Sunday, January 29, 2012

සමනලයා සහ නපුරු සොරා...

කවුරුත් දන්නවනේ අර සමනල‍යෝ ගැන....... 
 

මම කියන්නේ මේ පින්තූරේ ඉන්න සතා ගැන නෙමෙයි වෙන කෙනෙක් ගැන හො‍ඳේ..... ඔය සමනලයා කියන නම හැදුන හැටි ගැනත් කතාවක් තියනවා....‍‍

දවසක් මේ ජාතියේ එක්කෙනෙක් Drive කරපු වාහනයක් තවත් වාහනේක හැප්පුනාලු....... දැන් අර පොරවල් එකසියගානට මේ යකාට බනිනවලු.....‍ ‍‍‍‍


"ගොනා... බූරුවා... මී හරකා....." 


එතකොට මේ වාහනේ ආපු අනිත් අය කීවලු 


"මොනාද අනේ ඔයා සද්ද නැතිව ඉන්නේ... වැරැද්ද ඔයාගේ උනාට කමක් නෑ... ඔයත් මොකක් හරි සතෙක්ගේ නමක් කියලා බනින්නකෝ...."


ඒ උපදේශය හිතට ගත්තු අර පො*****ර බනින එවුන්ට කීවලු මෙහෙම....


"යන්න අනේ යන්න.... ඔයාල හරි නරකයි.... සමනලයා....." 




දැන් මම කියන්න ගියේ සමනලයෝ ගැන නෙමේ අපේ කොල්ලෙකුට සමනලයෙක් නිසා උන දෙයක් ගැන.....


අපි එක්ක 1999/2000 කාලේ Diploma එක කරන්න සෙට්වෙලා හිටියා ආමි කැප්ටන් කෙනෙක්.... මූට ඒ වෙනකොට යුද්දෙදි කකුලක් නැතිවෙලා තමයි හිටියේ.... හැබැයි කකුල නැතත් මූ තරම් නස්කූනි ඩයල් එකක් අපේ මුලු Batch එකේම හිටියේ නෑ.....


දවසක් මේ පොර MC එකට ගිහින් ඉන්නකොට දැක්කලු සමනලයෙක් ඉන්නවා.... කරුමේ කියන්නේ මිනිහා ඒ වෙලාවේ දාගෙන හිටපු Fancy මාලෙට හිත ගිය අපේ එකාට ඒ වෙලාවෙ ඉඳලා ඕනෙ උනේ ඒ පාතියේ මාලයක් හොයාගන්නලු.... 

කොහොම හරි එහෙම එකක් ගන්නේ කොතනින්ද කියලා දැනගන්න ඕනෙ කියලා පොර හිනාවක් එහෙම දාලා කිට්ටු උනාලු සමනලයට.... දැන් පොර සමනලයත් එක්ක කතාවලු... ඒ අතරෙ මාලෙ ගැන ඇහුවහම කීවලු ඒක රට ගිහින් ආපු කෙනෙක් දුන්නේ කියලා....


දැන් මොකද කරන්නේ...?? ඒ පාර අපේ පොරට ආවලු නියම නස්කූනි අයිඩියා එකක්.... මොකක්ද....?? අරූගෙන් මාලෙ උස්සන්න...... 



ප්ලෑන් එකේ මුල් පියවර විදියට අපේ පොර සමනලට කීවලු..... කොහෙ හරි ගිහින් පොඩි ආතල් එකක් දාමු කියලා.... සමනලයත් ඉතින් මොකද වැඩේට එකපයින් ලු....


දැන් පොර සමනලයවත් අඬගහගෙන බීච් එක පැත්තේ පාළු කවුරුත් නැති හරියකට ගියාලු.... ගිහින් ඌට කනට දෙකක් ගහලා මාලෙ ගලවගෙන එන්න ආවලු.....


දැන් මේ කේස් එක වෙලා සති 2-3ක් ගියා.....


දවසක් අපි ඔක්කොම MC එකේ ඉන්නවා. එක පාරටම අර පොර බයවෙලා වගේ කියනවා 


"මචං මාර සීන් එක.... අර සමනලයා ඉන්නවා.... ඌ මාව දැක්කා......" කියලා


අම්ම ගහයි බැට් එකෙන් කීවලු...... මෙන්න සමනල ලුක් එකක් තියන කෙනෙක් අපි ඉන්න දිහාට හයියෙන් හයියෙන් එනවා..... 


දුවන්නත් විදියක් නෑ... මොකද අරූව දාල යන්නයැ... ඌට කකුලත් එක්ක දුවන්න බෑනේ.... සමනලයෙකුට ගහලා නෝන්ඩි වෙන්න බැරි නිසා ඌට ගහන්න විදියකුත් නෑ..... 


අද නම් ලොවෙත් නැති කෑමක් කන්න වෙනවා කියලා තේරුනා..... ඒ වගේද නෝන්ඩිය.... වටේ පිටේ කෙල්ලාත් පිරිලා..... කරන්න දෙයක් නැති කමට අපිත් හිත හදාන බලං හිටියා....


දැන් සමනලයා අඩියෙන් අඩිය අපිට ලං වෙනවා..... අපේ හාට් බීට් එකත් ටික ටික වැඩිවෙනවා....


ඔහොම ගිහින් එක පාරටම අපේ පොර ගාවට ආපු සමනලයා මෙහෙම කීවා


"නපූ..........රු සොරා...... සැප දෙනවයි කියල එක්ක ගිහින් දුකමයි දෙන්නේ......" 

Wednesday, January 18, 2012

ඇම්ඩාගේ වයස...


මචංලා මේක නම් ගනන් පාඩමක් වගේ එකක්. ඒ වුනාට කමක් නෑ බලන්නකෝ....... ‍

හැබැයි තේරුණේ නෑ කියලා මගෙන් එහෙම අහන්න ලෑස්ති වෙන්න එපා හොඳඳ... මටත් ගණන් බෑ.

මේක මට කීව කෙනා ඇහුවේ නම් ප්‍රශ්ණයක් විදියට. මෙන්න මෙහෙම...........

දැනට ඇම්ඩාගේ තාත්තා ඇම්ඩාට වඩා අවුරුදු 26 ක් වැඩිමහල්ය
එහෙත් තව අවුරුදු 3 කට පසු ගත්විට ඇම්ඩා‍ගේ තාත්තාගේ වයස ඇම්ඩාගේ වයස මෙන් 13 ගුණයක් වේ.

ප්‍රශ්ණය ::: ඇම්ඩාගේ තාත්තා දැන් ඉන්නේ කොහේද ???????

අහපුවම හිතෙනවා මූට පිස්සුද කියලා නේද......?

පොඩ්ඩක් පහලට යන්නකෝ පොර මට හදලා පෙන්නපු විදියට උත්තරේ බලන්න......

...
...
...
...
...
...
...
...
..
...
...

ඇම්ඩාගේ වයස  = x
තාත්තාගේ වයස = y

y = x + 26                 - (1) සමීකරණය 

y + 3 = 13 ( x + 3 )   - (2) සමීකරණය


විසඳීම

x + 26 + 3 = 13x + 39

12x = 29 – 39

X = - 10/12


පැහැදිලි කිරීම

10/12 කියන්නේ මාස 10ක් කියන එකයි (ඇයි මේ අපි කතාකරන්නේ අවුරුදු ගැන නිසා)

ඊට පස්සේ ඒකට ඉස්සරහින් තියන - (ඍන) ලකුණ ගැන හිතුවොත් ඇම්ඩා ඉපදෙන්න තව මාස 10ක් තියනවා කියලා අපිට හිතා ගත්තහැකි


උත්තරය

එතකොට හිතා ගන්නකො ඇම්ඩා ඉපදෙන්න මාස 10 කට කලින් උගේ තාත්තා කරන්න ඕනෙ වැඩේ සහ ඉන්න ඕනෙ තැන..........

(මම මේවගේ ප්‍රසිද්ධ ස්ථානයක අසභ්‍ය වචන පාවිච්චි කිරීමට කැමති නැති බව කරුණාවෙන් සලකන්න)


ප.ලි.

මේ කතාව මම මීට ගොඩක් කාලෙකට කලින් Publish කරපු එකකි.... ලියාගෙන ගිය අළුත් කතාව ඉවරකරගන්න බැරිඋනේ මට අසනීප වූ නිසාය... තවම හොඳටම හොඳ නැත.... මේ තියෙන්නේ එක වේලකට බොන බෙහෙත් ටිකේ අපේ චුටි මල්ලී ගත් Photo එකකි.....


Monday, January 9, 2012

ආශාව...

පහුගිය දවසක 2004 සුනාමිය සහ සුනාමියේදි මූණදීපු අත්දැකීම් ගැන අපි කතා කරකර ඉන්නකොට තමයි මේ කතාව ඇදිලා ආවේ. කතාව කීවේ අද ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ නළුවෙක් සහ අපේ බුදු ෆිට් එකක් වන එළී.


මුගේ නම හදාගෙන තියෙන්නේ ඒ දවස්වල අපේ එවුන් පොරට කියපු "දේවතා එළි" කියන එක කෙටි කරලා.  මොකද කට්ටිය කියන්නේ ඒ කාලේ පොර නාට්‍ය වල පෙනෙන්න ඉන්නේ දේවතා එළියක් වගේ කියලා... අන්න පොර ඉන්නවා කියනකොටම සීන් එක ඉවරලු... හැබැයි දැන් නම් එහෙම නෑ හොඳ ජනප්‍රිය නළුවෙක් විදියට අපිටත් ආඩම්බර වෙන්න පුළුවන් තැනක ඉන්නවා...


එළී කියපු කතා ගොඩක් තිබුනා උනත් මේ බ්ලොග් එකේ Rules & Regulations වලට අදාලව ඒ කතා මොනවා කරලවත් දාන්න බෑ... ඒ තරම් විශිෂ්ඨයි. යංතං ටිකක් වෙනස් කරලා හරි දාගන්න පුළුවන් තත්වෙක තිබුනේ මේ කතාව විතරයි...


ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ... ‍එළී මේ කතාව කියලා, එච්චර වෙලා හෙන සීරියස් පිට අපි සුනාමිය ගැන කරගෙන ආපු සාකච්ඡාව විනාස කරලම දැම්මා..... ඔන්න එහෙනම් දැන් විස්තර කථනය ඉවරයි... මෙන්න කතාව.......... 




සුනාමිය නිසා තමන්ගේ නිවස අහිමිවුන කාන්තාවක් තමන්ගේ එකම දරුවත් එක්ක ඉන්න තැනක් හොයාගෙන යනකොට හමුවුනාලු  පූජකතුමෙක්. (ඔන්න දැන් මේක ආගම් වලට කරන අපහාස හැටියට ගන්න එපා....) මේ පූජකතුමා අර කාන්තාව ගැන අනුකම්පා කරලා එයාට තමන්ගේ නිවසේ නවතින්න කීවලු.... ‍‍


අනේ ඉතින් මේ ගෑනු කෙනත් තමන්ගේ දරුවත් එක්ක ඒ ගෙදර නැවතිලා ගෙදර තියෙන වැඩකටයුතු ටික කරගෙන සතුටින් ඉන්නවලු. මේ අතරෙ......


ගමේ කතාවක් යනවලු මෙහෙම...... "අර අහවල් පූජකතුමා ගෙදර ගෑනියෙක් තියාගෙන ඉන්නවනේ....."

අනේ ඉතින් මේ කතාව ගමේ කඩපිලේ... ලිඳලඟ.... බස් හෝල්ට් එකේ...  ‍වගේ හැමතැනකම අන්තිම අසික්කිත විදියට පැතිරිලා යනවලු....


අන්තිමේදි මේ ගැන හොයල බලන්න කියල ගමේ ප්‍රභූවරයෙක් අර පූජකතුමා හමුවෙන්න ගියාලු.... 


ගිහින් විස්තර ඇහුවම පූජකතුමා ඒ ගැන තේරුම් කරල දුන්නලු.... ඒ කියන විදියේ දෙයක්  මෙතන නෑ...  මම කෙරුවේ අර ගෙදරක් නැතිව අසරණ වෙලා ඉන්න ගෑනු මනුස්සයාට පිහිට වෙන එක විතරයි කියලා.


ඒත් ඉතින් අර විස්තර හොයන්න ගිය එකාගේ කැත හිත කියන්නේ... ඌ අහනවලු මෙහෙම......


"දැන් ඔබතුමාත් ටිකක් තරුණයි.... අර ගෑනු මනුස්සයත් තරුණයි... මෙහෙම ඉන්න දවසක ඔබතුමාට හදිසියේ දරාගන්න බැරි විදියේ ආශාවක් ඇති උනොත් මොකද කරන්නේ????" 


පූජකතුමත් දැනගත්තා මූ මේ කැරකෙන්නේ මොකටද කියලා.... ඒ නිසා පූජකතුමා කියනවා...


"මේ ගෙදර තියන වත්ත අක්කර කීපයක් විශාලයිනේ.... එහෙම උනොත් මම මේ වත්ත වටේ රවුමක් දෙකක් යනවා... ඒකට පැය කීපයක් යනවනේ... එතකොට මහන්සියටත් එක්ක ඒ ආශාව නැතිවෙලා යනවා"


එතකොට අරූ ආයෙත් අහනවා....


"හොඳයි එහෙමනම් මේ ගෑනු මනුස්සයට කවදහරි හදිසියේ එහෙම දරාගන්න බැරි විදියේ ආශාවක් ඇති උනොත් ඔබතුමා මොකද කරන්නේ????"


එතකොට පූජකතුමා කියනවලු...


"මට එතකොට එහෙම ආශාවක් නෑනේ... ඒ නිසා මම ඒ මනුස්සයට කියනවා මේ වත්ත වටේ රවුමක් දෙකක් යන්න කියලා... එතකොට ඒ මනුස්සයාගේ ආශාව නැතිවෙලා යයි"


අර ආපු එකා ලේසියෙන් පරදින්න කැමති නෑ... වැඩේ කොහොමහරි ගොඩදාගන්න හිතාගෙන ඌ මෙහෙම අහනවා...



"හොඳයි කවදහරි දවසක අහම්බෙන් ඔබතුමාටයි ඒ ගෑනු මනුස්සයටයි දෙන්නටම එක වෙලාවෙම එහෙම දරාගන්න බැරි විදියේ ආශාවන් ඇති උනොත් මොකද කරන්නේ????"


හොඳටම මල පැනලා හිටපු පූජකතුමා මෙහෙම උත්තර දුන්නලු...


"කවද හරි එහෙම එකක් උනොත් මහත්තයා.... ඒ වෙලාවට මම අර ගෑනු මනුස්සයාගේ ළමයට කියනවා මේ වත්ත වටේ රවුම් දහයක් විතර ඇවිදලා එන්න කියලා....."


Tuesday, January 3, 2012

ඔබට අන් අය ලබා දී ඇති දේ නොව ඔබ අන් අයට ලබා දී ඇති දේ පිලිබඳ විමසිලිමත් වන්න

2012 අවුරුද්දේ ලියන මුල්ම පෝස්ට් එක විදියට හිතට වැදුන පුංචි කතාවක් දාන්න හිතුවා. මේක පහුගිය දවස්වල Facebook එකේ දාලා තිබුනේ කජුවත්ත එක්සත් Cricket සමාජය


අපි සාමාන්‍යයෙන් නොහිතන විදියේ අළුත් අදහසක් ඒකේ තිබුනා. මෙන්න එහෙනම් ඒ කථාව....






නවීන පන්නයට හැද පැලද ගත් තරුණයෙක් මුහුදු වෙරළේ සිටි අතර ඔහු පසෙකින් වූයේ අවුරුදු 80ක් පමණ වූ මහලු දුර්වල පුද්ගලයෙකි. තරුණයා මහත් ආවේගශීලීව මහල්ලාට පැහැදිලි කරමින් සිටියේ ඔවුන්ගේ පරම්පරාවට නව පරම්පරාව තේරුම් ගත නොහැක්කේ මන් ද යන්නයි.

"සීයලා හැදුනේ වැඩුනේ සම්පූර්ණ වෙනස් ලෝකෙක..."



"මම මෙහෙම කිව්වට තරහා වෙන්න එපා ඒක හරිම ප්‍රාථමික එකක්"


ඔහු මහ හඩින් පැවසුවේ අවට අයගේ අවධානයත් ඔවුන් වෙත ලබා ගැනීමේ අටියෙනුයි.

"අපේ පරම්පරාව හැදුනේ ජංගම දුරකථන, රූපවාහිනීපරිඝනකලැප්ටොප් එක්ක..."


"අපේ පරම්පරාවේ අය දැක්කේ මිනිස්සු හද මත ඇවිදින හැටි,ශබ්දයේ වේගයට වඩා වේගෙන් ගමන් කරන ජෙට් යානා..."


"ලෝකේ අනිත් පැත්තේ වෙන දෙයක් ඒ මොහොතෙම බලන්න අපේ පරම්පරාවේ අයට හැකියාව තියනවා."



තරුණයා පැවසුවේ සරදම් සිනහවක් සමගයි.

තරුණයාට හොදින් ඇහුම් කන් දුන් මහල්ලා මද වේලාවක් නිශ්ශබ්දව සිටියා.

"පුතා කිව්ව කාරණාව ඇත්ත... අපි පොඩි කාලේ ඔය කියන මොකුත් අපිට තිබුනේ නෑ..."



"ඉතින් අපි ඒවා නිපදෙව්වා..."


"දැන් පුතා ඊළග පරම්පරාව වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ?"

ඔබට අන් අය ලබා දී ඇති දේ නොව ඔබ අන් අයට ලබා දී ඇති දේ පිලිබඳ විමසිලිමත් වන්න

Sunday, January 1, 2012



ඔබ සැමට ලැබුවා වූ නව වසර 
සාමය, සතුට, සෞභාග්‍ය සපිරි
සුභම සුභ නව වසරක් වේවා