බ්ලොග් පටන්ගත්තා වගේ නෙමෙයි ලියන්න වෙලාව හොයාගන්න එක තමයි හරිම අමාරු. එහෙනම් කොහොම හරි මෙන්න පළවෙනි කතාව.
අර කතාවක් තියනවනේ "මිනිසා ජීවත් වන්නේ කෑම සඳහාය" කියලා ඒ නිසා මෙන්න පළවෙනි කතා සෙට් එක කෑම ගැන. කතානායකයා අපේ රංජි අයියා..
ඔන්න දවසක් රංජි අයියා තවත් යාළුවෙක් එක්ක පිත්තල බඩු වගයක් හොයන්න ගියා පිළිමතලාව පැත්තට. මොකද ආරංචියේ හැටියට ඒ පැත්තේ තමයි අඩුවට පිත්තල බඩු හොයාගන්න තියෙන්නේ. දැන් මුන් දෙන්නා උදේම ගිහින් හැමතැනම ඇවිදිනවලු. දවල් 2-3 විතර වෙද්දි දෙන්නට පොඩි බඩගින්නක් ඇවිත් බලනකොට තමයි මතක් වෙලා තියෙන්නේ උදේටයි දවල්ටයි දෙකටම කෑවෙ නෑ කියලා.
දැන් දෙන්න පිස්සු හැදිලා වගේ කෑම කන්න හෝටලයක් හොයනවා. ඒ පැත්ත ප්‍රසිද්ධ පිත්තල බඩු වලට මිසක් කෑමට නෙමෙයිනේ... ඉතින් බලන බලන අත පිත්තල කඩ විතරයි අඩුම ගානේ වඩේ එකක්වත් කන්න කඩයක් නෑ. ඩබල අර තිබුන පිත්තල පහනක් කඩාගෙ කාලා වතුර බොන මට්ටමට කිට්ටු වෙද්දිම වගේ මෙන්න ඈතින් පේනවා පොඩි කඩයක්.... දෙන්නා නිවන් දැක්කා වගේ දිව්වා ඒ දිහාවට.
කරුමේ කියන්නේ කඩේ බත් ඉවරලු. අපේ ඩබල මැරෙන්න ඔන්න මෙන්න.... මුන් දෙන්නගේ හැටි දැකපු කඩේ වේටර් ඇහුවලු "මහත්තයා මාලු කරියි පානුයි නම් තියනවා ගේන්නද?" කියලා. ඒ වෙලාවේ කළුගල් උනත් ගිලින මානසිකත්වයක හිටිය අපේ අයියලා හා කීවලු. දැන් වේටර් මාලු කරියි පානුයි ගේනවා... මුන් කනවා... මෙහෙම යනකොට ටිකකින්;
වේටර් : මහත්තයා මාලු කරි නම් ඉවරයි...
රංජි : වෙන මොනවත් කරි නැත්ද?
වේටර් : පරිප්පු නම් තියනවා මහත්තයා..
රංජි : එහෙනම් පරිප්පු ගේන්න..
ආයෙත් දැන් පරණ කතාවමයි, වේටර් පරිප්පුයි පානුයි ගේනවලු මුන් කනවලු. ඔහොම යනකොට තවත් ටිකකින් වේටර් එනවලු පාන් බාගෙකුත් අරගෙන;
වේටර් : මහත්තයා තවත්නම් පාන් ඉල්ලන්න එපා මේ කඩේ තිබුන අන්තිම පාන් බාගේ...
රංජි : ඈ.... එතකොට අපි කොච්චර පාන් කෑවද?
වේටර් : මේ බාගෙත් කෑවොත් පාන් රාත්තල් හතරහමාරයි මහත්තයා....
රංජි : ................................!
අපේ අයියලා දෙන්නා තවත් ඒ ගැන කතා කලේ නෑලු. කෑම අපතේ යවන එක පව් වැඩක් කියලා පොඩි කාලේ අම්මා තාත්තා උගන්නලා තියන නිසා අන්තිම පාන් බාගෙත් කාලම බිල ගෙවල ගියාලු. මේ දෙන්නගෙ හොඳ සිරිත් ගැන ගොඩක්ම පැහැදුනු කඩේ මුදලාලිත් විශේෂ සැලකීමක් විදියට අන්තිම පාන් බාගෙට සල්ලි ගත්තෙත් නෑලු.
ඔන්න ඔහොමයි සිද්ධ වුනේ.... අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ අයියලා දෙන්නා ඊට පස්සේ කවදාවත් ඒ කඩේට වැරදිලාවත් යන්නේ නෑ කියලා හිතා ගත්තු එකලු. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි එදා අපේ අයියලා දෙන්නාට හරියට සලකන්න බැරිවුනා කියලා මතක්වෙලා කඩේ මුදලාලිට දුක හිතෙයි කියලලු.
මේ කතාව අපේ රංජි අයියගේ පළමු හා අවසාන කතාව නෙමෙයි. මමත් දවසක් හවස රංජිත් එක්ක හෝටලේකට ගියා මටත් වැඩිය කන්න බෑනේ... මෙන්න එදා කාපු කෑම ලිස්ට් එක
බිත්තර රොටී - 8
ප්ලේන් රොටී - 15
400ML කිරි බෝතල් - 2
ගෙදර ගිහින් රෑට කන්නත් ඔනෙ නිසා එදා වැඩිය කෑවෙ නෑ......
හොඳම සීන් එක තමයි මම ඊට දවස් දෙකකට විතර පස්සේ ඒ හෝටලේටම ගියා. මෙන්න බොලේ අර එදා අපිට කෑම ගෙනාපු වේටර් හිනාවීගෙන ඇවිත් අහනවා
"ආ... සර් කොහොමද?...... කෝ අද යාළුවා නැද්ද? "...................
මම දැන් ඒ හෝටලේ ලඟින් යන්නේ හැංගිලා....
අන්තර් ජාලයේ සැරිසරමින් ඉන්නකොට අලුතින් ආරම්භ කරපු බ්ලොග් එකක් හමුවුනා. ඒ විතරක් නෙමෙයි බ්ලොග් එකේ පළමු හඹා යන්නා වෙන්නත් අවස්තාව ලැබුණා. "The වල" වෙනස් ආකාරයක බ්ලොග් සටහනක් වේවි කියල බලාපොරොත්තුවක් තියනව. ඒ වාගේම එහෙම වෙන්න කියල ප්‍රාර්ථනය කරනව. පළමුවෙන් ඉදිරිපත් කරපු සටහනේ වියරන විලාශයත් උසස් මට්ටමක තියනව කියල හිතෙනව. කොහොම වුනත් විවිධත්වයෙන් පිරුණු බ්ලොග් එකක් වේවා කියල ප්‍රාර්ථනය කරනව. ජය වේවා...!!!
ReplyDeleteමේ බ්ලොග් එකට මාත් අහම්බෙන් ආවේ ,හොදට ලියාගෙන යන්න මගෙනුත් සුභ පැතුම්..
ReplyDeleteසින්ඩ් වලටත් බ්ලොග් එක දාන්න,මේ සින්ඩ්වලටත් ගිහින් රෙජිස්ටර් වෙන්න
1.සින්ඩ් ලංකා
2.කොත්තු
වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරානම් කමෙන්ට් කරන අයට ලේසියි!!
චූටි බඩගින්නක් තිබිලා තියෙන්නෙ.
ReplyDeleteමම හරි ආසයි ෆොටෝ එකක් බලන්න.
henryblogwalker aka Dude
සවුදං ජෙමා සිහිවිය!
ReplyDelete