Thursday, June 7, 2012

ඇත්තටම බුදුන් උපන්නේ කොහේද?

මේ දවස්වල අපේ Officeඑකේ ජනප්‍රියම මාතෘකාව තමයි මේ..... කලින් ඉදන්ම බුදුහාමුදුරුවෝ ලංකාවේද ඉන්දියාවේද ඉපදුනේ කියන එක ගැන වාද විවාද තිබුනා උනත් ඒක ඇවිස්සිලා ආවේ අර පහුගිය දවස්වල රේඩියෝ චැනල් එකක මේ ගැන ගිය වැඩසටහනකින් පස්සේ


මම මුලින් මේ බ්ලොග්එක පටන්ගන්නකොට ආගම හා දේශපාලනය සම්බන්ධව කිසිදෙයක් ලියන්නේ නෑ කියලා හිතාගෙන හිටියා උනත් අපේ අයගේ කතා සහ තර්ක අහගෙන ඉඳලම මට ඒ ගැන මගේ අදහසත් නොලියා ඉන්න බැරි තත්වයක් ආවා. ඒ නිසයි වැඩ අස්සෙ උනත් කෙටියෙන් හරි මේ ගැන මම ලියන්නේ... හැබැයි මම මළත් දේශපාලනේ ගැනනම් ලියන්නෑ හො‍ඳේ.


ඇත්තටම මේ තර්ක කරන අයගෙන් මට අහන්න තියෙන්නේ එක දෙයයි .... 


බෞද්ධ අපිට වැඩිපුරම වටින්නේ 
බුදුහාමුදුරුවෝ ඉපදුනේ කොතනද කියන එකද? 
නැතිනම් උන්වහන්සේ දේශනා කරපු ධර්මයද?


අපේ ලොකු අක්කා නම් මේකට දුන්න උත්තරේ තමයි... ධර්මය වැදගත් උනත් බුදුහාමුදුරුවෝ කියලා තියනවා කියලා "බුදු වරයෙක් උපන් තැන, බුදුවූ තැන හා පිරිණිවන් පෑ තැන දැක බලාගෙන පහන් සංවේගය උපදවා ගතයුතු බව"


මට තියන ප්‍රශ්නය තමයි... හැමවිටම ධර්මය මුල් තැන තියලා සලකපු බුදුහාමුදුරුවෝ එහෙම දෙයක් ඇත්තටම කීවද? කියනඑක...


අවුරුදු 2500 ක් ඇතුලත අපේ සංස්කෘතිය, භාෂාව, අක්‍ෂර වගේ දේවල් වෙනස් උනා නම්.... බුද්ධාගමේ සමහර සුළු දේවලුත් වෙනස් වෙලා තියෙන්න බැරිද?


දැන් මම මේක කිව්වා කියලා මට බනින්න එපා මම ධර්මය විකෘති කරනවා කියලා.....


නිකන් හොයලා බලන්න ලංකාවේ හාමුදුරුවරුන්ගේ නිකායවල්ම කීයක් තියනවද කියලා... අවුරුදු 2500කට කලින් ඒවා තිබුනද?? ‍


හැබැයි අපේ බෞද්ධයන් ගැන නම් මට සංතෝස වෙන්න පුළුවන්. මොකද කවුරුත් නිකායවල් ගැන ඒතරම් තැකීමක් කරන්නේ නෑ... පොදුවේ හැම ස්වාමින් වහන්සේ කෙනෙකුටම එකවගේ ගෞරවයෙන් සලකනවා.


ඒත් ඇත්තටම අපි  බුදුබණ පිළිපදිනවද????


අපේ අය තර්ක කරනකොට නම් මට හිතෙන දෙයක් තමයි මේ අය කිසිකෙනෙක් බුදුබණ තියා අඩුමගා‍නේ පන්සිල්වත් පිළිපදිනවද කියන එක .......


මම ගැන නම් කීවොත් මගේ අතින් ඕනෙ තරම් පන්සිල් කැඩෙනවා... ඒ නිසා අනිත් අයත් එච්චරම තමයි.


මට හිතෙන්නේ අපි අවශේෂ දේවල් වලට ප්‍රමුඛත්වය දීම නිසා ඇත්තටම අපි යන්න ඕනෙ කරන මාර්ගය නොපෙනී ගිහින්... එහෙමත් නැතිනම් අපි ප්‍රමුඛත්වය දිය යුතු දේවල් අතහැරිලා.... 


අවංකව හිතලා බැලුවොත් මේදේ අපි හැම කෙනෙකුගේම සාමාන්‍ය ජීවිතයටත් අදාලයි කියලා තේරෙයි....


අන්තිමටම මීට ගොඩ කාලෙකට කලින් මගේ හිතට වැදිච්ච කතාවක් කියන්නම්... හැබැයි මේක කීවේ කවුද කියලා මම දන්නේ නෑ


මිනිසුන් 
තම ආගම වෙනුවෙන් 
බොහෝ දේ කරයි
ඔවුන් ඒ ගැන 
කාව්‍ය රචනා කරයි
පොත් ලියයි
ප්‍රතිමා සාදයි
යුද්ධ ද කරයි
එහෙත් ඔවුන් 
නොකරන එකම දේ 
තම ආගම අනුව ජීවත් වීමයි




මේ හැමදේම සංවාදයට විවෘතයි........



ප.ලි.


අර රේඩියෝ සංවාදය අහන්න ඕනෙනම් පහලින් අහන්න



14 comments:

  1. // "බුදු වරයෙක් උපන් තැන, බුදුවූ තැන හා පිරිණිවන් පෑ තැන දැක බලාගෙන පහන් සංවේගය උපදවා ගතයුතු බව"//

    සිදුහත් කුමරු බුදු වූ ස්ථානයත් ඒ අතරට අයිති. ඒක මග හැරිල මයෙ හිතේ..

    වැදගත් පෝස්ටුවක්. අන්තිම පද ටික නියමයි..

    ජය !

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න.... ඉපදුනේ බුදු කෙනෙකුන් නොව සිදුහත් කුමරුයි... මතක් කලාට ස්තූතියි....

      Delete
    2. සතර මහෝපදේශ කියන්නේ හතරක්..... ඔය තුනත් අයිති...... තව එකක් තියනවා..... ඒක මගහැරිලා වගේ..... බුදුන් දම්සක් දෙසූ හෙවත් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ තැනක් ඔය සතර මහෝපදේශ වලට අයිතියි.....

      Delete
    3. ඔව් ඇත්තටම එය මගහැරිලා.... මතක් කලාට ස්තූතියි...

      Delete
  2. මම හිතන්නේ ඔබ හරි. මේ වෙනකොට බුදුදහමට මොන තරම් දේ එකතු වෙලා ඇද්ද? හොදින් සිතා බලා යමක් පිලිගන්න කියපු බුදුන් වහන්සේ නම් ඔවැනි කතාවක් කිව්ව කියලා හිතන්න අමාරුයි. අනික කොහේ ඉපදුනාම මොකද? ධර්මයේ අපට පිලිගත හැකි දේ තිබෙනවා නම් පිලිගන්නවා. නැත්නම් නිකා ඉන්නවා. වෙන මොනවද? ඉපදුන තැන දැන ගැනීමෙන් බෞද්ධයෙක්ට ඇතිවෙන සෙතේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. මම අපේ Officeඑකේ අයට කීවෙත් මේ වචනම තමයි.. හැබැයි අපේ සැදැහැවත් බෞද්ධයන්ගෙන් මම ගුටිනොකා බේරුනේ බෙහොම අමාරුවෙන්... ඇත්තටම මම හිතන්නේ අපේ අය බණ කටපාඩමින් දන්නවා උනාට බුදුන් වහන්සේ කියපු විදියට කර්කානුකූලව ඒ ගැන හිතන්න තවම හුරුවෙලා නෑ...

      Delete
  3. බුද්ධ ධර්මය පිළිබඳ අවබෝධය සහ ඒ අනුව ජීවත් වීම තමයි ඉතා වැදගත්. අපි බොහෝ දෙනෙක් ලඟ නැත්තෙත් ඒදේ. නමුත් අපි ඕනවටත් වඩා බෞද්ධ ඉතිහාසය සහ සංස්කෘතිය ගැන උනන්දු වෙනවා. මං හිතන්නේ ඒකට හේතුව අපි හැදුන වැඩුන සමාජය වෙන්නැති. මේ වෙනස හොඳට පේනවා බටහිර රටවල් වල හාමුදුරුවරු සහ බෞද්ධාගම වැළඳගත් අය ලඟ තියෙන අවබෝධය..විශේෂයෙන්ම අභිධර්මය පිළිබඳව.

    ReplyDelete
    Replies
    1. ඇත්ත...
      ඒ වගේම මම දැකලා තියනවා බොහෝ රටවල්වල අපේ හාමුදුරුවරුන්ට සලකන්නේ මස් මාළු නොකන අවිහිංසාවාදී අය විදියටයි.... නමුත් අපි දානෙකට මස් නැතත් මාළු නම් වරද්දන්නේ නෑ නේද...

      Delete
  4. ඔය කිල්ප් එකට අමතරව තව වෑඩසටහනක් නෙත් බෑලුම් ගලේ ප්‍රචාරය වුනා,අවන්කවම ඔබ මුලික තර්කයට මම එකගයි,නමුත් වගකිවයුතු පුද්ගලයන් බෞද්ද ඉතිහාසය විකුර්ති කිරිම් වලට ඇයි කිසිම ක්‍රියා මාර්ගයක් ගන්නෙ නෑත්තේ ඇයි කියන ප්‍රශ්නේ.

    ReplyDelete
    Replies
    1. අපේ බෞද්ධයෝ මේවගේ විකෘති කිරීම් කරන අය විතරක් නෙමේ ආගම ගාවගෙන අනවශ්‍ය දේවල් පතුරවන හා බිස්නස් කරන අයවත් කෙලින්ම ප්‍රතික්‍ෂේප කරනව නම් මේවා ඕනෙවට වඩා මතුවෙන්නේ නෑ.... එතකොට ඔය වගකියයුත්තන් කවුරුත් ඕනෙ නෑ....

      Delete
  5. මම හිතන්නේ කවි පෙලෙන් කියන්න ඕන හැමදේම වගේ කියවෙලා.. වැදගත් ආගම අනුව ජීවත් වීම..

    ReplyDelete
  6. ඇසිපිය නොහෙලා උන්වහන්සේ දිහා බලන් හිටිය වක්කලී හාමුදුරුවන්ගෙන් බුදු හාමුදුරුවෝ අහනවා වක්කලී ඔබ මෙතන ඉඳගෙන මා දිහා බලාගෙන මොකද කරන්නේ ? ස්වාමීනි ඔබවහන්සේගේ ලස්සන සරීරය දකිමින් සතුටුවෙනවා. වක්කලී .. මේ දිරායන කුණු ඕජස් ගලන කුණු කය දිහා බලා ඉඳීමෙන් කිසි පලක් නැහැ යන්න.. ගිහින් තමුන් ඇතුලත බලන්න . ධර්මය දකින්නා මාදකි.. .(යෝ ධම්මං පස්සති සෝ මං පස්සති) එහෙම දේශනා කල බුදු හිමියන් කිසිදාක අද හාමුදුරුවරුන් පතුරන මිත්‍යා විශ්වාස පදනම් කරගත්ත ජනප්‍රිය බුද්ධාගම අනුමත නොකරනු ඇති.. ජාතක කතාවලින් පටන් ගත්තාම අවුරුදු දෙදහස් හයසීයකට ආසන්න කාලයක් තිස්සේ බවුද්ද සාහිත්‍යය විවිධ ය විසින් අතිශයෝක්ති සහ අබව්‍ය දේ එකතුකරමින් විකුර්ත කරලා තියෙනවා. හාමුදුරුවරු පාර්ලිමේන්තු ගිහින් විතරක් නෙවෙයි නොයෙකුත් ගුප්ත විද්‍යා මිත්යාවල ගිලීල මුදල් හොයනවා. බහුතරයක් පුජ්‍ය පක්ෂේ ළඟ ගිහි බවුද්දයින් ළඟ තරම් වත් බවුද්දකම නැහැ.. ඉඩකඩම් වලට අනිත් ආගම් එක්ක මරාගන්නවා. අවම වශයෙන් නිවනට මග පෙන්වන නියම බුද්ධ ධර්මය අපේ මිනිස්සුට කවදාවත් අහන්න ලැබෙනවාද ?

    ReplyDelete
  7. aagama gana mama saamanyen kisima adahasak dakwanne naha

    ReplyDelete
  8. ඒ උනාට ඔයගොල්ලෝ අහල නැද්ද අකුසල මූල..... රාග, ද්වේශ, මෝහ..... මෝහ කියන්නේ වැරදි දැකීම..... මේ වැරදි දැකීම තියනකන් අපිට අකුසල් හලන්න බැහැ....එක හින්දා අපේ දැකීම හරි කරගන්න ඕනි..... විශේෂයෙන් බුද්ද චරිතය පිලිබඳ......

    ReplyDelete