Friday, September 7, 2012

ඇම්ඩා....

අද උදේ ඉඳන්ම කුණුවෙන්න වහිනවා. අපි කට්ටියම ඔෆිස් ආවෙත් හොඳ ගානට නාගෙන. ඒ ආවත් වැඩකෙරිල්ල පැත්තක තියලා තෙමිච්ච ඇදුම් වේලගන්න එක තමයි කරේ. නැතිනම් අර AC අස්සේ තෙත ඇදුම් ඇඳගෙන වැඩකරන්නේ කොහොමද අප්පා....

ඔන්න ඔහොම ඇඳුම් වේලන අතරේ තමයි අපේ චන්දරේ අයියා මේ ඇම්ඩගේ කතාව අපිට කීවේ.....


ඔන්න මේ ඇම්ඩ පොඩි කාලෙලු.... ඒ කියන්නේ අවුරුදු හතරක් පහක් විතර වගේ.... ඒත් ඒ කාලෙත් මුගේ වැඩනම් පොඩි නෑ කියලා කවුරුත් දන්නවනේ....

කොහොම හරි ඇම්ඩා මේ කාලෙ නිදාගන්නේ තාත්තා එක්කලු. ඒත් අම්මයි තාත්තයි ඉන්න කාමරේ ඇම්ඩටත් නිදාගන්න ඉඩ මදි හින්දා කරන්නේ අම්මා විතරක් ඒ කාමරේ නිදාගනිද්දි තාත්තා ඇම්ඩත් එක්ක අනිත් කාමරේ නිදාගන්න එකලු...

දැන් ඉතින් හැමදාම මේක කරන්න පුළුවන් වැඩක්යැ... අනික ඇම්ඩගේ අම්මටයි තාත්තටයි පෞද්ගලික රහසිගත වැඩ නැතුවයැ කරගන්න.... ඒනිසා අම්මයි තාත්තයි පොඩි වැඩපිළිවෙලක් හැදුවා. රෑට අවශ්‍යතාවය ඇතිඋන කෙනා පොඩ්ඩක් උගුර පාදනවා "හ්ම්...." කියලා. අනිත් කෙනත් එකඟනම් එයත් උගුර පාදලා පොඩි සිග්නල් එකක් දෙනවා... ඊට පස්සේ ඉතින් ඒ ඒ දේවල් ඒ ඒ විදියට කෙරෙනවා.

දැන් ඉතින් මේ අද වගේ වැස්සක් වහින සීතල රෑක ඇම්ඩගේ අම්මා  පොඩි සිග්නල් එකක් දුන්නලු "හ්ම්..." කියලා. තාත්තත් ඉතින් ඇම්ඩා නිදිද කියලා එහෙම බලලා, සිග්නල් එකටත් රිප්ලයි කරලා යන්න ලෑස්ති වෙනකොටම ඇම්ඩා ඇහැරලා අඬන්න ගත්තා....

"තාත්තෙ... තාත්තෙ... මාව දාල කොහෙද යන්නෙ..." කියලා ඇම්ඩා අඬනකොට, "ආ පුතේ මම මේ පොඩ්ඩක් එලියට යන්න හැදුවේ..." කියලා තාත්තා ආයෙත් ඇම්ඩා ලඟින් නිදාගත්තා...

ආයෙ ටිකක් ඇම්ඩට නින්ද යනකන් හිටපු තාත්තා හෙමින් සැරේ අනිත් කාමරේට යන්න කියලා දොර ලඟට යනකොටම ඇම්ඩා ඇහැරලා "තාත්තේ..." කියලා කෑගහනවා....  තාත්තා ආයෙත් ඇම්ඩා ලඟට එනවා...

මෙහෙම තුන් හතර පාරක්ම උනා... තාත්තගේ දැන් මල අතේ... 

අන්තිම සැරේ තාත්තා මේ පාරනම් යනවමයි කියලා හිතාන කොහොමහරි ඇම්ඩට හොරෙන් ගිහින් වැඩේට එන්ටර් වෙනකොටම අ‍රහෙන් ඇහෙනවා ඇම්ඩා කෑගහනවා.....

හොඳටම මල පැනලා හිටපු තාත්තත් කෑගහලා කීවා "කෑගහන්නේ නැතිව හිටපිය යකෝ..... මම තොගේ අ$$$$$ හු$$$$$ එනකන්" කියලා....

මේක ඇහිච්ච ඇම්ඩා කියනවා "අයියෝ තාත්තේ.... ඕක මට මුලින්ම කීවනම් හරිනේ.... එහෙනම් වැඩ ඉවර වෙලා මේ වෙනකොට අපි ආයෙ හොඳට නිදිනේ" කියලා.....


2 comments: