Thursday, March 22, 2012

වජීගේ කතන්දර.....

වජී කියන්නේ අපේ නිල ප්‍රවාහන සැපයුම්කරු.... එහෙම නැතිනම් උදේ හවස අපි Office යන එන වාහනේ Drive කරන මල්ලි.... මූ ඇවිල්ලා අර ඔලුව කැඩිච්ච ඉස්කුරුප්පු ඇණයක් වගේ භාණ්ඩයක්. මාසෙකට විතර සැරයක් හොඳ මඤ්ඤං වැඩක් කරනවා....


- ඔය මඤ්ඤං කියන වචනේ අපේ රෝසි අක්කා කියවන්නේ ‘මකදකදං‘ කියලා... එයා ලඟ ඒකට කතාවක්ම තියනවා “දවසක් මං කොම්පකදකද වීදියේ යනකොට පිපිකදකද කඩයක් ඇතුලේ පූසෙක් කදාව් කදාව් කියනවා“ කියලා... -


හරි දැන් ඇඩ් ඉවරයි ආයෙත් වජීගෙ කතාවට..... මුගේ පහුගිය දවස් වල හිට් වෙච්ච කතා කීපයක්ම තියනවා ඒකෙන් කතා තුනක්ම මම සම්බන්ධ ඒවා....




වජී දවසක් මමත් එක්ක වැල්ලවත්ත පැත්තට ගියා පොඩි වැඩ වගයකට. ගිහින් එනකොට රෑ 8 විතර වෙලා. දැන් අපි දෙන්නා Marine Drive එකේ ආපහු බම්බලපිටිය පැත්තට එනවා. මෙහෙම එනකොට අපේ මූණට ටිකක් සැර හෙඩ් ලයිට් පාරක් වදිනවා..... වජිය අරූට ඩිම් කරන්න කියලා උගේ වාහනේ හෙඩ් ලයිට් දෙතුන් පාරක් ගැහුවා, ඒත් මොනවත් වෙනසක් නෑ..... 


දැන් මූ හෝ ගාලා අර ඉස්සරහින් එන එකාට බනිනවා... වාහනේ ඇතුලේ කුණුහරුප එකයි..... ටිකක් ඒ වාහනේට ලංවෙනකොට අපිට පේනවා අනිත් වාහන වලට වඩා ටිකක් උඩින් තමයි ඒකේ හෙඩ් ලයිට් තියෙන්නේ කියලා.... බලද්දි මොකක්ද ඒ???? 


බම්බලපිටිය ස්ටේෂන් එකේ තියෙන කෝච්චියක්..............






දෙවනි කතාව උනේ අර Arash ගේ Broken Angel  සින්දුව හිට් වෙච්ච කාලේ......




මේ කාලේ වජී, අක්කි මෙහෙයවපු අපේ ඉංග්‍රීසි පන්තියේ සාඩම්බර ශිෂ්‍යයෙක්.... 


පන්තියේදි මුන්ට කියලා දවල් වරුවේ යන එනකොට ඇහෙන ඉංග්‍රීසි සින්දු වගේ දේවල් වල තේරුම මොකක්ද කියලා හොයාගන්න උත්සාහ කරන්න කියලා. නොතේරෙන වචන Dictionary එකෙන් බලන්නත් කියලා.... 


වජියගෙ කරුමෙට මූට ඇහිලා තියෙන්නේ මේ සින්දුව..... පොර කොහොම හරි සෑහෙන දුරට සින්දුවේ තේරුමත් හොයාගෙන. ඒත් එක තැනක පොර හිරවෙලා... Dictionary එකේ බලලත් තේරුම්ගන්න බැරිඋන තැන, හවස ගෙදර යන ගමන් මූ මගෙන් ඇහුවා ප්‍රශ්ණෙ....


“අයියේ අර සින්දුවේ නමේ තේරුම මට හිතා ගන්න බෑනේ....... ඒන්ජල් නම් අර මාලුවානේ.... ඒත් ඇයි ඌව කඩන්නේ....????“




තුන්වෙනි කතාවනම් සිද්දඋනේ මේ ලඟකදිමයි.... 

මේ දවස්වල රේඩියෝ එකේ යනවනේ Amana Takaful කියලා ඉන්ෂුවරන්ස් එකක ඇඩ් එකක්.... මේකේ අන්තිමට කියනවා “ඉන්ෂුවරන්ස් ගැන දැනගන්න අමතන්න Amana Takaful - *************  කියලා.

මම දවසක් වජියට Amana Takaful එකේ Office එකක් පෙන්නලා කීවා “මල්ලි අර අළුත් ඉන්ෂුවරන්ස් ඇඩ් එක මේ ගොල්ලන්ගේ“ කියලා. එතකොට මූ කියනවා

“ආනේ අයියේ.... Amana Takaful කියන්නේ Company එකක්ද??? මම මෙච්චර කල් හිතාන හිටියේ ඉන්ෂුවරස් එකක් ගන්න ඕනෙ උනොත් අර දීල තියන නොම්මරෙන් Amana Takaful කියන ගෑණිට කතා කරහම එයා ඒ ගැන විස්තර කියල දෙනව කියලනෙ....“

හැබැයි අපේ කොල්ලො නම් කියන්නනේ මූ අර නම්බරේට කතා කරලා “මට Amana Takaful ට කතාකරන්න ඕනේ“ කීවා කියලා තමයි..........

Friday, March 2, 2012

අනං මනං....

පහුගිය ටිකේ පුදුම විදියට වැඩ වල හිරවෙලා හිටියේ. ඒ මදිවට ප්‍රොජෙක්ට් එකක් කරන්න පටන් අරන්, සති දෙකෙන් දෙකට ඒකේ ප්‍රෝග්‍රෙස් දෙන්න ඔනෙ.... ඉතින් ලෝක තියන බොරු ඔක්කොම දාලා එක ප්‍රෝග්‍රෙස් රිපෝට් එකක් යාංතං deadline එකට දීලා ඉවර කරලා අනිත් පැත්ත හැරෙනකොටම මෙන්න යකෝ අනිත් ප්‍රෝග්‍රෙස් රිපෝට් එක දෙන්න කාලෙ ඇවිල්ල..... වෙලාවකට හිතෙනවා කරගත්ත මෝඩකමක් කියලා....


මේ දවස්වල අපේ කාට කාටත් ප්‍රශ්ණ, එක එක ලෙඩ, මරණ, මඟුල්(ඒවට යනව කියන්නේ ඉතින් මරණෙකට හපන් නේ)..... හැබැයි මට හිතෙන විදියට මේ කොයි කාගෙනුත් ලොකුම ප්‍රශ්ණේ තියෙන්නේ චූටි මල්ලිට..... මම දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුවා.... ඒ හැමෝම මගේ අදහසට එකඟයි.


කොහොම හරි කොල්ල මේ දවස් වල සෑහෙන අප්සට් එකේ ඉන්නේ.... රෑට පොර අමුතු හීන දකිනවලු (ඒ හීනේ කියන්න පුළුවන් උනාට ඒකේ තේරුම නම් කටක් ඇරලා කියන්න බෑ)..... ඊට පස්සේ මහ රෑ එකේ දෙකේ ඉඳන් උදේ වෙනකන් ඇහැරගෙන ඉඳලා, උදේට ඔෆිස් ඇවිත් නිදිමත නැතිවෙන්න කියලා Wild Elephant බොනවා....  ඇහුවහම කියන්නේ “අනේ මට රෑට ඇහැරුනහම ආයෙ නින්ද යන්නේ නෑ අයියේ.....“ කියලා. 


 =====>>




ඊයෙ පෙරේදා දවසක Boss බැනලත් තිබ්බා චූටි මල්ලිට “මීට වඩා වගකීමක් අරන් වැඩකරන්න“ කියලා.... මූ බැනුම් අහලා ඇවිත් අපිට කීවේ මොකක්ද දන්නවද?? “අයියේ මම වගකියන්න කැමතියි..... ඒත් කවුරුවත්ම මට කාටහරි වගකියන්න අවස්ථාවක් දෙන්නේ නෑනේ....“ කියලා


ඒ වගේම පොරට ලඟකදි ඉදන් හරියට අමතක වෙනවා. මේ දැන් කියන දේ ටිකකින් මතක නෑ.... ඊයෙ ගෙදර දොර වහන්නෙත් නැතිව ඔෆිස් ඇවිල්ලා තිබුනා. හවස ගෙදර ගියහම තමයි දන්නේ උදේ දොර වැහුවේ නෑ කියලා.... වෙලාවට හොරුනම් ඇවිල්ලා නෑ. 


අනිත් කාරනේ තමයි මේ දවස්වල පොරගේ බීමේ කිසිම පිළිවෙලක් නෑ... එක දවසක කුජීතම වෙන්න ගහන බුවා, තවත් දවසක් අපි බොනකන් නොබී බලාන ඉන්නවා. ඊලඟ දවසේ ටිකක් ලාවට බොනවා.....


දවසක් අපිත් එක්ක බීච් ගිය මූ කන පාත්වෙන්න බීලා කබරයා දානවා. අපිත් අමාරුවෙන් රෑ 9ට විතර මූව වාහනේ දාගෙන එනවා. වාහනේ ටිකක් යනවා, ආයෙ මූට කබරයා දාන්න අයින් කරලා නවත්තනවා..... මෙහෙම වැඩේ යද්දි හොඳටම මල පැනපු අපේ රංග මල්ලි කියනවා “අනේ අයියේ.... මූ මෙහෙම අපිව කුජීත කරන්නේ නැතිව කෙලින්ම කියනව නම් මට මේක ඕනෙ කියලා.... මම 50ක් මරලා හරි ගෙනත් දෙනවා බං.... ඊට පස්සේ එල්ලුම්ගස් යනඑක මීට සැපයි“ කියලා 


මම හිතාගෙන හිටියේ චූටි මල්ලි පිස්සු කෙලින්නේ Exam ලඟ හින්දා කියලා.... ඒත් ඌම ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරා එහෙම නෑ කියලා. අපේ පියා ඇතුලු ගොඩක් දෙනා නම් කියන්නේ මල්ලිට ගෑනු ළමයෙක් ගැන හිතක් පහලවෙලා කියලා.


හැබැයි වැඩේ කියන්නේ මේ ගෑනු ළමයව අපේ පොඩි මල්ලිත් දන්නවා.... දැන් මුන් දෙන්නා කෙල්ල බෙදාගන්න බැරුව මරාගනීද දන්නෙ නෑ කියලා කීවහම පොඩි මල්ලි කියන්නේ “එහෙම නෑ.... අපි එකගෙයි කන්නයි හිතාගෙන ඉන්නේ....“ කියලා.



මේ ගැන අපේ පියා නම් කියන්නේ.... එකගෙයි කනකොට, චූටි මල්ලි දවසට තුන් වේලක් කෑවොත් පොඩි මල්ලි අඩුම ගානේ දවසට වේල් හතඅටක්වත් කාල තමයි පස්ස බලන්නේ.... කියලා


ප.ලි. 

එකගෙයි කෑම දන්නේ නැති එකෙක් ඉන්නවම් පොඩ්ඩක් කියපල්ලා.... මම පැහැදිලි කිරීමක් දාන්නම්.

Thursday, March 1, 2012

ඇය නැවතත් සිනාසෙනවා......





ඇය සිනාසෙන අද දින ඇයට ලඟා කර දෙන්නට හදවතින්ම ඇයගේ නිරෝගී බව පැතූ ඔබ සැමට අනේක වාරයක් ස්තූතියි, බොහෝම පිං !