Wednesday, December 21, 2011

දඩයම්......

මේ විස්තර ටික කියන්න කියලා තමයි කලින් පෝස්ට් එක ලියන්න පටන් ගත්තේ. කොහෙද ‍බාප්පා ගැන කියන්න ගිහිල්ලා කතාව ට්‍රැක් පැන්නනේ........ ඒ නිසා අදවත් ඒ ටික කියන්නම්.


මේ සැරේ අපේ අය ට්‍රිප්එක ඕගනයිස් කරනකොට අපේ කොල්ලො දාපු ඉල්ලීමක් තමයි "දඩයමේ යන්න හරි මාළු බාන්න හරි පුළුවන් තැනකට යමු කියලා....." එතකොට තමයි මේ කතා ටික ඇදිලා ආවේ...
මේවත් පහුගිය කාලේ ඊමේල් වලින් ආව කතා ටිකක්....


දඩයමේ යන්න කතාකරා කියලා අපි ගැන වැරදියට හිතන්න එපා........... "අපි වෙජිටේරියන්....... මස් ටිකයි කන්නේ.........."




1. කළුකුමෙක් අල්ලා ගන්නා ආකාරය


අවශ්‍ය ද්‍රව්‍ය : බටර් ස්වල්පයක්, මල්ලක්


ක්‍රමය : 

1. රාත්‍රියට කළුකුමන් නිදාගන්නේ ගස් උඩය. ප්‍රථමයෙන් එම ගස ‍සොයාගන්න.
2. කළුකුමාට නින්දගිය පසු ගසට නැග උගේ ඇස් පිහාටු වල හොඳින් බටර් තවරන්න.
3. උදෑසන හිරු පායන විට එම බටර් දියවේ. දියවන බටර් ඇසට වැටීම නිසා කළුකුමාගේ ඇස් නොපෙනී යයි.
4. ඇස් නොපෙනීම නිසා කළුකුමා පය පැටලී ගසෙන් බිමට වැටේ.
5. ගහෙන් බිමට වැටීම නිසා අන්දමන්ද වී සිටින කළුකුමාව වහාම අල්ලාගෙන මල්ලට දමාගන්න.




2. හාවෙක් අල්ලා ගන්නා ආකාරය


අවශ්‍ය ද්‍රව්‍ය : උඳුපියලිය ස්වල්පයක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, ලොකු ගඩොල් කැටයක්, මල්ලක්


ක්‍රමය : 

1. ගඩොල් කැටය හාවා එන මාර්ගයේ තබා ඒ මතට උඳු පියලිය ටික දමන්න.
2. ඉන්පසු ඒ මතට ගම්මිරිස් කුඩු ඉහින්න.
3. හාවා එනවිට උඳුපියලිය දැක කෑමට පටන් ගනී. එවිට උගේ නහයට ගමිමිරිස් කුඩු යයි.
4. එවිට ඌට කිඹුහුම් යයි. එවිට හාවාගේ ඔලුව ගලේ වදී.
5. ඔලුව ගලේ වැදීම නිසා සිහිනැතිවී සිටින හාවාව පහසුවෙන්ම අල්ලා මල්ලට දමාගත හැකිය.




3. අලියෙක් අල්ලා ගන්නා ආකාරය


මීට අවුරුදු 15-20 කට විතර ඉස්සර අපේ ගමේ තැපැල් කන‍්තෝරුව ලඟ පෙන්ෂන් එකද කොහෙද ගන්න ඇවිත් වෙලාව එනකන් හිටපු සීයලා ටිකක් තර‍ඟෙට බොරු කියනකොට මේ කතාවත් කියනවා මම අහගෙන හිටියා. ලඟදී මේක Facebook එකෙත් පෝස්ට් කරලා තිබුනා... 


මට දැන් ඒක ලියන්න කම්මැලියි වගේ.... ඒ නිසා මම ‍Facebook පෝස්ට් එකම මෙතන දාන්නම්....




මේ පෝස්ට් එක දාපු ඔරිජිනල් අයිතිකාරයා වෙත: 


කම්මැලි නිසයි අමු අමුවේ කොපි කරේ...... තරහවෙන්න එපා හො‍ඳේ.....  අපි කවදාවත් මේවගේ අයිතිය ඉල්ලන්නේ නෑ... බුක්තිය විකරයි ඕනේ....

No comments:

Post a Comment