Tuesday, January 3, 2012

ඔබට අන් අය ලබා දී ඇති දේ නොව ඔබ අන් අයට ලබා දී ඇති දේ පිලිබඳ විමසිලිමත් වන්න

2012 අවුරුද්දේ ලියන මුල්ම පෝස්ට් එක විදියට හිතට වැදුන පුංචි කතාවක් දාන්න හිතුවා. මේක පහුගිය දවස්වල Facebook එකේ දාලා තිබුනේ කජුවත්ත එක්සත් Cricket සමාජය


අපි සාමාන්‍යයෙන් නොහිතන විදියේ අළුත් අදහසක් ඒකේ තිබුනා. මෙන්න එහෙනම් ඒ කථාව....






නවීන පන්නයට හැද පැලද ගත් තරුණයෙක් මුහුදු වෙරළේ සිටි අතර ඔහු පසෙකින් වූයේ අවුරුදු 80ක් පමණ වූ මහලු දුර්වල පුද්ගලයෙකි. තරුණයා මහත් ආවේගශීලීව මහල්ලාට පැහැදිලි කරමින් සිටියේ ඔවුන්ගේ පරම්පරාවට නව පරම්පරාව තේරුම් ගත නොහැක්කේ මන් ද යන්නයි.

"සීයලා හැදුනේ වැඩුනේ සම්පූර්ණ වෙනස් ලෝකෙක..."



"මම මෙහෙම කිව්වට තරහා වෙන්න එපා ඒක හරිම ප්‍රාථමික එකක්"


ඔහු මහ හඩින් පැවසුවේ අවට අයගේ අවධානයත් ඔවුන් වෙත ලබා ගැනීමේ අටියෙනුයි.

"අපේ පරම්පරාව හැදුනේ ජංගම දුරකථන, රූපවාහිනීපරිඝනකලැප්ටොප් එක්ක..."


"අපේ පරම්පරාවේ අය දැක්කේ මිනිස්සු හද මත ඇවිදින හැටි,ශබ්දයේ වේගයට වඩා වේගෙන් ගමන් කරන ජෙට් යානා..."


"ලෝකේ අනිත් පැත්තේ වෙන දෙයක් ඒ මොහොතෙම බලන්න අපේ පරම්පරාවේ අයට හැකියාව තියනවා."



තරුණයා පැවසුවේ සරදම් සිනහවක් සමගයි.

තරුණයාට හොදින් ඇහුම් කන් දුන් මහල්ලා මද වේලාවක් නිශ්ශබ්දව සිටියා.

"පුතා කිව්ව කාරණාව ඇත්ත... අපි පොඩි කාලේ ඔය කියන මොකුත් අපිට තිබුනේ නෑ..."



"ඉතින් අපි ඒවා නිපදෙව්වා..."


"දැන් පුතා ඊළග පරම්පරාව වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ?"

ඔබට අන් අය ලබා දී ඇති දේ නොව ඔබ අන් අයට ලබා දී ඇති දේ පිලිබඳ විමසිලිමත් වන්න

1 comment: