Tuesday, September 29, 2015

හාවා..... Updated....

අවුරුදු හතරකට විතර කලින් මම ලියපු පෝස්ට් එකක් ආයෙත් මතක් වුනා ඊයෙ කුරුටු ගෑ ගී පවුරේ තිබුන පෝස්ට් එකක් දැකලා....

ඒහින්දා මම ඒ‍කම කෙටියෙන් ආයෙ ලියනවා....

ලෝකෙ සියලුම පොලිසි අතර තරඟයක් තිබ්බා අපරාධ පරීක්ෂණයට දක්ෂම කවුද කියලා හොයන්න. අන්තිමේදි රටවල් තුනක පොලිසි අන්තිම වටයට තේරුනා. ඒ තමයි ඇමරිකානු පොලිසිය, එංගලන්ත පොලිසිය සහ ශ්‍රී ලංකා පොලිසිය.

දැන් තර‍ඟේ අන්තිම වටය.... ඒක කරන්නේ මෙහෙමයි;  
කැළෑවකට හාවෙක් දානවා. ඉක්මනින්ම ඒ හාවව හොයාගෙන එන පොලිසිය තමයි තරඟය දිනන්නේ.....

පළවෙනි අවස්ථාව ලැබුනා එංගලන්ත පොලිසියට 

කට්ටිය කැලේට ගිහින් සෑහෙන වෙලාවක් ගත කරලා ගස් ගල් වලිනුත් කටඋත්තර අරගෙන එහෙම හිස් අතින්ම එලියට ආවලු..... ඇවිත් තඩි රිපෝට් එකක් භාරදුන්නලු..... 

හාවා සොයාගැනීමට නොහැකි ලෙස අතුරුදහන් වී ඇත කියලා

දෙවනි අවස්ථාව ලැබුනා ඇමරිකානු පොලිසියට 

එයාලා දෙපාරක් තියා එක පාරක්වත් හිතුවේ නෑ..... කෙලින්ම බෝම්බ දාලා මුළු කැලේම ෆ්ලැට් කරා. එහෙම කරලා එයාලත් තඩි රිපෝට් එකක් භාරදුන්නා.....

දැන් හාවාගෙන් කිසිදු තර්ජනයක් නොමැත කියලා

අන්තිම අවස්ථාව අපේ ශ්‍රී ලංකා පොලිසියට ලැබුනා..... 

දැන් අපේ පොලිස් මාමිලා ටික බැස්සා කැලේට..... ගිහින් හැරෙන තැපෑලෙන් පොරවල් ටික ආපහු එනවා. හැබැයි එන්නෙත් නිකන් නෙමේ....   
මුන් ටික තඩි වලහෙක් අල්ලගෙන ඌට ගහගහ ඇදගෙන එනවා...... 

මෙන්න මෙතනට නියමෙට ගැලපෙන විදියට කුරුටු ගෑ ගී පවුරේ තිබුන ක්‍රියේටිව් දෙබස...

තරඟ සංවිධායක  - උඹ කවුද????

වලස් තඩියා - මම තමයි සර් කොණ්ඩයා........

ලංකා පොලිස් - අා දැක්කානේ සර් මූ තමා වැඩේ කරලා තියෙන්නේ....

තරඟයේ
සංවිධායක - දැන් කවුද මේ කොණ්ඩයා ... කෝ ඒතකොට හාවා......

ලංකා පොලිස් - අා........... දැන් අපි හොයන්න ඕනේ කොණ්ඩයා නෙමෙයිද සර්...

තරඟයේ
සංවිධායක - නෑනේ මේ තර‍ගෙදි හොයන්න තියෙන්නේ හාවෙක්

ලංකා පොලිස් - අා............ හරි විනාඩි පහක් දෙන්න සර්...

වලස් තඩියා - එපා... එපා.... සර් විනාඩි පහක් ඕනේ නැහැ . හාවත් මමම තමයි............. 



මගේ මුල්ම හාව‍ා පෝස්ට් එක
http://apemawala.blogspot.com/2011/10/blog-post_30.html

කුරුටු ගෑ ගී පවුරේ කොණ්ඩයා පෝස්ට් එක
http://kurutugegeepawra.blogspot.com/2015/09/blog-post_28.html