Friday, February 17, 2012

බිරිඳ ගැන දාර්ශනික මත.....

අර දුකාගේ හස්බන්ඩා සහ වයිපරේ කතාව ඊයෙ කියවලා ඉවර වෙනකොටම වගේ අපේ මංගි නැන්දා ඒකටම සම්බන්ධ තවත් මේල් එකක් එව්වා... 


හැබැයි මේවා මේ එසේ මෙසේ අය කියපු කතා නෙමේ දාර්ශනික‍යෝ කියපු කතා.... මම ඒක ඔප්පු කරන්න කියපු කෙනාගේ නමත් දාන්නම්.... ඒ නිසා මේවා කියවලා මට බනින්න එපා හො‍ඳේ.... උන්ට බනින්න.... 
උන්ව හොයාගන්න බැරිම නම් අර මංගිට හරි බැනපල්ලා.....


සැ.යු. - 
කවුරුවත් තාම දන්නේ නැති උනාට Anonymous කියලා කියන්නේද දාර්ශනික‍යෙකි......... (මමත් මේ දේ ඊයෙ තමා හොයාගත්තේ)





  • කවරෙකු හෝ ඔබගේ බිරිඳ හොරකම් කලහොත්, ඔහුට ඇය තබාගන්නට ඉඩහරින්න. එය ඔහුගෙන් පළිගත හැකි හොඳම ආකාරයයි. - David Bissonette

  • විවාහයෙන් පසු සැමියා හා බිරිඳ එකම කාසියක පැති දෙකක් බවට පත්වේ; එනම්, එකට ජීවත්වුවද ඔවුන්ට එකිනෙකාට මුහුණ දිය නොහැක. - Sacha Guitry

  • අනිවාර්යෙන් විවාහ වන්න; ඔබට හොඳ බිරිඳක් ලැබුනහොත් ඔබ සතුටින් ජීවත්වනු ඇත. ඔබට නරක බිරිඳක් ලැබුනහොත් ඔබ දාර්ශනිකයෙකු බවට පත්වනු ඇත. -  Socrates

  • කාන්තාව අපව උසස් අරමුණු කරා යාමට පොළඹවයි. එහෙත් ඇයම අප එම අරමුණු කරා ගමන් කිරීම වලක්වයි. - Anonymous

  • මට මෙතෙක් පිළිතුරු දීමට නොහැකි වූ වැදගත්ම ප්‍රශ්ණය මෙයයි; "කාන්තාවකට අවශ්‍ය කුමක්ද ?" - Dumas

  • මම මගේ බිරිඳට වචන කීපයක් පැවසුවෙමි.  ඇය එයට ඡේද කීපයකින් පිළිතුරු දුන්නාය. - Sigmund Freud

  • මගේ දීර්ඝ කාලීන ප්‍රීතිමත් විවාහ දිවියේ රහස නම් අප සතියකට දින දෙකක් නගරයේ අවන්හලෙන් රාත්‍රී කෑම ගැනීමට වෙලාව වෙන් කරගෙන තිබීමයි. එහි මෘදු සංගීතයක් සහිතව ඉටිපන්දම් ආලෝකයෙන් විචිත්‍ර රාත්‍රී ආහාර වේලක් භුක්ති විඳිය හැක; මගේ බිරිඳ සෑම අඟහරුවාදා දිනකම එහි යන අතර, මම යන්නේ සිකුරාදා දිනටය. - Anonymous

  • ඉලෙක්ට්‍රොනික් බැංකුකරණයට (electronic/internet Banking)  වඩා ඉක්මනින් මුදල් හුවමාරු කලහැකි ක්‍රමයක් දැනට ලෝකයේ ඇත; එයට කියන්නේ විවාහය කියලයි. - Sam Kinison

  • මගේ බිරියන් දෙදෙනාම මට දුක්මුසු අත්දැකීම් ගෙන ආවේය; පළමු බිරිඳ මා හැරගිය අතර දෙවැනි බිරිඳ තවමත් මා සමග සිටී - James Holt McGavra

  • ඔබගේ විවාහ දිවිය ප්‍රීතියෙන් ගත කිරීමට උපදෙස් දෙකක්
                   1. ඔබට වැරදුනු හැම විටකම ඔබ වැරදි බව ඇයට පවසන්න
                   2. එහෙත් ඔබ නිවැරදි හැම විටකම ඒ බව පැවසීමට නොයන්න
       - Patrick Murra

  • ඔබගේ බිරිඳගේ උපන් දිනය මතක තබා ගැනීම සඳහා මෙතෙක් සොයාගෙන ඇති හොඳම ක්‍රමය නම්; එක වරක් එය අමතක කිරීමයි - Nash

  • ප්‍රශ්ණය: ඔබ දන්නවාද මම විවාහ වීමට පෙර කළදේ?; උත්තරය : මට කරන්න හිතුන හැම දෙයක්ම.  - Anonymous

  • මගේ බිරිඳ හා මම අවුරුදු 20ක් පුරා සතුටින් ජීවත් වීමු. ඊට පසු අපි හමුවී විවාහ වීමු. - Henny Youngman

  • හොඳ බිරිඳක් ඇයට වැරදුනු හැම විටකම තම ස්වාමියාට සමාව දෙයි - Rodney Dangerfield

  • මිනිසෙක් පත්තරයක "බිරිඳක් ඕනෑකර තිබේ" කියා  දැන්වීමක් දැම්මේය. පසුදින ඔහුට ලිපි 100ක් පමණ ලැබුණි ඒවාගේ ලියා තිබුනේ "ඔබට මගේ බිරිඳ රැගෙන යා හැක" කියාය - Anonymous

  • පළමු පුද්ගලයා (සතුටින්) - "මගේ බිරිඳ දේව දූතියක්" ; දෙවැන්නා (දුකින්) - "ඔබ වාසනාවන්තයි... මගේ බිරිඳ නම් තවම ජීවතුන් අතර" - Anonymous


ප.ලි.
        මව්බසින් තිබුන එකක් සිංහලට Translate කරලයි දැම්මේ... පරිවර්තන සහය "අපේ ඉංග්‍රීසි පන්තිය" මෙහෙයවූ අක්කි ගෙනි... එබැවින් වැරදි ඇතොත් අක්කිට සමාව දෙන්න.

Monday, February 13, 2012

ජිවිතයක් බේරා ගන්න පුංචි උදව්වක් කරනවද?

මම මේ පෝස්ට් එක අපේ බ්ලොග් කීපයක තිබිලා අද තමයි දැක්කේ..... 
ඇය කවුද කියලා පෞද්ගලිකව නොදන්වා උනත් ඇයත් අපේම  ආදරණීය සහෝදරියක්, යෙහෙලියක්, දියණියක්......


ඇයගෙ ජීවිතේ නැවත් ලබාගන්න අවශ්‍ය වන්නෙ රුපියල් දෙලක්ෂ විසිදාහක් වගේ මුදලක්....


අපි දවසකට නිකරුනේ අනවශ්‍ය වියදම් කොච්චර කරනවද....... සමහරවිට ඒ මුදල පොඩි ගානක් වෙන්න පුළුවන්..... ඒත් එක්කෙනෙක් රු 100ක් බැගින් පරිත්‍යාග කලත් 2200 දෙනෙක්ට මේ අහිංසක ජීවිතය බේරාගන්න පුලුවන් නේද????

ඔබටත් ඇයගේ ජීවිතය බේරගන්න හැකි පමණින් උදවු දෙන්න මෙන්න මේ විදිවලින් පුලුවන්....

නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී

ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..

බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
ගිණූම් අංකය : 1-0121-80-0775-6

වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් (විදේශගත ඔබට),
   - Receiver Name : P.K.L.THILINI MADUSHANI
   - Expected payout location : Karapitiya , Galle
   - Province : Southern

මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය(cooperative.nts@gmail.com) ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.

වැඩිදුර තොරතුරු

ඇයගේ ලිපිනය : කජුගහ වත්ත , ගනේගොඩ , අක්මිමන
පියා : පි.කේ අනුර
මව : පි.වි පුශ්ප කාන්ති


Or more details :-

M.M.Nishantha
Skype : m.m.nishantha
Gtalk: m.m.nishantha
Facebook:<http://www.facebook.com/M.M.Nishantha
Blog: http://nursinglanka.blogspot.com/


ඇගේ රෝගී තත්වය පිලිබඳ වාර්ථා හා වැඩිදුර තොරතුරු දේව්ගේ අඩවියෙන් බලාගන්න පුලුවන්...