Thursday, April 18, 2013

Android......

අළුත් අවුරුද්දේ මම හිතුවා පුළුවන් විදියට හරි පොඩි ‍පොඩි කතා ටිකක් ලියලා දාන්න. මොකද දිග කතා ලියන්න වෙලාවක් හොයාගන්න අමාරු හින්දා..... 

මුලින්ම ලියන්නේ අපේ චූටි මල්ලි මේ අවුරුද්දේ කරපු නවතම සොයාගැනීමක් ගැන. මොකක්ද දන්නවද ....??? අළුතින්ම නිකුත්වෙන්න තියන Android Version එක...


දැන් Android OS ගැන නොදන්න කෙනෙක් හරි Android Phone එකක් පාවිච්චි නොකරපු කෙනෙක් හරි හොයාගන්න නැති වුනත්, මම දැනට තියන Android සංස්කරණ සහ ඒවාගේ කේත නාම (Code Names) ගැන පොඩි හැදින්වීමක් කරන්නම්....

මුල්ම සංස්කරණ දෙක වුනේ Android 1.0 සහ Android 1.1 තමයි. 

මේ දෙකටම Code Names නැති වුනත් ඊලඟ Version එකේ ඉඳන්  ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට Code Names ලැබුනා.... හැබැයි ඒවා හැම දෙයන්ම පැණිරස කෑමවල නම්....  


ඒ වගේම මුල් Version දෙකට A සහ B අකුරු වෙන්කරලා C අකුරේ ඉඳන් තමයි Code Names පටන් ගත්තේ.... ඒ මේ විදියට


Android 1.5 - Cupcake




Android 1.6 - Donut



Android 2.0 - Eclair



Android 2.2 - Froyo.



Android 2.3 - Gingerbread



Android 3.0 - Honeycomb



Android 4.0 - Ice Cream Sandwich



Android 4.1 - Jelly Bean

.
.
.
.
.
.
.
.
.
.
.

මෙන්න දැන් අපේ චූටි මල්ලි ‍සොයාගත් අළුත්ම Android Version එක.....


Android 5.0 - Konda kavum

Sunday, April 14, 2013

සුභ අලුත් අවුරුද්දක් වේවා........!

ඔබ සැමට සාමය සතුට සපිරි, සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා..................................

.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.

Tuesday, April 2, 2013

එන්න ජීවිතය බෝ කරන්න.....


වැඩ ගොඩක් අස්සේ උනත් විනාඩියකට හරි ඇවිත් මේ පෝස්ට් එක දාලා යන්න හිතුනා......

අප අතරින් වියෝවූ අපේ සදාදරණිය ඔබා මාමා සිහිපත් කරලා අන්තිමේ පේලියේ අය සංවිධානය කරන ලේ දන් දීම අප්‍රේල් මාසේ 28 වැනිදා උදේ 9 ඉදන් හවස 3 වෙනකම් වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙදී පවත්වන්න කටයුතු සුදානම් කරනවා. 

ඉතින් දන්න හැමෝගෙන්ම ඉල්ලන්නේ ඇවිත් ලේ බිඳක් දන් දෙන්න කියලයි, පුළුවන් නම් තවත් කීපදෙනක් එකතු කරගෙනම....... 

මේක සාර්ථක කරගන්න හැමෝගෙම සහයෝගය උපරිමෙන් ලැබෙයි කියලා හිතනවා. ඒ වගේම දන්නා කියන හැමෝම දැනුවත් කරන්න


වැඩි විස්තර මෙතනින්

මෙතනයි තැන.......