Tuesday, December 13, 2011

කතා ටිකක්.....

මේ දවස් වල අපේ අයට වැඩ ගොඩගැහිලා..... ඒ හින්දා මේ පැත්තේ එන්නවත් වෙලාවක් නෑ. ඒත් පෝස්ට් එකක් නොදා හොඳනැති හින්දා මේ දවස්වල ඊ මේල් වලින් වටේ ගිය කථා වලින් තෝරාගත්ත ඒවා දෙකතුනක් දාන්න කියලා හිතුවා.... 


මම මේ කතා සමහර සයිට් වලත් කියවලා තිබ්බා කියලා මතකයි. ඒත් ඒ කොහෙද කියන එක නම් මතක නෑ..... ඒ නිසා කතාවල අයිතිකාරයෝ තරහ වෙන්න එපා හො‍ඳේ......


අර අපේ කළු මල්ලි කියනවා වාගේ "අපිට අයිතිය ඕනේ නෑ... බුක්තිය තිබුනාම හොඳටම ඇති...."




1. High Speed



අධික වේගයෙන් ගමන් ගත් මෝටර් රථයක් නතර කල පොලිස් නිලධාරියා රියැදුරා එලියට බස්සවා ගත්තේය...

"
වේගය සීයත් පැනල... ගන්නවා තමුසෙගෙ ලයිසන් එක..."

"
මට ලයිසන් නෑ රාළහාමි..."

"
එහෙනම් මේකේ ඉන්ෂුවරන්ස් එහෙම ගන්නවා බලන්න..."

"
ඒවත් නෑ...මේක හොරකම් කරපු එකක්..."

"
මොනවා තමුසේ මොකටද මේක හොරකම් කලේ...?"

"
මිනියක් මරන්න යන්න... අන්න මිනිය ඩිකියේ ඇති..."


මේ තොරතුරු ඇසු පොලිස් නිලධාරියා තම උසස් නිලධාරියෙකුට රේඩියෝ පණිවුඩයක් දුන්නේය... මොහොතකින් උසස් නිලධාරියා පැමිණ රියදුරුගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත්තේය...

"
තමුසෙට ලයිසන් නෑ කියන්නේ ඇත්තද..?"

"
බොරු සර්... මේ තියෙන්නේ ලයිසන් එක..."
(රියැදුරා ලයිසන් එක ඉදිරිපත් කරයි)

"
මේ කාර් එක කාගෙද..?"

"
මගේ සර්... මේ තියෙන්නේ ලයිසන් ඉන්ෂුවරන්ස් ඔක්කොම..."

"
කරුණාකරලා ඩිකිය අරිනවද... ඒකේ මිනියක් තියෙනවා කියල ආරංචියි.."

"
ප්‍රශ්නයක් නෑ සර් මේ බලන්න..."
(ඩිකිය ඇර පෙන්වයි... එහි කිසිවක් නැත...)

"
මට මේ මුකුත් තේරෙන්නේ නෑ... මේ නිලධාරිය මට කිව්වා මේකේ ලයිසන් නෑ, ඒ මදිවට හොරකම් කරපු කාර් එකක්ඩිකියේ මිනියකුත් තියෙනවා කියල..."

"
දැක්කද සර්... තව ටිකකින් ඔය රාළහාමි කියයි මම අධික වේගයෙන් රිය පැදෙව්වත් කියල"


2. හොර බඩු

එක් සැදෑ කාලයකදී එක්තරා පුද්ගලයෙකු සිය පාපැදියේ නැගී දේශසීමාව කරා ලගා වෙමින් සිටියේය. ඔහු සිය බයිසිකලයේ විශාල බෑගයක් රැගෙන ගිය නිසා මායිමේ රැකවලා විසින් ඔහුව නතර කර මෙසේ ප්‍රශ්ණ කලේය.

"බෑග් එකේ මොනවද තියෙන්නේ?"

"වැලි"  මිනිසා පිලිතුරු දුන්නේය.

"
අපි ඒක කෝකටත් පරීක්‍ෂා කරලා බලමුද?" රැකවලා පැවසීය.

මිනිසා බෑගය විවෘත කර ඇතුලත ඇති දෑ බිමට හැලුවේය. බෑගය තුල වැලි වලට අමතරව කිසිවක් නොවූ අතර රැකවලා විසින් වැලි යලිත් බෑගයට පුරවා ඔහුට මායිම හරයා යන්නට අවසර දුන්නේය.

ඊළග දවසේද මිනිසා විශාල බෑගයක් සමග පැමිනියේය. රැකවලා බෑගයේ ඇත්තේ මොනවාදැයි ඇසූ විට සුපුරුදු ලෙස "වැලි" ලෙස මිනිසා පිලිතුරු දුන්නේය.

රැකවලා විසින් මිනිසාගේ බෑගය එදිනත් පරීක්‍ෂා කල නමුත් වැලි වලට අමතරව කිසිවක් බෑගය තුල නොවීය. එදිනද ඔහු මිනිසාට දේශසීමාව තරණයට අවසර ලබා දුනි.

මෙම සිදුවීම වසර තුනක් පුරාවටම අඛණ්ඩව සිදු වූ අතර සෑම දිනම විශාල වැලි බෑගයත් සමග මිනිසා දේශ සීමාව තරණය කලේය. 

අවසානයේ දිනක රැකවලා සිය සේවයෙන් විශ්‍රාම යන දිනය පැමිණියේය. එදින අර මිනිසා කරා ගිය රැකවලා ඔහුත් සමග කතාවට වැටුනි.

"
ඒයි යාලුවා" රැකවලා කතා කලේය. 

"
මම දන්නවා පහුගිය අවුරුදු තුන පුරාවටම තමුසේ මොනවා හරි දේශසීමාව හරහා ගෙනගිය බව. අදින් පස්සේ මම මෙතන නැති එකේ නිකමට දැන ගන්න කියනවකෝ බලන්න ඒ මොනවද කියලා?"

මිනිසා මෙසේ කීය "බයිසිකල්"



3. මනාලයා

දිනක් වේගයෙන් සිය රථය ධාවනය කළ පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරියෙකු...

"තමුසෙව මම දැන් දානව කූඩුවට... රේස් ගිහින් මිනිස්සු මරන්න...."

"අනේ මට හදිසියක්...."

"වචනයක් කථා කරන්න එපා... අද අපේ ලොක්කාගේ දුව බඳිනවා... හොඳ මූඩ් එකේ ආවොත් තමුසෙව එලියට ගන්නම්... නැත්තං කූඩුවේ තමයි"

"එහෙනම් මට කූඩුවේම තමයි ඉන්න වෙන්නේ"

"ඒ මොකද ?"

"මම තමයි ඕයි තමුසෙගේ ලොක්කගේ දුව බඳින එකා"

2 comments:

  1. කලින් සමහර කතා අහල තිබුනත් ආයෙ මුල ඉඳලම රසවින්දා

    ReplyDelete
  2. rasa ktha tikak thanks

    ReplyDelete