මේ දවස් වල වැඩිපුරම කතාබහට ගැනුන මාතෘකා ගැන කට්ටියගේ ආතල් ප්‍රබන්ධ ගනනාවක් ඊයෙ පෙරේදා දැක්කා. ඒ හින්දා මම හිතුවා ඒ කතා ටිකක් මට දැනුන විදියට රේට් කරන්න....
එහෙනම් මුලින්ම ඉන්නේ -වාසනාවන්ත-
මාතලී මාතලී..... මෙහාට එනවා...කෝ මේ මාතලී....
උදේ පාන්දරම සක්කර දෙවියන්ගේ පස්ස රත් වී මෙරිහන් දෙන හඩ ඇසුනු මම කෙලගෙන් අවුත් දේව සබාවට ගොඩ බැස්සා...
මාතලී... ඉක්මනට යන්න ලෑස්ති වෙනවා....
කොහාටද....
ලංකාවට.....
ඒ අර අහවල් එකකට ද දේවයන් වහන්ස.....
අහවල් එකකට ද…???? මේ මගුල කරන්න බෑ ඕයි....
මුන් ගෑනුන්ට ගහනවා.... පොලිස් කාරයන්ගේ හෙල්මට් උස්සනවා..... පොඩි උන් දූශනය කරනවා....
ආච්චිලාට අතවර කරනවා... නැන්දලාට බලහත්කාරකම් කොරනවා....
ලැජ්ජා නැතුව හතර පෝයටම සිල් ගන්නවා....
ඒ අස්සේ මුන් ලැජ්ජ නැතුව ඒවා වීඩියෝ කොරලා පේස් බුක් දානවා... යූ ටියුබ් දානවා.....
ඒක කමක් නෑ කියහන්කො...මුන්ට කොහොමත් පිස්සු නේ.....
මට තියන ප්‍රශ්ණේ මගේ මේ අන්තප්පුරේ ඉන්න කෙල්ලො ටිකත් ඒවටම ලයික් කර කර මගේ වෝල් එකේ සෙයා කොරනවා නේ....
ඔව් ඉදින් දැන් දිව්‍යාංගනාවෝ උනාට ඔතනත් ගොඩක් ඉන්නේ ලංකාවෙන් ආව හතර පෝයටම පංසල් ගෑටුව කල්ල කපටි වෙට්ට පිත්තල අම්මන්ඩිලා නෙහ්...
<<සම්පූර්ණයෙන් කියවන්න>>
අංක දෙකට මම තේරුවේ -Ravi-
"විල්බට් මාමෙ..විල්බට් මාමෙ…. හූ..මෙහෙ...මෙහෙ…"
කොහෙද මේ සූ ගාල පොදි කන ජනකායෙ කැම්බැල්ලෙ හිංද මොකවත් ඇහෙනවය.
" මාමේ ඒ ඒ ඒ...."
අන්තිමට යටි ගිරියෙනුත් කෑගැහුවට පස්සෙයි ඔන්න මාමට මාව ඇස්සර වැටුනෙ. කටේ
පුරවගෙන හිටපු විට දකුණු හක්කෙන් වම් හක්කට මාරු කරල මාම මයෙ උරෙස්සට අතක්
තිබ්බ.
" හප්පච්චියෙ පුතා දැක්ක කල්…. ඉතින් මොකෝ මේ පැත්තෙ? මං කියන්ටද එකත් එකටම පුතා එන්ට ඇත්තෙ පාපෝ..පාපෝ..පාපොච්…"
මම අතංගුවට අහුවෙන්ට යන ඉස්ස පස්සට පනිනවහෙ පස්සට පැන්නෙ අහල ගං හතක මානෙ විහිදුන විල්බට් මාමගෙ බුලත් කෙල දහරාවෙන් බේරෙන්ට.
" පාපෝච්චාරණය මාමෙ පාපොච්චාරණය " මම තකහණියක්ම කිව්වෙ නැත්තන් ආයම උන්දැගෙ රක්තවර්ණ ස්ප්‍රේ එක නාගන්ට වෙන හින්ද.
" අන්න ඒක..අන්න ඒක..හරි... පුතා ඉතින් ඔව්ව දන්නවනෙ "
" මාම මොකක්ද ඉතින් ඔය පාපෝච්චාරණයක් ගැන කියන්ට ආවෙ ? "
" ආ..මම මේ ඇහුවෙ පුතේ උඹත් ආවෙ පාපෝච්චාරණය කරන්ට ද කියල."
" මොකක්? මොනවට පාපෝච්චාරණය කරන්ටද? "
" මොනවට හරි ඒකෙ ප්‍රස්නයක් නෑ. මොකක් හරි ඕනම අපරාදයක් ගැන පාපෝච්චාරණය
කලෑකි. ඒ ඔක්කොම අපි බොහොම පැහැදිලිව බෝල අකුරෙන් ලියාගන්නව.පාපොච්චාරණ
ලියාගන්ටම අපි මේ පෙරේද තාවකාලිකව බඳව ගත්ත හොඳ අපූරු බෝල අකුරු ලියන්ට
ඇහැක් ගෑණු ලමයි හතර දෙනෙක්ම. "
<<සම්පූර්ණයෙන් කියවන්න>>
දේශපාලනේ පැත්තට බර උනාට අංක තුනට ඉන්නේ -JP-
සෞඛය ඇමති තුමා : සර් දැන් බලන්න මේ
මිනිස්සු තෙල් සීනි මිරිස් එතකොට මස් බටර් චීස් අරවා මේවා වැඩිපුර කාලා
ලෙඩ වෙනවානේ . ඉතින් ඔය ඔක්කොටම බදු ගහන්න ඕනේ මිනිස්සුන්ට කන්න බැරි වෙන්න
. ගුණ කෑම විතරක් මිළ අඩු කරමු .....මම දොස්තරනේ මම දන්නවා
ඒත් ඔහේ දත් දොස්තර නේද ? හරි කමක් නෑ ... එහෙම බලපුවම කන්න මොකුත්ම ඉතිරි වෙන්නේ නෑ නේ ..එතකොට මොනවද එතකොට මිනිස්සුන්ට ගුණ කෑම හැටියට ඔබතුමා යෝජනා කරන්නේ
සර් මම යෝජනා කරනවා ගෝවා , පතෝල සහ පුවක්
සමාජ සුභ සාධක නියෝජ්‍ය ඇමති : සර් අපි බදුත් වැඩි කරලා ඕවා කන එවුන්ට මරණ දඬුවමත් දෙමුද
ඒක මම පාර්ලිමේන්තුවට යොමු කරනවා . වෙන මොකුත් යෝජනා තියෙනවද ?
ප්‍රවාහන ඇමති : සර් , මේ මිනිස්සු ගේ
ව්‍යායාම අඩු නිසාත් ලෙඩ වෙනවා , ළඟ කඩේටත් යන්නේ වාහනේ . මම යෝජනා කරනවා
සර් මේ වාහන ඔක්කොටම අම්බානකට බදු ගහමු කියලා එකෙකුටවත් යන්න බැරි වෙන්න .
<<සම්පූර්ණයෙන් කියවන්න>>
අංක හතරත් හොඳටම දේශපාලනේට බරයි ඒත් අතඅරින්න බෑනේ මේ -
කලාමැදිරියා-
අපේ ගෙදර කුස්සිය පැත්තෙන් බරස් බරස් ගාන සද්දෙත් එක්ක ගොරෝසුවට සිංදුවක් ඇහෙනවා.
"පෙම් ලොවදී දුටු ඔහුමද මේ ,ඔහුට ද මා අන්ධ වුනේ".....
මම හිමීට කුස්සියට එබිලා බැලුවා..
අපේ ආච්චි හිරමනේ වාඩි වෙලා පොල් ගානවා
සීයා වංගෙඩිය උඩ වාඩි වෙලා සිංදුවක් කියනවා
"පෙම් ලොවදී දුටු ඔහුමද මේ
ඔහුටද මා අන්ධ වුණේ
මිදි යුෂ යයි රැවටී හලා හල
විෂ බිව්වේ ඇයි මා
පෙම් දැල මැද පැටලී සුසුම් ලා
මුලා වුණේ ඇයි මා............."
<<සම්පූර්ණයෙන් කියවන්න>>
අවසානයටම -Chamara Sumanapala-
හෝම්ස්: වොට්සන්, අද අපිට හරිම බැරෑරුම් ප්‍රශ්නයක් එන්න නියමිතයි
වොට්සන්: ඈ හෝම්ස්, ඒ මොකක්ද ඒ? අයිසිස් එකේ බ්‍රිතාන්‍ය මෙහෙයුමද?
හෝම්ස්: නෑ නෑ... ඒ ප්‍රශ්නෙ අපි උපාය දූතයො දාල ඉවර කළා නෙ. දැන් ඉතින්
ලෙස්ට්‍රෙඩ් වගේ පොලිස්කාරයෙකුට වුණත් පුලුවන් ඕක ඉවර කරන්න. දැන් ඒ
ඔපරේශන් එකේ කිසි ගතියක් නෑ... අනික අපේ මහ රැජිණගෙ ආණ්ඩුවට ඕඩර්ස් ඇවිත්
තියෙනව ඒක පස්සෙන් වැඩිය එලවන්න එපා කියල.
වොට්සන්: අම්මප? ඒ කාගෙන් ද?
හෝම්ස්: වොට්සන්... මිසිස් හඩ්සන් උනත් ඒ කාගෙන් ද කියල කියාවි. ඔය මොළේ පාවිච්චි කරනව යකෝ!
වොට්සන්: ආ, තේරුණා. අත්ලන්තික් සාගරෙන් එහා පැත්තෙ ඉඳන් නේද?
හෝම්ස්: අන්න හරි
වොට්සන්: දැන් ප්‍රශ්නෙ මොකක්ද?
හෝම්ස්: මේක මේ ලංකාව කියන රටේ සිද්ධියක්. ලංකාව ගැන දන්නව නේද?
වොට්සන්: අපොයි මොකද මම නොදන්නෙ? අර මෙහෙ වෙන දේවල් මුකුත් නොවෙන රට නේද? එංගලන්තෙ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ කියන එක
<<සම්පූර්ණයෙන් කියවන්න>>
මට මේ දවස් වල කියවන්න ලැබුන ඒවයි ඔය.... තව තියනවද දන්නේ නෑ...
ප. ලි.
චාමරට සිරාවටම මළ පනීද දන්නෑ එයාගේ එක අන්තිමට දැම්මා කියලා......