Thursday, December 15, 2011

ට්‍රිප්.....

දැන් ඇවිත් තියෙන්නේ අවුරුද්දේ අන්තිම මාසේ වගේම ඉස්කෝල වලත් නිවාඩු කාලේ නිසා කස්ටියගේ එකම බලාපොරොත්තුව වසර අවසාන මහා විනෝද චාරිකාව යන එක....

ඒත් ඒක හිතන තරම් ලේසි වැඩක් නෙමේ කියල කවුරුත් දන්නවනේ.


ලොකුම ප්‍රශ්ණේ යන්නේ කොහෙද කියලා තීරණය කරගන්න එක. එකෙක්ට මාතර යන්න ඕනෙනම් අනිකට ඕනේ යාපනේ යන්න..... තවත් එකෙක්ට සීතල පැතිවල යන්න බෑ.... තව එකෙක්ට රස්නෙ පැතිවල ගියහම හමේ බිබිලි දානවා කියනව..... කේස් කෝටියයි... කොටින්ම සෙට් එකේ දහ දෙනෙක් හිටියොත් දහදෙනාට යන්න ඕනෙ තැන් දහයකට....


ඒ මොනව උනත් අපේ කොල්ලො ටික නම් අපායට උනත් යන්න එවරෙඩි... බෝතලෙයි බයිට් එකකුයි තියනවනම්... ඒක කියනකොට මතක් උනේ... මීට ටික කාලෙකට කලින් අපේ සෙට්එකම ගියානේ ඉන්දියාවේ ට්‍රිප් එකක්... ගිහින් ඒ පැත්ත විනාස කරලා ආවේ...


ඒ ට්‍රිප් එකේ අපිත් එක්ක අපේ රංග මල්ලිගේ බාප්පත් ගියා. පොර මීට කලින් එක පාරක් ඉන්දියා ඇවිත් තියනවා කියලා තමයි කීවේ. පොරට ආගමික භක්තිය ඉස්මුරුත්තා වෙලා තියෙන්නේ..... අපේ කස්ටිය ආතල් ගත්තේ රංගයගේ බාප්පගෙන් තමයි....


දැන් ඉන්දියා ගියහම අපිට ගොඩක් ලංකාවේ හාමුදුරුවරු මුණගැහෙනවානේ... අපිත් ඉතින් කතාබහ කරලා වැඳලා එහෙම එනවා... බාප්පා  ඔය වගේ තැන් වලට යන්නේ පත්තරයකුත් අරගෙන. පොර ගිහින් හාමුදුරුවෝ ඉස්සරහ පත්තරේ එලලා ඒක් දිගාවෙලා හාමුදුරුවන්ගේ කකුල්දෙක අල්ලගෙන ගාථා කියලා තමයි වඳින්නේ.... ඉන්දියාවදි තියා ලංකාවෙදිවත් මෙහෙම වැඳුම් ලබලා පුරුදු නැති හාමුදුරුවරු අපේ දිහා බයවෙලා වගේ බලනවා...


දවසක් අපි ගියා එහේ නටඹුන් වගයක් තිබුණ තැනකට. ගිහින් බලනකොට අපේ හාමුදුරු කෙනෙකුත් ඇවිත් අපිට එතන වැදගත්කම ගැන කියලා දුන්නා. එතන බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්යක් දක්වපු තැනක් කියලා..... මේක කියනකොට බාප්ප කියනවා....


"හාමුදුරුවනේ මම මීට මාස 06කට විතර කලින් මෙහේ ආපු වෙලාවේ මෙතන ගහකින් බෙලි ගෙඩියක් කඩාගෙන ගියා.... ඒක තාම අපේ ගෙදර තියනවා නරක් නොවී.... ඒකත් නිකන් ප්‍රාතිහාර්යක් වගේ නේද....???"


මේක අහපු හාමුදුරුවෝ අපි දිහා, මුන්ට පිස්සුද... නැත්නම් මට පිස්සුද... වගේ බැල්මක් දාලා යන්න ගියා.


මේ දේවල් මෙහෙම වෙද්දි අපේ කොල්ලො ටික සුපුරුදු බෝතලේ අතඇරියේ නෑ... එහේ භාෂාව නොදන්නවා උනත් යස අගේට බාර්වලට ගිහින් බඩු අරන් ආවා... ඒ ගෙනාපු වර්ගවලින් අල්ලලාම ගිය වර්ගය තමයි මේ තියෙන්නේ... මම හිතන්නේ මේක ඉන්දියාවට ආවේනික වර්ගයක්



කස්ටිය හොටෙල් එකට ගිහින් වැඩේ පටන් ගන්න තැන විදියට තෝරාගන්නේ අපේ පොඩි මල්ලිගෙයි චූටි මල්ලිගෙයි කාමරේ... 

මෙහෙම බිබී ඉඳපු දවසක, පහුවදා පාන්දර 4ට යන්න තිබුන නිසා අපි බෝතලේ ඉවරකරන්නේ නැතිවම විසිරිලා ගියා. කොහොම හරි උදේ පාන්දර ගමන යන්න පොඩි මල්ලියි චූටි මල්ලියි ඇහැරවා ගන්තේ පුදුම දුකක් විඳලා.... පස්සේ බලද්දි තමා කේස් එක දන්නේ..... 

මුන් දෙන්නාට මීටර්වෙලා නෑ, රෑ අපි වැඩේ නවත්තලා ගියා කියලා. ඒ නිසා දෙන්නත් එක්ක කයිය ගහ ගහ ‍‍බෝතලේ ඉවර වෙනකන් බීලා... පාන්දර නැගිටිනකොටත් දෙන්නට වෙරි......

අන්තිම දවසේ කස්ටියම ගානට අනුමත වෙලා ආතල් එකක් ගන්න අනිත් එවුන්ගේ කාමර වල ‍‍බෙල් ගහලා දුවනවා..... මේ වැඩේට අපේ ලොකු අක්කගේ ආදරණීය හබියත් සෙට් උනා... කොහොම හරි එක තැනකදි වැඩේ ගැස්සුනා....

‍ලොකු අක්කගේ හබිය බෙල්එක ගහනකොටම දොර ඇරුනා.... ඇරුන දොරින් එලියට ආවේ ලොකු අක්කා... බලනකොට මේ පොර වෙරි මරගාතේ බෙල්එක ගහලා තියෙන්නේ තමන්ගේ කාමරේමයි....

ලොකු අක්කා "තමුසෙට පිස්සුද ඕයි.... මේ දොර ඇරලා තියෙද්දී බෙල් ගහන්නේ..... කුණු වෙනකන් බීල බීල එනව මෙතනග......." කියලා මධුර මනෝහර ආදරණීය ස්වරයෙන් තම ස්වාමියාට ආමන්ත්‍රණය කරන්න පටන් ගන්නකොටම අපි කාමර වලට ගිහින් දොරවල් වහගත්තා....

බයකට නෙමේ.... මොකටද නිකන් අඹුසැමියන්ගේ පෞද්ගලික සංවාද අහගෙන ඉන්නේ.... නේද........


2 comments:

  1. අපි නං නෑ නෙ ඔය බොන සීන් වලට . . ඒ නිසා කවදාවත් බීල හාමිනේගෙං බැනුං අහල නෑ

    ReplyDelete
  2. ඔව් ඔව්... උඹ බබා..... :)

    ReplyDelete