Friday, February 17, 2012

බිරිඳ ගැන දාර්ශනික මත.....

අර දුකාගේ හස්බන්ඩා සහ වයිපරේ කතාව ඊයෙ කියවලා ඉවර වෙනකොටම වගේ අපේ මංගි නැන්දා ඒකටම සම්බන්ධ තවත් මේල් එකක් එව්වා... 


හැබැයි මේවා මේ එසේ මෙසේ අය කියපු කතා නෙමේ දාර්ශනික‍යෝ කියපු කතා.... මම ඒක ඔප්පු කරන්න කියපු කෙනාගේ නමත් දාන්නම්.... ඒ නිසා මේවා කියවලා මට බනින්න එපා හො‍ඳේ.... උන්ට බනින්න.... 
උන්ව හොයාගන්න බැරිම නම් අර මංගිට හරි බැනපල්ලා.....


සැ.යු. - 
කවුරුවත් තාම දන්නේ නැති උනාට Anonymous කියලා කියන්නේද දාර්ශනික‍යෙකි......... (මමත් මේ දේ ඊයෙ තමා හොයාගත්තේ)





  • කවරෙකු හෝ ඔබගේ බිරිඳ හොරකම් කලහොත්, ඔහුට ඇය තබාගන්නට ඉඩහරින්න. එය ඔහුගෙන් පළිගත හැකි හොඳම ආකාරයයි. - David Bissonette

  • විවාහයෙන් පසු සැමියා හා බිරිඳ එකම කාසියක පැති දෙකක් බවට පත්වේ; එනම්, එකට ජීවත්වුවද ඔවුන්ට එකිනෙකාට මුහුණ දිය නොහැක. - Sacha Guitry

  • අනිවාර්යෙන් විවාහ වන්න; ඔබට හොඳ බිරිඳක් ලැබුනහොත් ඔබ සතුටින් ජීවත්වනු ඇත. ඔබට නරක බිරිඳක් ලැබුනහොත් ඔබ දාර්ශනිකයෙකු බවට පත්වනු ඇත. -  Socrates

  • කාන්තාව අපව උසස් අරමුණු කරා යාමට පොළඹවයි. එහෙත් ඇයම අප එම අරමුණු කරා ගමන් කිරීම වලක්වයි. - Anonymous

  • මට මෙතෙක් පිළිතුරු දීමට නොහැකි වූ වැදගත්ම ප්‍රශ්ණය මෙයයි; "කාන්තාවකට අවශ්‍ය කුමක්ද ?" - Dumas

  • මම මගේ බිරිඳට වචන කීපයක් පැවසුවෙමි.  ඇය එයට ඡේද කීපයකින් පිළිතුරු දුන්නාය. - Sigmund Freud

  • මගේ දීර්ඝ කාලීන ප්‍රීතිමත් විවාහ දිවියේ රහස නම් අප සතියකට දින දෙකක් නගරයේ අවන්හලෙන් රාත්‍රී කෑම ගැනීමට වෙලාව වෙන් කරගෙන තිබීමයි. එහි මෘදු සංගීතයක් සහිතව ඉටිපන්දම් ආලෝකයෙන් විචිත්‍ර රාත්‍රී ආහාර වේලක් භුක්ති විඳිය හැක; මගේ බිරිඳ සෑම අඟහරුවාදා දිනකම එහි යන අතර, මම යන්නේ සිකුරාදා දිනටය. - Anonymous

  • ඉලෙක්ට්‍රොනික් බැංකුකරණයට (electronic/internet Banking)  වඩා ඉක්මනින් මුදල් හුවමාරු කලහැකි ක්‍රමයක් දැනට ලෝකයේ ඇත; එයට කියන්නේ විවාහය කියලයි. - Sam Kinison

  • මගේ බිරියන් දෙදෙනාම මට දුක්මුසු අත්දැකීම් ගෙන ආවේය; පළමු බිරිඳ මා හැරගිය අතර දෙවැනි බිරිඳ තවමත් මා සමග සිටී - James Holt McGavra

  • ඔබගේ විවාහ දිවිය ප්‍රීතියෙන් ගත කිරීමට උපදෙස් දෙකක්
                   1. ඔබට වැරදුනු හැම විටකම ඔබ වැරදි බව ඇයට පවසන්න
                   2. එහෙත් ඔබ නිවැරදි හැම විටකම ඒ බව පැවසීමට නොයන්න
       - Patrick Murra

  • ඔබගේ බිරිඳගේ උපන් දිනය මතක තබා ගැනීම සඳහා මෙතෙක් සොයාගෙන ඇති හොඳම ක්‍රමය නම්; එක වරක් එය අමතක කිරීමයි - Nash

  • ප්‍රශ්ණය: ඔබ දන්නවාද මම විවාහ වීමට පෙර කළදේ?; උත්තරය : මට කරන්න හිතුන හැම දෙයක්ම.  - Anonymous

  • මගේ බිරිඳ හා මම අවුරුදු 20ක් පුරා සතුටින් ජීවත් වීමු. ඊට පසු අපි හමුවී විවාහ වීමු. - Henny Youngman

  • හොඳ බිරිඳක් ඇයට වැරදුනු හැම විටකම තම ස්වාමියාට සමාව දෙයි - Rodney Dangerfield

  • මිනිසෙක් පත්තරයක "බිරිඳක් ඕනෑකර තිබේ" කියා  දැන්වීමක් දැම්මේය. පසුදින ඔහුට ලිපි 100ක් පමණ ලැබුණි ඒවාගේ ලියා තිබුනේ "ඔබට මගේ බිරිඳ රැගෙන යා හැක" කියාය - Anonymous

  • පළමු පුද්ගලයා (සතුටින්) - "මගේ බිරිඳ දේව දූතියක්" ; දෙවැන්නා (දුකින්) - "ඔබ වාසනාවන්තයි... මගේ බිරිඳ නම් තවම ජීවතුන් අතර" - Anonymous


ප.ලි.
        මව්බසින් තිබුන එකක් සිංහලට Translate කරලයි දැම්මේ... පරිවර්තන සහය "අපේ ඉංග්‍රීසි පන්තිය" මෙහෙයවූ අක්කි ගෙනි... එබැවින් වැරදි ඇතොත් අක්කිට සමාව දෙන්න.

9 comments:

  1. හෙහ් පට්ට අදහස් ටික.... හැබැයි දැන් පෙරෙස්සමින් හිටපන්...:)

    ReplyDelete
  2. හරිම රසවත් ලිපියක් . බොහොම ස්තූතියි . කසුන් තමයි පාර පෙන්නුවේ .

    ReplyDelete
  3. මේක නම් තිතට හරි..

    "හොඳ බිරිඳක්(පෙම්වතියක්) ඇයට වැරදුනු හැම විටකම තම ස්වාමියාට(පෙම්වතාට) සමාව දෙයි"

    ReplyDelete
  4. මම හිතන්නේ මගේ Wife තවම ‍මේ පෝස්ට් එක කියවලා නෑ වගේ..... නැතිනම් මම මෙහෙම ඉන්න විදියක් නෑ..... ඉස්සරහට මම සති කීපයක් අතුරුදහන්වෙලා වගේ හිටියොත් හිතාගන්න Wife පෝස්ට් එක කියවලා කියලා...... මොකද දාර්ශනික මං තුමා කියලා තියනවනේ “ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති භයානකම සත්වයාගේ නම Wife ය” කියලා

    ReplyDelete
  5. අදමයි ආවෙී( ලාංකීය සිතුවිලි හරහා )වැදගත් අදහස් ටිකක් දිගටම යන්නේ මෙී වගේ ඒවද...නෑ ඉතිං එහෙමනම් කියවන්න කලින් ආරක්ෂාව ගැනත් සැළකිලිමත් වෙන්න එපැයි.

    ReplyDelete
  6. දුකා අයියගෙ බ්ලොග් ලින්කුවකින් මෙහාට අදමනෙ ආවෙ.. ඇයි මේ හැමෝම බිරිදව එපා වෙලා වගේ .. අගය අඩු කරල විහිලූවට ගන්නෙ කියලයි මට තේරෙන්නැත්තෙ.. :/

    ReplyDelete
  7. අඩේ මරු ලිපියක් නේ !
    මේ කතා සේරම ටික ඇත්ත !!!

    ReplyDelete
  8. ඉස්සරහට වැදගත් වෙන ලිපියක්..

    ReplyDelete