙඩි වගේ උත්තර දුන්නලු “පස්සේ දොරෙන් මල්ලී....“ කියලා... කොන්දා සද්ද නැතිව යනින ගියාලු...


ආයෙ අපේ රෝයියා කරන වැඩක් තමයි ඒ බස් එකේ ඉබ්බට යන අනිත් එවුන්ව නෝට් කරගෙන ඉඳලා කොන්දට උන්ව අල්ලලා දෙනඑක. එතකොට කොන්දා කීයටවත් සැක හිතන්නේ නෑ මේ පොරත් ඉබ්බට යන එකෙක් කියලා.....


මේ වගේ එක දවසක්... ඇත්තටම එදා බස් ස්ට්‍රයික් දවසක්... මමයි අපේ සිතායි දෙන්නා බස් එකේ යනවා.... එදා සෙනග වැඩි හින්දා අපි දෙන්නා ඩයිවර්ගේ සීට් එක ලඟ අස්සට රිංගගෙන තමයි ගියේ... ඒ අස්සේ සිතා ඩ්‍රැවත් එක්ක බර කතාවක්. කතාව බස්වල හොරෙන් යන එක ගැන. සිතා දැන් ඩ්‍රැවත් එක්ක පස්පඩංගුවේ ඉබ්බට යන එවුන්ට බනිනවා...


හැබැයි එදත් අපි දෙන්නා බස්එකේ හොරෙන් යන ගමන් තමයි හිටියේ කියලා ඩ්‍රැවා හීනෙන් වත් හිතන්න නැතුව ඇති.....

Thursday, March 22, 2012

වජීගේ කතන්දර.....

වජී කියන්නේ අපේ නිල ප්‍රවාහන සැපයුම්කරු.... එහෙම නැතිනම් උදේ හවස අපි Office යන එන වාහනේ Drive කරන මල්ලි.... මූ ඇවිල්ලා අර ඔලුව කැඩිච්ච ඉස්කුරුප්පු ඇණයක් වගේ භාණ්ඩයක්. මාසෙකට විතර සැරයක් හොඳ මඤ්ඤං වැඩක් කරනවා....


- ඔය මඤ්ඤං කියන වචනේ අපේ රෝසි අක්කා කියවන්නේ ‘මකදකදං‘ කියලා... එයා ලඟ ඒකට කතාවක්ම තියනවා “දවසක් මං කොම්පකදකද වීදියේ යනකොට පිපිකදකද කඩයක් ඇතුලේ පූසෙක් කදාව් කදාව් කියනවා“ කියලා... -


හරි දැන් ඇඩ් ඉවරයි ආයෙත් වජීගෙ කතාවට..... මුගේ පහුගිය දවස් වල හිට් වෙච්ච කතා කීපයක්ම තියනවා ඒකෙන් කතා තුනක්ම මම සම්බන්ධ ඒවා....




වජී දවසක් මමත් එක්ක වැල්ලවත්ත පැත්තට ගියා පොඩි වැඩ වගයකට. ගිහින් එනකොට රෑ 8 විතර වෙලා. දැන් අපි දෙන්නා Marine Drive එකේ ආපහු බම්බලපිටිය පැත්තට එනවා. මෙහෙම එනකොට අපේ මූණට ටිකක් සැර හෙඩ් ලයිට් පාරක් වදිනවා..... වජිය අරූට ඩිම් කරන්න කියලා උගේ වාහනේ හෙඩ් ලයිට් දෙතුන් පාරක් ගැහුවා, ඒත් මොනවත් වෙනසක් නෑ..... 


දැන් මූ හෝ ගාලා අර ඉස්සරහින් එන එකාට බනිනවා... වාහනේ ඇතුලේ කුණුහරුප එකයි..... ටිකක් ඒ වාහනේට ලංවෙනකොට අපිට පේනවා අනිත් වාහන වලට වඩා ටිකක් උඩින් තමයි ඒකේ හෙඩ් ලයිට් තියෙන්නේ කියලා.... බලද්දි මොකක්ද ඒ???? 


බම්බලපිටිය ස්ටේෂන් එකේ තියෙන කෝච්චියක්..............






දෙවනි කතාව උනේ අර Arash ගේ Broken Angel  සින්දුව හිට් වෙච්ච කාලේ......




මේ කාලේ වජී, අක්කි මෙහෙයවපු අපේ ඉංග්‍රීසි පන්තියේ සාඩම්බර ශිෂ්‍යයෙක්.... 


පන්තියේදි මුන්ට කියලා දවල් වරුවේ යන එනකොට ඇහෙන ඉංග්‍රීසි සින්දු වගේ දේවල් වල තේරුම මොකක්ද කියලා හොයාගන්න උත්සාහ කරන්න කියලා. නොතේරෙන වචන Dictionary එකෙන් බලන්නත් කියලා.... 


වජියගෙ කරුමෙට මූට ඇහිලා තියෙන්නේ මේ සින්දුව..... පොර කොහොම හරි සෑහෙන දුරට සින්දුවේ තේරුමත් හොයාගෙන. ඒත් එක තැනක පොර හිරවෙලා... Dictionary එකේ බලලත් තේරුම්ගන්න බැරිඋන තැන, හවස ගෙදර යන ගමන් මූ මගෙන් ඇහුවා ප්‍රශ්ණෙ....


“අයියේ අර සින්දුවේ නමේ තේරුම මට හිතා ගන්න බෑනේ....... ඒන්ජල් නම් අර මාලුවානේ.... ඒත් ඇයි ඌව කඩන්නේ....????“




තුන්වෙනි කතාවනම් සිද්දඋනේ මේ ලඟකදිමයි.... 

මේ දවස්වල රේඩියෝ එකේ යනවනේ Amana Takaful කියලා ඉන්ෂුවරන්ස් එකක ඇඩ් එකක්.... මේකේ අන්තිමට කියනවා “ඉන්ෂුවරන්ස් ගැන දැනගන්න අමතන්න Amana Takaful - *************  කියලා.

මම දවසක් වජියට Amana Takaful එකේ Office එකක් පෙන්නලා කීවා “මල්ලි අර අළුත් ඉන්ෂුවරන්ස් ඇඩ් එක මේ ගොල්ලන්ගේ“ කියලා. එතකොට මූ කියනවා

“ආනේ අයියේ.... Amana Takaful කියන්නේ Company එකක්ද??? මම මෙච්චර කල් හිතාන හිටියේ ඉන්ෂුවරස් එකක් ගන්න ඕනෙ උනොත් අර දීල තියන නොම්මරෙන් Amana Takaful කියන ගෑණිට කතා කරහම එයා ඒ ගැන විස්තර කියල දෙනව කියලනෙ....“

හැබැයි අපේ කොල්ලො නම් කියන්නනේ මූ අර නම්බරේට කතා කරලා “මට Amana Takaful ට කතාකරන්න ඕනේ“ කීවා කියලා තමයි..........