
කොකිස් මෙන් කරකර
පැණි වළලු මෙන් පැණිබර
අතිරස මෙන් රසබර
ආස්මී මෙන් මනහර
කරදර ජරමර නැති
පලබර
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...................
දැන් ටික දවසකට කලින් බස් ගාස්තු එහෙම වැඩි උනානේ.....(ටික දවසක් කිව්වට ඇත්තටම ගත්තොත් දවස් 30-40 කට කලින් විතර) අපේ අය මේ ගැන කතා වෙනකොට කියපු දෙයක් තමයි බස් ගාස්තු සීයට එක්දාස් පන්සීයකින් වැඩි උනත් ඒකෙන් මට කිසිම බලපෑමක් වෙන්නේ නෑ කියනඑක.....
මොකද මම හැමදාම වගේ බස් එකේ යන්නේ හොරාට.... කස්ටිය ගොඩක් දෙනෙක් මේකට කියන්නේ ඉබ්බට යනවා කියලා...... මේකේ තව ඇඩ්වාන්ස් වර්ෂන් එකක් තියනවා කැස්බෑවා කියලා.... ඒ කියන්නේ ඉබ්බට ගිහින් බහිනකොට කොන්දගෙන් ඉතුරු සල්ලිත් ඉල්ලගන්න එක.... හැබැයි මේක ටිකක් කල්පනාවෙන් කරන්න ඕනේ. බස්එකේ තියන වාතාවරණය අනුව රුපියල් 20, 50, 100 වගේ ගනන් වලින් ඉතුරු ගන්න පුළුවන්. මම නම් එක පාරක් 1000ක ඉතුරුත් ගත්තා. නැතුව කොහොමද අප්පා මේ ඉහල යන ජීවන වියදමත් එක්ක ජීවත් වෙන්නේ.......
අපේ කැම්පස් කොල්ලො අතර මම හිතන්නේ ඉබ්බට යාම හරි ජනප්‍රියයි. ඒත් මේ වැඩේ මට පුරුදු කලේ මගේ කලින් ඔෆිස් එකේ හිටපු ගෝලයෙක්. අපි පොරට ආදරේට කියන්නේ රෝයියා කියලා (ගෝලයා උනාට පොරට වයස අවු 50ක් විතර ඇති). මිනිහා මේ වැඩේට උපන් එකෙක්. මම හිතන්නේ ඌ ඉපදුන දා ඉඳලම යන්නේ ඉබ්බට වෙන්න ඇති. මිනිහා කවදාවත් බස් එකකට අවම ගාස්තුවට වඩා සත පහක්වත් දීලා නෑ... අපි අහපුවම තියන්නේ.... මහත්තයෝ මම යාපනේට උනත් බස්එකේ ගිහින් එන්නම්. යන්නයි එන්නයි රු. 3නේ දෙකක් තිබුනොත් හොඳටම ඇති කියලා (මේ කාලේ බස් එකේ අවම ගාස්තුව රු 3යි).
මම හිතන්නේ මම තමයි පොරගේ හොඳම ශිෂ්‍යයා... කොච්චර හොඳද කියනවනම් මට අන්තිමට පුළුවන් උනා අපේ ගෑණිත් එක්ක සීට් ගානටවත් සෙනග පිරිලා නැති තඩි ලේලන්ඩ් බස් වලත් ඉබ්බට යන්න... හැබැයි මේ ඉබ්බට යාම මගෙන් ඉගෙන ගත්ත අපේ අබේඅංකල් එයාටම ආවේනික ක්‍රමයක් නිර්මාණය කරා...
මිනිහ කරන්නේ මෙහෙමයි... හවසට කට්ටිය එකට ඔෆිස් ඇරිලා යනකොට පොර කට්ටියගෙම බස් එකට දෙන මාරු සල්ලි එකතු කරගන්නවා මගේ ලඟ ලොකු කොලයක් තියෙන්නේ ඒකෙන් දෙන්නම් කියලා... ඊට පස්සේ පොර ඒ සල්ලි ටික සාක්කුවේ දාගෙන ඉබ්බට යනවා. අනිත් එවුන් හිතන්නේ පොර ටිකට් ගත්තා කියලනේ... ඉතින් උනුත් බය නැතිව යනවා. අන්තිමට බලද්දී ඔක්කොම ගිහින් තියෙන්නේ ඉබ්බට..... කොහොමද අංකල්ගේ ටිකිරි මොළේ...??
ඔය අපේ රෝයියා ඉබ්බට යන බස් එකක් තව බස් එකක හැප්පුනොත් එහෙම කොන්දා විනාසයි... මොකද අපේ පොර හැමෝටම කලින් පැනලා කොන්දට පොඩි පාට් එකක් එහෙම දාලා උගෙන් ගාන කපාගන්නවා වැඩට යන්න පරක්කු වෙනවා කියලා වෙන බස් එකක යන්න... කොහොම වෙතත් පොර එතනින් යන්නේ හැප්පුන අනිත් බස්එකේ කොන්දටත් ඒ බස් එකේ ආපු මිනිහෙක් විදියට පාට් එක දාලා උගෙනුත් ගානක් අරන් තමයි.... හැබැයි ඊලඟට පොර වෙන බස් එකක යන්නෙත් ඉබ්බට....
රෝයියා ඉබ්බට යාමේදී මුහුණ දෙන ප්‍රශ්ණ වලට පොර එක එක විදියේ නිර්මාණාත්මක විසඳුම් හදාගන්නවා....
දවසක් පොර ගැන සැක හිතිච්ච කොන්දෙක් ඇහුවලු “මහත්තයා කොහෙන්ද නැංගේ...???“ කියලා.... අපේ රෝයියා වෙඩි වගේ උත්තර දුන්නලු “පස්සේ දොරෙන් මල්ලී....“ කියලා... කොන්දා සද්ද නැතිව යනින ගියාලු...
ආයෙ අපේ රෝයියා කරන වැඩක් තමයි ඒ බස් එකේ ඉබ්බට යන අනිත් එවුන්ව නෝට් කරගෙන ඉඳලා කොන්දට උන්ව අල්ලලා දෙනඑක. එතකොට කොන්දා කීයටවත් සැක හිතන්නේ නෑ මේ පොරත් ඉබ්බට යන එකෙක් කියලා.....
මේ වගේ එක දවසක්... ඇත්තටම එදා බස් ස්ට්‍රයික් දවසක්... මමයි අපේ සිතායි දෙන්නා බස් එකේ යනවා.... එදා සෙනග වැඩි හින්දා අපි දෙන්නා ඩයිවර්ගේ සීට් එක ලඟ අස්සට රිංගගෙන තමයි ගියේ... ඒ අස්සේ සිතා ඩ්රැවත් එක්ක බර කතාවක්. කතාව බස්වල හොරෙන් යන එක ගැන. සිතා දැන් ඩ්රැවත් එක්ක පස්පඩංගුවේ ඉබ්බට යන එවුන්ට බනිනවා...
හැබැයි එදත් අපි දෙන්නා බස්එකේ හොරෙන් යන ගමන් තමයි හිටියේ කියලා ඩ්රැවා හීනෙන් වත් හිතන්න නැතුව ඇති.....