ළමයින් කණ්ඩායමක් දුම්රිය මාර්ග දෙකක් ඇති තැනක සෙල්ලම්
කරමින් ඉන්නවා. මේ මාර්ග දෙකෙන් එකක් දැනටත් දුම්රිය ගමනාගමනයට භාවිතා වන අතර, අනෙක
භාවිතා නොකරන පැරණි මාර්ගයක්. මෙම ළමයින් කණ්ඩායමෙන් එක් ළමයෙක් පමණක් තනිව පැරණි
මාර්ගයේ සෙල්ලම් කරමින් සිටින අතර අනෙකුත් සියලුම ළමයින් සිටින්නේ දැනට භාවිතාවන
මාර්ගයේ.
හදිසියේම දුම්රියක් එනවා..... මේ අවස්ථාවේ එම දුම්රිය මාර්ගයේ සෙල්ලම් කරන ළමයින් බේරාගැනීමට ඔබට කරන්න පුළුවන් එකම එක තෝරාගැනීමක් පමණයි. එනම්, එම දුම්රිය පැරණි මාර්ගයට යොමු කිරීම විතරයි. නමුත් එයින් ඒ මාර්ගයේ සෙල්ලම් කරමින් සිටින ළමයා දුම්රියට බිලිවෙනවා.
ඔබ ගන්නා තීරණය කුමක්ද? ළමයින් බහුතරයකගේ ජීවිතය
වෙනුවෙන් එක් ළමයෙකුගේ ජීවිතය කැප කරනවාද? නැතිනම් දුම්රිය යායුතු මාර්ගයේම යන්නට
ඉඩහරිනවාද?
මොහොතක් කල්පනා කරන්න....................
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
?
මෙම ප්රශ්ණයට පිළිතුරු දෙන බොහෝ දෙනෙක් කියන්නේ කීපදෙනෙකුගේ ජීවිතය වෙනුවෙන් එක් අයෙකුගේ ජීවිතය කැපකිරීම සාධාරණ බවයි. ඔබගේත් තීරණය
එය නම්, මදක් පහත කරුණු සලකා බලන්න....
පැරණි දුම්රිය මාර්ගයේ සෙල්ලම් කරන ළමයා ආරක්ෂාකාරී
ස්ථානයක සෙල්ලම් කිරීම යන නිවැරදි තීරණය ගෙන ඇති බව ඔබ පිළිගන්නවාද? එසේනම් ඔහුගේ
මිතුරන්ගේ වැරදි (මම නම් මෙයට කියන වචනය “මෝඩ”) තීරණය නිසා ඔහුට දුම්රියට
බිලිවන්නට සිදුවීම කොතරම් සාධාරණද? එසේනම් බුද්ධිමත් තීරණ ගැනීම යනු වැරැද්දක්ද?
මෙවැනි ඛේදවාචක ඕනෑතරම් අද අපේ සමාජයේ (විශේෂයෙන්ම ප්රජාතන්ත්රවාදී
සමාජයක) දක්නට ලැබෙනවා. බහුතරයකගේ තීරණය කොතරම් අදූරදර්ශී / අනුවණ වුවත් ඒ සඳහා
පිළිගැනීම ලැබෙනවා, එම තීරණ ක්රියාත්මක වෙනවා. නමුත් ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතු
වන්නේ බුද්ධිමත් තීරණ ගන්නා සුළුතරයයි.
(මේ සඳහා හොඳම උදාහරණය “මැතිවරණය” යන වචනය තුල අන්තර්ගත
වේදැයි මම නොදනිමි)
දැන් අපි අපේ ගැටළුවට නැවත යොමුවෙමු... ඔබ දුම්රිය
යායුතු මාර්ගයේම යන්නට හැරියොත් කුමක් සිදුවෙයිද?
බොහෝවිට එම මාර්ගයේ සෙල්ලම් කරන ළමයින් එහි දුම්රිය
ගමන් කරන බව දන්නා නිසා අවධානයෙන් සෙල්ලම් කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන්
දුම්රියක හඬ ඇසුනු විගසින් ආරක්ෂාකාරීව දුම්රිය මගෙන් ඉවත් වීමට ඉඩ තියනවා.
එමෙන්ම, ඔබ දුම්රිය පැරණි මාර්ගයට යොමු කළහොත් එහි
සිටිනා ළමයා කිසිසේත්ම එම මාර්ගයේ දුම්රියක් පැමිණේයයි නොසිතන නිසා එයට බිලිවීමට
වැඩි ඉඩක් තියනවා.
ඒ වගේම, පැරණි දුම්රිය මාර්ගය භාවිතා නොකරන නිසාවෙන් එහි
දුම්රියක් ගමන් කිරීම සඳහා සුදුසු තත්වයක් පවතිනවාදැයි කිසිම සහතිකයක් නැති අතර
දුම්රිය අනතුරකටද ලක්විය හැකියි. වෙනත් අයුරකින් කියනවා නම්, ඔබ එම දුම්රියේ ගමන්
කරන සිය ගණනකගේ ජීවිත ළමයින් කිහිප දෙනෙකුගේ ජීවිත වෙනුවෙන් කැප කරනවා වෙන්න
පුළුවන්.
අපගේ ජීවිතය යනු අප විසින් ගන්නා විවිධ තීරණයන්හි
එකතුවකි
එසේ නම් මතක තබාගන්න.....
- හැඟීම් මත පදනම්ව ගන්නා ඉක්මන් තීරණ සැමවිටම නිවැරදි තීරණ නොවේ.
- ජනප්රිය තීරණය සැමවිටම නිවැරදි නොවිය හැකි අතර, නිවැරදි තීරණය සැමවිටම ජනප්රිය නොවිය හැක.
ප. ලි.
මම මේ කතාව ලියුවේ කාලෙකට ඉහත ඊමේල් හරහා Train Track & Children / Train Tracks Dilemma වගේ නම්වලින් පැතිරුන කතාවක් ආශ්රයෙන්. එහි කතෘ ගැන සඳහනක් නොවුනත්, එයට පාදක කරගෙන තියෙන්නේ Philippa Foot විසින් මුලින්ම හඳුන්වාදෙනු ලැබූ The Trolley Problem නම් සිද්ධාන්තයයි.
Wish u all the best
ReplyDeleteThank you
Deleteහොඳ කතාවක්. බොහොම ස්තුතියි.
ReplyDeleteජයවේවා
Deleteටිකක් හිතන්න දුන්න අවස්ථාවක්... හොදයි... ඔබේ තර්කත් හරිම තාර්කිකයි... හොදයි
ReplyDeleteස්තූතියි... ජයවේවා...
ReplyDelete