Monday, January 9, 2012

ආශාව...

පහුගිය දවසක 2004 සුනාමිය සහ සුනාමියේදි මූණදීපු අත්දැකීම් ගැන අපි කතා කරකර ඉන්නකොට තමයි මේ කතාව ඇදිලා ආවේ. කතාව කීවේ අද ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ නළුවෙක් සහ අපේ බුදු ෆිට් එකක් වන එළී.


මුගේ නම හදාගෙන තියෙන්නේ ඒ දවස්වල අපේ එවුන් පොරට කියපු "දේවතා එළි" කියන එක කෙටි කරලා.  මොකද කට්ටිය කියන්නේ ඒ කාලේ පොර නාට්‍ය වල පෙනෙන්න ඉන්නේ දේවතා එළියක් වගේ කියලා... අන්න පොර ඉන්නවා කියනකොටම සීන් එක ඉවරලු... හැබැයි දැන් නම් එහෙම නෑ හොඳ ජනප්‍රිය නළුවෙක් විදියට අපිටත් ආඩම්බර වෙන්න පුළුවන් තැනක ඉන්නවා...


එළී කියපු කතා ගොඩක් තිබුනා උනත් මේ බ්ලොග් එකේ Rules & Regulations වලට අදාලව ඒ කතා මොනවා කරලවත් දාන්න බෑ... ඒ තරම් විශිෂ්ඨයි. යංතං ටිකක් වෙනස් කරලා හරි දාගන්න පුළුවන් තත්වෙක තිබුනේ මේ කතාව විතරයි...


ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ... ‍එළී මේ කතාව කියලා, එච්චර වෙලා හෙන සීරියස් පිට අපි සුනාමිය ගැන කරගෙන ආපු සාකච්ඡාව විනාස කරලම දැම්මා..... ඔන්න එහෙනම් දැන් විස්තර කථනය ඉවරයි... මෙන්න කතාව.......... 




සුනාමිය නිසා තමන්ගේ නිවස අහිමිවුන කාන්තාවක් තමන්ගේ එකම දරුවත් එක්ක ඉන්න තැනක් හොයාගෙන යනකොට හමුවුනාලු  පූජකතුමෙක්. (ඔන්න දැන් මේක ආගම් වලට කරන අපහාස හැටියට ගන්න එපා....) මේ පූජකතුමා අර කාන්තාව ගැන අනුකම්පා කරලා එයාට තමන්ගේ නිවසේ නවතින්න කීවලු.... ‍‍


අනේ ඉතින් මේ ගෑනු කෙනත් තමන්ගේ දරුවත් එක්ක ඒ ගෙදර නැවතිලා ගෙදර තියෙන වැඩකටයුතු ටික කරගෙන සතුටින් ඉන්නවලු. මේ අතරෙ......


ගමේ කතාවක් යනවලු මෙහෙම...... "අර අහවල් පූජකතුමා ගෙදර ගෑනියෙක් තියාගෙන ඉන්නවනේ....."

අනේ ඉතින් මේ කතාව ගමේ කඩපිලේ... ලිඳලඟ.... බස් හෝල්ට් එකේ...  ‍වගේ හැමතැනකම අන්තිම අසික්කිත විදියට පැතිරිලා යනවලු....


අන්තිමේදි මේ ගැන හොයල බලන්න කියල ගමේ ප්‍රභූවරයෙක් අර පූජකතුමා හමුවෙන්න ගියාලු.... 


ගිහින් විස්තර ඇහුවම පූජකතුමා ඒ ගැන තේරුම් කරල දුන්නලු.... ඒ කියන විදියේ දෙයක්  මෙතන නෑ...  මම කෙරුවේ අර ගෙදරක් නැතිව අසරණ වෙලා ඉන්න ගෑනු මනුස්සයාට පිහිට වෙන එක විතරයි කියලා.


ඒත් ඉතින් අර විස්තර හොයන්න ගිය එකාගේ කැත හිත කියන්නේ... ඌ අහනවලු මෙහෙම......


"දැන් ඔබතුමාත් ටිකක් තරුණයි.... අර ගෑනු මනුස්සයත් තරුණයි... මෙහෙම ඉන්න දවසක ඔබතුමාට හදිසියේ දරාගන්න බැරි විදියේ ආශාවක් ඇති උනොත් මොකද කරන්නේ????" 


පූජකතුමත් දැනගත්තා මූ මේ කැරකෙන්නේ මොකටද කියලා.... ඒ නිසා පූජකතුමා කියනවා...


"මේ ගෙදර තියන වත්ත අක්කර කීපයක් විශාලයිනේ.... එහෙම උනොත් මම මේ වත්ත වටේ රවුමක් දෙකක් යනවා... ඒකට පැය කීපයක් යනවනේ... එතකොට මහන්සියටත් එක්ක ඒ ආශාව නැතිවෙලා යනවා"


එතකොට අරූ ආයෙත් අහනවා....


"හොඳයි එහෙමනම් මේ ගෑනු මනුස්සයට කවදහරි හදිසියේ එහෙම දරාගන්න බැරි විදියේ ආශාවක් ඇති උනොත් ඔබතුමා මොකද කරන්නේ????"


එතකොට පූජකතුමා කියනවලු...


"මට එතකොට එහෙම ආශාවක් නෑනේ... ඒ නිසා මම ඒ මනුස්සයට කියනවා මේ වත්ත වටේ රවුමක් දෙකක් යන්න කියලා... එතකොට ඒ මනුස්සයාගේ ආශාව නැතිවෙලා යයි"


අර ආපු එකා ලේසියෙන් පරදින්න කැමති නෑ... වැඩේ කොහොමහරි ගොඩදාගන්න හිතාගෙන ඌ මෙහෙම අහනවා...



"හොඳයි කවදහරි දවසක අහම්බෙන් ඔබතුමාටයි ඒ ගෑනු මනුස්සයටයි දෙන්නටම එක වෙලාවෙම එහෙම දරාගන්න බැරි විදියේ ආශාවන් ඇති උනොත් මොකද කරන්නේ????"


හොඳටම මල පැනලා හිටපු පූජකතුමා මෙහෙම උත්තර දුන්නලු...


"කවද හරි එහෙම එකක් උනොත් මහත්තයා.... ඒ වෙලාවට මම අර ගෑනු මනුස්සයාගේ ළමයට කියනවා මේ වත්ත වටේ රවුම් දහයක් විතර ඇවිදලා එන්න කියලා....."


2 comments:

  1. සිරා කියන්නෙ මචෝ . . .. සිරාම සිරා . . . බරපතල බුද්දිමය සංවාද මැද්දට ඔබන්න නියමෙටම ගැලපෙන කතාවක්

    ReplyDelete
  2. සිරා කතාවක්. මේක කියවනකොට මට මතක් උනේ අර ඇම්ඩට වහෙලට නැගලා පාරෙ යන මිනිස්සු ගණන් කරන්න කියපු කතාව......!

    ReplyDelete