Thursday, September 8, 2011

මරණ දඬුවම හා පෑන

අනේ අම්මේ මෙහේ ඇහෙන කතා ඔක්කොම ලියන්න ගියොත් නම් බ්ලොග් එකක් නෙමේ ජාතික පත්තරයක්වත් පටන්ගන්න වෙනවා. කොහොම හරි ඔන්න මේ ඊයෙ පෙරේදා හිට්වුන කතාවක්.


අපේ කට්ටියට කතා කරන්න මාතෘකා නැතිව වගේ ඇදලා ගත්තා මරණ දඞුවම ගැන කතා කරන්න. ඇත්තටම ඒ දවස් වල තමයි අර අඟුලානේ කේස් එකට සම්බන්ධ අයට මරණ දඞුවම දුන්නේ. දැන් කතාව ලෙසටම නැගල යනවා. මුන් මරණ දඞුවම ලැබිලා experience තියනවා වගේ එතන සිද්ධවෙන දේවල් මවල පෙන්නනවා. එතන හිරකූඩු හතක් තියනවලු..... එල්ලන කොකු තුනක් තියනවලු..... ඔයවගේ කතා කෝටියයි.


මේ අතරේ අපේ පියා කියනවා උසාවියේදී නඩුකාරයා (සොරි... තුමා) මරණ දඞුවම ප්‍රකාශයට පත්කරන හැටි. උසාවියේ ලයිට්, ෆෑන් Off කරලා... දඞුවම කියලා (හුස්ම හිරවන තෙක් ගෙල සිරකිරීම).... ඒ නියෝගය රතු පෑනකින් ලියලා.... පෑන කඩනවලු...... ඔන්න දැන් මේක අහපු ගමන් අපේ පොඩි මල්ලිගේ ටිකිරි මොලේට ආවා එළකිරි අයිඩියා එකක්. වෙන මොනවත් නෙමේ අලුත් පෑන් වර්ගයකට ගැලපෙන TV ඇඩ් එකක්. මෙන්න දැන් ඒ ඇඩ් එක....




ස්ථානය : උසාවිය


ද‍ර්ශන අංක 1


නඩුකාරතුමා විත්තිකරුට මරණ දඞුවම ප්‍රකාශයට පත්කරයි. ඉන්පසු චාරිත්‍රයට අනුව පෑන කැඩීමට සැරසෙයි.....


ද‍ර්ශන අංක 2


දඞුවම ප්‍රකාශයට පත්කර මද වෙලාවක් ඉක්ම ගොස් ඇති නමුත් තවමත් නඩුකාරතුමාට පෑන කඩා දැමීමට හැකි වී නැත. ඔහු දත්මිටිකාගෙන එම පෑන කඩා දැමීමට උත්සාහ කරයි. අවසානයේ කේන්තියන නඩුකාරතුමා පෑන පොලවේගසා නඩුකාර ආසනයෙන් නැගිට යයි.....


ද‍ර්ශන අංක 3


නඩුකාරතුමා උසාවි කාර්ය මණ්ඩලයට  බැනවදියි. 
"මොකටද මේ උසාවියේ වැඩ වලට xxxxx පෑන් ගෙනාවේ?..... එවා හදිස්සියකට කඩන්නවත් බැරි තරම් හයියයි කියලා තමුන්ලා දන්නේ නැතිද...... අඩුමගානේ ‍මේ වගේ දවස් වලටවත් අර කඩවල් වල ඕනෙ තරම් තියන බාල පෑන් වර්ගයක් ගෙනත් තියන්න පුරුදු වෙනවලා......."


ද‍ර්ශන අංක 4


චාරිත්‍රයට බාදා වූ නිසා විත්තිකරු මරණ දඞුවමෙන් නිදහස්ව ඇත. ඔහු  xxxxx පෑනකට වැඳගෙන මෙසේ කියයි "අනේ...... මේ xxxxx පෑන් දෙයියා තමයි මගේ ජීවිතේ බේරුවේ"




කතාව ඉවරයි................. 


මේ ස්ක්‍රිප්ට් එකේ සියලුම බුද්ධිමය දේපල අයිතිවාසිකම් අපේ පොඩි මල්ලි සතු අතර (මොකද මට ඒතරම් බුද්ධියකුත් නෑ දේපලකුත් නෑ)..... සියලුම උපුටාගැනීම් සඳහා ඔහුගේ අවසරය අවශ්‍ය නොවේ....... එහෙත් කරුණාකර වාසියක් නම් පමණක් අපිව අමතන්න......

3 comments:

  1. මින්...... එහෙම කිව්වට ඔයාල ඒක ගනන් ගන්න එපා..... ඇඩ් එකක් එහෙම හදන්න හිතාගෙන ඉන්නව නම් මගේ හොට් ලයින් එකට call කරන්න............ call කරන්න කිව්වම මතක් උනේ මට හොට් ලයින් එකක් නෑනේ ......... දැන් මොකද කරන්නේ Message එකක් වත් දාන්න..........
    ඔහොම යන්...ඔහොම යන් .....

    ReplyDelete
  2. ඔන්න මගේන් වලට පලවෙනි කමෙන්ට් එක.....

    බ්ලොග් කලාවේ දිගු ගමනකට සුබ පැතුම්...

    පොස්ට් වලට අදාලව කමෙන්ට් කරන්න එන්න කියලා ඔන්න ෆලෝ එකකුත් දා ගත්තා

    ReplyDelete
  3. හික්ස්. එල!!
    henryblogwalker aka Dude

    ReplyDelete