Tuesday, January 13, 2015

මෙත්තා. කරුණා, මුදිතා......

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ගුණාංගයන් හතර අපි හදුන්වන්නේ "සතර භ්‍රහ්ම විහරණ" කියලා. 

මේක වැරදිනම් බනින්නේ නැතිව දැනුවත් කරන්න හොඳ්.... මොකද මම පොඩිකාලේ හරියකට දහම් පාසල් ගියේ නෑ... යනවා කියලා කොල්ලොත් එක්ක වල බැහැපු එකමයි කරේ.

මේ ගැන මීට ගොඩකාලෙකට කලින් ඇතිවුන කථාවක් ලියලා දාන්න හිතුනා.... අහලත් ඇති... කමක්නෑ ආයෙ කියවන්න.


එක පොරක් යාළු‍වෙකුගෙ ගෙදර ගියාලු. යාලුවාගේ තාත්තා ගමේ වැදගත් හැමෝම ගරුකරපු චරිතයක් නිසා යාලුවා කීවලු "උඹ හන්දියෙන් බැහැලා ත්‍රී වීල් එකකට අපේ තාත්තගේ නම කියපන්. එතකොට උඹව ගෙදරටම ගෙනත් දායි" කියලා....

මිනිහත් දැන් ඉතින් ඒ විදියටම එනවලු. ගමන ටිකක් විතර දුර හින්දා ත්‍රී වීල් ඩ්‍රයිවරුයි මිනිහයි ආගිය තොරතුරු කථාකරනවා. ඒ අතරෙදි එළිවෙනවා ත්‍රී වීල් ඩ්‍රයිවර්ගේ නෝනා මෑතකදී මැරිලා තියෙන්නේ කියලා. ඉතින් අපේ පොර කියනවා...

"අනේ ඇත්තද.. ඉතින් ළමයි එහෙම නැත්ද? ආයෙ කසාදයක් බඳින්න එහෙම හිතුවේ නැතිද?"

"අම්මෝ මහත්තයෝ මට ආයෙ නම් කසාද එපා.... මම ඉතින් දැන් මෙත්තා, කරුණා, මුදිතා........... අා මහත්තයා දන්නෙම නැතිව තැනට ආවා. බහින්න එහෙනම්" 

කොහොම හරි මිනිහ අපේ පොරගෙන් සල්ලිත් ගත්තේ නෑලු... ඉතින් ආපු ගමන් පොර යාළුවාට කියනවලු....

"අර ත්‍රී වීල් ඩ්‍රයිවර් නම් හොඳ ගුණයහපත් මිනිහෙක් බන්... මගෙන් සල්ලි ගත්තෙත් නෑ..."

"කොහොමටත් ඔතන පාක් එකේ ගොඩක් එවුන් අපේ අයගෙන් සල්ලි ගන්නේ නෑ බන්. ඒ අතින් නම් උෟ හොඳ ඇති. නමුත් උගේ ඇති ගුණයකුත් නෑ යහපත් බවකුත් නෑ.... "

"ඇයි බන් එ්....?"

"උෟට රට පුරාම ගෑනු.... ඔය කේස් ආරංචි වෙලා තමයි උගේ ගෑනිත් ලඟදි වහ බීලා මළේ....."

"පිස්සු හැදෙනව‍‍ානේ බන්..... ඒත් මිනිහ එනකොටත් මාත් එක්ක කියව කියවා ආවේ මෙත්තා, කරුණා, මුදිතා......"

"ආ.... ඒ තමයි උගේ හොර ගෑණු ටික....."

4 comments:

  1. ඔහොම තමයි හොරු ගාෙඩක් කතා කරන්නේ බණ තමා...........

    ReplyDelete
  2. ඔවුවා ඉතින් ඔහොම තමයි..

    ReplyDelete
  3. කරුණා කිව්වාම මට නං මතක් වුණේ කරුණා අම්මාන්!

    ReplyDelete