Wednesday, January 18, 2012

ඇම්ඩාගේ වයස...


මචංලා මේක නම් ගනන් පාඩමක් වගේ එකක්. ඒ වුනාට කමක් නෑ බලන්නකෝ....... ‍

හැබැයි තේරුණේ නෑ කියලා මගෙන් එහෙම අහන්න ලෑස්ති වෙන්න එපා හොඳඳ... මටත් ගණන් බෑ.

මේක මට කීව කෙනා ඇහුවේ නම් ප්‍රශ්ණයක් විදියට. මෙන්න මෙහෙම...........

දැනට ඇම්ඩාගේ තාත්තා ඇම්ඩාට වඩා අවුරුදු 26 ක් වැඩිමහල්ය
එහෙත් තව අවුරුදු 3 කට පසු ගත්විට ඇම්ඩා‍ගේ තාත්තාගේ වයස ඇම්ඩාගේ වයස මෙන් 13 ගුණයක් වේ.

ප්‍රශ්ණය ::: ඇම්ඩාගේ තාත්තා දැන් ඉන්නේ කොහේද ???????

අහපුවම හිතෙනවා මූට පිස්සුද කියලා නේද......?

පොඩ්ඩක් පහලට යන්නකෝ පොර මට හදලා පෙන්නපු විදියට උත්තරේ බලන්න......

...
...
...
...
...
...
...
...
..
...
...

ඇම්ඩාගේ වයස  = x
තාත්තාගේ වයස = y

y = x + 26                 - (1) සමීකරණය 

y + 3 = 13 ( x + 3 )   - (2) සමීකරණය


විසඳීම

x + 26 + 3 = 13x + 39

12x = 29 – 39

X = - 10/12


පැහැදිලි කිරීම

10/12 කියන්නේ මාස 10ක් කියන එකයි (ඇයි මේ අපි කතාකරන්නේ අවුරුදු ගැන නිසා)

ඊට පස්සේ ඒකට ඉස්සරහින් තියන - (ඍන) ලකුණ ගැන හිතුවොත් ඇම්ඩා ඉපදෙන්න තව මාස 10ක් තියනවා කියලා අපිට හිතා ගත්තහැකි


උත්තරය

එතකොට හිතා ගන්නකො ඇම්ඩා ඉපදෙන්න මාස 10 කට කලින් උගේ තාත්තා කරන්න ඕනෙ වැඩේ සහ ඉන්න ඕනෙ තැන..........

(මම මේවගේ ප්‍රසිද්ධ ස්ථානයක අසභ්‍ය වචන පාවිච්චි කිරීමට කැමති නැති බව කරුණාවෙන් සලකන්න)


ප.ලි.

මේ කතාව මම මීට ගොඩක් කාලෙකට කලින් Publish කරපු එකකි.... ලියාගෙන ගිය අළුත් කතාව ඉවරකරගන්න බැරිඋනේ මට අසනීප වූ නිසාය... තවම හොඳටම හොඳ නැත.... මේ තියෙන්නේ එක වේලකට බොන බෙහෙත් ටිකේ අපේ චුටි මල්ලී ගත් Photo එකකි.....


No comments:

Post a Comment