Thursday, March 22, 2012

වජීගේ කතන්දර.....

වජී කියන්නේ අපේ නිල ප්‍රවාහන සැපයුම්කරු.... එහෙම නැතිනම් උදේ හවස අපි Office යන එන වාහනේ Drive කරන මල්ලි.... මූ ඇවිල්ලා අර ඔලුව කැඩිච්ච ඉස්කුරුප්පු ඇණයක් වගේ භාණ්ඩයක්. මාසෙකට විතර සැරයක් හොඳ මඤ්ඤං වැඩක් කරනවා....


- ඔය මඤ්ඤං කියන වචනේ අපේ රෝසි අක්කා කියවන්නේ ‘මකදකදං‘ කියලා... එයා ලඟ ඒකට කතාවක්ම තියනවා “දවසක් මං කොම්පකදකද වීදියේ යනකොට පිපිකදකද කඩයක් ඇතුලේ පූසෙක් කදාව් කදාව් කියනවා“ කියලා... -


හරි දැන් ඇඩ් ඉවරයි ආයෙත් වජීගෙ කතාවට..... මුගේ පහුගිය දවස් වල හිට් වෙච්ච කතා කීපයක්ම තියනවා ඒකෙන් කතා තුනක්ම මම සම්බන්ධ ඒවා....




වජී දවසක් මමත් එක්ක වැල්ලවත්ත පැත්තට ගියා පොඩි වැඩ වගයකට. ගිහින් එනකොට රෑ 8 විතර වෙලා. දැන් අපි දෙන්නා Marine Drive එකේ ආපහු බම්බලපිටිය පැත්තට එනවා. මෙහෙම එනකොට අපේ මූණට ටිකක් සැර හෙඩ් ලයිට් පාරක් වදිනවා..... වජිය අරූට ඩිම් කරන්න කියලා උගේ වාහනේ හෙඩ් ලයිට් දෙතුන් පාරක් ගැහුවා, ඒත් මොනවත් වෙනසක් නෑ..... 


දැන් මූ හෝ ගාලා අර ඉස්සරහින් එන එකාට බනිනවා... වාහනේ ඇතුලේ කුණුහරුප එකයි..... ටිකක් ඒ වාහනේට ලංවෙනකොට අපිට පේනවා අනිත් වාහන වලට වඩා ටිකක් උඩින් තමයි ඒකේ හෙඩ් ලයිට් තියෙන්නේ කියලා.... බලද්දි මොකක්ද ඒ???? 


බම්බලපිටිය ස්ටේෂන් එකේ තියෙන කෝච්චියක්..............






දෙවනි කතාව උනේ අර Arash ගේ Broken Angel  සින්දුව හිට් වෙච්ච කාලේ......




මේ කාලේ වජී, අක්කි මෙහෙයවපු අපේ ඉංග්‍රීසි පන්තියේ සාඩම්බර ශිෂ්‍යයෙක්.... 


පන්තියේදි මුන්ට කියලා දවල් වරුවේ යන එනකොට ඇහෙන ඉංග්‍රීසි සින්දු වගේ දේවල් වල තේරුම මොකක්ද කියලා හොයාගන්න උත්සාහ කරන්න කියලා. නොතේරෙන වචන Dictionary එකෙන් බලන්නත් කියලා.... 


වජියගෙ කරුමෙට මූට ඇහිලා තියෙන්නේ මේ සින්දුව..... පොර කොහොම හරි සෑහෙන දුරට සින්දුවේ තේරුමත් හොයාගෙන. ඒත් එක තැනක පොර හිරවෙලා... Dictionary එකේ බලලත් තේරුම්ගන්න බැරිඋන තැන, හවස ගෙදර යන ගමන් මූ මගෙන් ඇහුවා ප්‍රශ්ණෙ....


“අයියේ අර සින්දුවේ නමේ තේරුම මට හිතා ගන්න බෑනේ....... ඒන්ජල් නම් අර මාලුවානේ.... ඒත් ඇයි ඌව කඩන්නේ....????“




තුන්වෙනි කතාවනම් සිද්දඋනේ මේ ලඟකදිමයි.... 

මේ දවස්වල රේඩියෝ එකේ යනවනේ Amana Takaful කියලා ඉන්ෂුවරන්ස් එකක ඇඩ් එකක්.... මේකේ අන්තිමට කියනවා “ඉන්ෂුවරන්ස් ගැන දැනගන්න අමතන්න Amana Takaful - *************  කියලා.

මම දවසක් වජියට Amana Takaful එකේ Office එකක් පෙන්නලා කීවා “මල්ලි අර අළුත් ඉන්ෂුවරන්ස් ඇඩ් එක මේ ගොල්ලන්ගේ“ කියලා. එතකොට මූ කියනවා

“ආනේ අයියේ.... Amana Takaful කියන්නේ Company එකක්ද??? මම මෙච්චර කල් හිතාන හිටියේ ඉන්ෂුවරස් එකක් ගන්න ඕනෙ උනොත් අර දීල තියන නොම්මරෙන් Amana Takaful කියන ගෑණිට කතා කරහම එයා ඒ ගැන විස්තර කියල දෙනව කියලනෙ....“

හැබැයි අපේ කොල්ලො නම් කියන්නනේ මූ අර නම්බරේට කතා කරලා “මට Amana Takaful ට කතාකරන්න ඕනේ“ කීවා කියලා තමයි..........

6 comments:

  1. එල කොල්ලෙක්නෙ.. උඹ නෙමෙයි වජියා :)

    ReplyDelete
  2. නියම පොරක් නේ .... ඔහොම එවුන් නැත්නම් ආතල් කොයින්ද ...

    ReplyDelete
  3. අම්මපා වජියා ගැන මෙච්චර ලිව්ව එකේ නරකත චරිතාපදානයක් එහෙම කලොත්. හොඳට හිට් වේවි

    ReplyDelete
  4. :) එල ජෝක් ටික! ඒත් බන්දුලගෙයි විමල්ගෙයි තරම් නම් නෑ බං! :D

    ReplyDelete
  5. මුණ ගැහෙන්න වටින පොරක්නේ...

    ReplyDelete