Tuesday, January 6, 2015

කලාකරුවන්ගේ ඔළු පලන... ඔළු ගලවන.... ඩිස්නිලන්තය.........

මම මේ බ්ලොග් එකේ දේශපාලනයට සම්බන්ධ දේවල් කතාකරන්නේ නෑ කියලා ප්‍රතිපත්තියක ඉන්නේ... මේ ලිපියෙත් ලොකුවට එහෙම කතා නොකලත්, සෑහෙන දුරට වර්තමාන දේශපාලනයට සම්බන්ධ නිසා, දවස් දෙකක් තිස්සේ හිතලා අන්තිමටම මේක දානවා කියලා හිතුවා... 

එහෙත් මේ අදහස් දැක්වීමක් පමණි... සංවාදයට විවෘත නැත.......

----------------------------------------

ලංකාවේ දේශපාලන තත්වය පිළිබඳව මගේ ‍දැනුම බිංදුවය... නැතිනම් NILය... හේතුව මට මේ ලාංකික දේශපාලනය නම් ජරා මඩ ගොහෙ‍ාරුව පිළිකුල් වීමය... වෙන එකක් තියා ඒ පිළිබඳව කථා කරන, වාද කරන මිතුරන්ව පවා මම හැමවිටම මගහැර යමි. 
එහෙත් මම එසේ වුනාය කියා අනිත් අයත් එසේ වියයුතු යයි නොසිතමි... මේ නිදහස් රටකි... ඔවුන්ට තමන් කැමති දේශපාලන පක්‍ෂයක් වෙනුවෙන් (මන්ද අද ලංකාවේ දේශපාලන දර්ශන නොමැති තරම්ය. ඇත්තේ පක්‍ෂ පමණි) වාදකිරීමට, බැනගැනීමට, ගහගැනීමට හෝ මරාගැනීමට හැකි විය යුතුය.

කියන්නට ආවේ කලාකරුවන් ගැන බැවින් මා ගැන නොකියා ඔවුන් ගැන පවසමි..... 

කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේදී මීට සතියකට පමණ පෙර දේශපාලන දැනුවත් කිරීමක නිරතවසිටි කලාකරුවන් පිරිසකට ප්‍රහාරයක් එල්ලවිය... කලාකරුවන් යනුවෙන් හැඳින්වෙන්නේ ද ලංක‍ාවේ පුරවැසියන් වන බැවින්, ඔවුන්ට ද තමන් කැමති දේශපාලන මතයක් දැරීමට හා ඒ පිළිබඳව තම ප්‍රේක්‍ෂකයන් දැනුවත් කිරීමට අයිතිය ඇත...

දේශපාලනය වෙනුවෙන් ගහමරා ගැනීමට නිදහස ඇති බව මා කලින් කීවද, ගහමරා ගතයුත්තේ එසේ පැමිණෙන්නන් සමග විනා, කාටවත් කරදරයක් නොකර සිංදුවක් කියමින්, තම අදහස් ප්‍රකාශකරමින් සිටින අහිංසකයන් සමග නොවේ... එබැවින් මේ ක්‍රියාව අපේ පොඩි මල්ලීගේ වචන වලින්ම කියතහොත් අන්තිම පජාත.. කුජීතම ක්‍රියාවකි.......

එහෙත් ‍ඊටත් වඩා මගේ හිත රිදුනේ ඒ පිළිබඳව ඔවුන් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ කොටසකට සවන්දුන් පසුය... එහිදී මගේ සිහියට මුළින්ම නැගුනේ "වහලේ සිටි හූනාගෙන් පළිගන්නට ගෙට ගිනිතැබූ ගමරාලගේ පුතාවය".............



මම මේ පවසන්නේ ජගත් මනුවර්ණ නම් පුද්ගලයාටය.....

කවුරුන් රට පාලනය කරත් නොකරත් අපට මේ මව්බිම වටී... එයට 'මව්බිම' (ඉංග්‍රීසියෙන් කිවහොත් Motherland) යයි කියන්නේ හේතුවක් ඇතිවය... ඒ එය දෙවෙනි වනවා නම්, දෙවෙනි වන්නේ අපේ අම්මාට පමණක් බැවිනි. අප මැරෙන්න වැටී සිටියත් උපන් මව්බිම බාල්දු කරන්නේ හෝ එසේ බාල්දු කර කථාකරන්නේ නැත. 
ඔබ ඔබගේ මව්බිම ලෙස සලකන්නේ ශ්‍රී ලංකාවද ඇමරිකාවද කියා මම නොදනිමි. එමෙන්ම ඔබගේ දේශපාලන දර්ශනය කුමක් වුවත් මට කම්නැත... එහෙත් ඒ මුව‍ාවෙන් උපන් මව්බිමට ගැරහීමට ඔබට‍ සදාචාරාත්මක අයිතියක් නැත... අද එය රැඩිකල් වැඩකැයි සිතනවා නම් ඔබ හෙට ඔබේ අම්මාටත් "කාලකන්නි වේ****" යයි පවසනු ඇත.......
අවසාන වශයෙන් ඔබට කීමට ඇත්තේ මෙපමණකි... අනාගතයේ ඔබ උදාකිරීමට බල‍ාපොරොත්තු වන රැඩිකල් ලෝකයේ ද සිටිනුයේ ඔබ වැනිම අය නම්, එදාට උපදින දරුවන්ගේ 'බෙල්ල මිරිකා කානුවකට විසිකිරීම' ඔවුන්ට කරන මහත් වූ උපකාරයක්ම වන්නේය.......


දැන් ඒ කරුණ අවසානය.... ඊලඟට මගේ හිත රිදවූ කරුණට පාදක වුයේ පහත දැක්වෙන ඡායාරූපයයි.



ලාංකික දේශපාලනය පිළිකුල් වුවත් එම මඩ ගොහෙ‍ාරුවේ පිපුන පියුම් වැනියයි මා විශ්වාස කල පුද්ගලයන් අතලොස්සක් විය. ඔවුන්ව මම කවදත් අගය කළෙමි.... එම ලැයිස්තුවේ නම් කිහිපයකට වඩා නැති නමුත් ඒ සියල්ල මම නොකියමි. එහෙත් ඉහත ඡායාරූපයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනුයේ එයින් එක් අයෙකු බව පැවසීමට සිදුවීම දැඩි වේදනාවකි....

චම්පික රණවක මැතිතුමනි මේ වදන ඔබටයි.....

තම දේශපාලන අරමුණු ඉටුකරගැනීම වෙනුවෙන් ඔබ කුමක් කරත් මට කම් නැත... ඒ අප ‍ජීවත් වන්නේ දේශපාලනය මත නොවුනාට ඔබ ජීවත් වන්නේ දේශපාලනය මත වීම නිසාය... එහෙත් ඒ අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් අප රටේ වෙසෙන ජ්‍යෙෂ්ඨ හා ශ්‍රේෂ්ඨ කලාකරුවෙකුගේ ඔළුව ගැලවූ ඔබ, කුඹුක්ගැටේදී කලාකරුවන්ගේ ඔළු පැලූ ඔවුන් ගේ ගොඩටම දැන් වැටී ඇති බව කිව යුතුය.
එක අතකින් බලන විට, කුඹුක්ගැටේදී පහරදුන් අය උසස් අධ්‍යාපනයක් නොමැති, සමාජ දැනුම නොමැති, කලාකරුවෙකුගේ අගය නොහඳුනන, ලාබ‍ාලයන් පිරිසකි. ඔවුන් එසේ කිරීම පුදුමයක් නොවේ. එහෙත් ඔබ.... උසස් අධ්‍යාපනය ලබාඇති, සමාජ දැනුමින් පරිපූර්ණ, කලාකරුවෙකුගේ අගය හඳුනන, පරිණත පුද්ගලයෙකි නැතහොත් නායකයෙකි. මගේ පුදුමය එයයි........
ඔබ පවසනවා නම් මේ ඡායාරූපය ඔබ හට වෙනත් අයෙකු ලබාදුන් එකක් බව, මම මෙසේ අසමි.... ඔබ වැනි පරිණත පුද්ගලයෙකු එසේ දකින දකින ඡායාරූපය කිසිම සනාථ කරගැනීමකින් තොරව මාධ්‍යට පෙන්වමින් කරුණු පැවසීම කොතරම් සදාචාරාත්මකද???

අවසාන වශයෙන් මට කීමට ඇත්තේ "ශ්‍රී ලාංකික දේශපාලන මඩ වගුරේ පිපී ඇතැයි මෙතෙක් අප සිතා සිටි පියුම අපටත් හොරා පරවී ඇත" කියා පමණි...... 


අප කලාකරුවන් ගැන කතාකල නිසා, තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු ගැන කතාකල යුතුයි....

ඉන් පළමු පුද්ගලයා 'කසුන් කල්හාර'...

අනාගතයේදී හැකියාව අතින් පණ්ඩිත් අමරදේවයන්ගේ මට්ටමට පැමිණිය හැකි අයෙකු දැනට සිටිනවා නම් ඒ කසුන් කල්හාර පමණක් බවයි මගේ විශ්වාසය... මම දන්නා කරමින් ඔහු කිසිම රජයක් වෙතින් හෝ දේශපාලන පක්‍ෂයක් වෙතින් හෝ කිසිම වරප්‍රසාදයක් ලබාගෙන නැහැ... මගේ විශ්වාසය නම් ඉදිරියටත් ඔහු එසේ නොකනු ඇතැයි යන්නයි.... එහෙත් ඔහු තමන් දරන මතය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමට පැකිලෙන්නේ නෑ.... ඔහු ශ්‍රේෂ්ඨ කලාකරුවෙකු වන්නේ එබැවිනුයි...

එවැනිම වූ අනිත් පුද්ගලයා නම් 'සේනානායක වේරලියද්ද'....

ඔහු එදා සිටම තමන් දරන දේශපාලන මතය වෙනුවෙන් පෙනී සිටිනවා... ඒ වෙනුවෙන් ගීත නිර්මාණ පවා සිදුකලා.... එනමුත් ඔහුත් මාගේ දැනීමේ හැටියට පසුගිය අවුරුදු 10ක පමන කාලයේදි ඒ වෙනුවෙන් කිසිදු වරප්‍රසාදයක් ලබාගෙන නැහැ... ඉදිරියේදී සියලු දේ වෙනස් වුවත් ඔහු ඒ මතය වෙනුවෙන්ම කිසිදු වරප්‍රසාදයක් නොලබා පෙනී සිටින බව නම් සහතිකයි.... ඇත්තටම ඔහුත් ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්... 

වෙනස් දේශපාලන මත දෙකක් දැරුවද, එකසේම උදාර, එමෙන්ම හද පත්ලෙන්ම කලාකරුවන් යයි පැවසිය හැකි, ගරුකල හැකි, මේ දෙදෙනාගෙන් පසුව මා හැරෙන්නේ තවත් ‍කලාකරුවන් යයි කියාගන්නාවූ යුවලක් වෙත...

'සෝමරත්න දිසානායක හා රේණුකා බාලසූරිය'...

තම චිත්‍රපට නිෂ්පාදනය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් ණය මුදල් (ණය යයි කීවාට ඒවා ආපසු ගෙව්වාදැයි මම නොදනිමි) ලබාගන් ඔවුන්, ජාතික චිත්‍රපට සංස්ථාව විසින් පනවා ඇති, අනෙකුත් සියලුම චිත්‍රපට නිෂ්පාදකයින් පිළිපැදි නීති රීති සියල්ලම පාහේ කඩා දැමුවේ එම රාජ්‍ය බලයේම අනුග්‍රහයෙන්..... එයට චිත්‍රපට පෝලිම පැනීම, පිටපත් සීමා ඉක්මවීම ආදිය ඇතුලත්....
දැන් ඔවුන් පවසන්නේ ‍වර්තමාන රජය දූෂිත බවයි... නමුත් සත්‍ය ලෙසම ගතහොත් එය දූෂිත බවට පත්කිරීමට කටයුතු කලේද ඔවුන්ම බව සියලු දෙනා දනී... අපමන ‍‍ශ්‍රේෂ්ඨ වූ කලාකරුවන් අතර මොවුන්ටද ‍කලාකරුවන් යයි පැවසීමට සිදුවීම තරම් අභාග්‍යසම්පන්න බවක් තවත් ඇත්ද????

No comments:

Post a Comment